Sofa and M.C.C. – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 31 Mar 2023 13:13:22 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sofa and M.C.C. – Divaina https://divaina.lk 32 32 සෝෆා සහ එම්.සී.සී. අරමුණු ඉස්මතු වන බවක් පෙනෙන්න තිබෙනවා https://divaina.lk/%e0%b7%83%e0%b7%9d%e0%b7%86%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%93-%e0%b7%83%e0%b7%93-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%89%e0%b7%83/ https://divaina.lk/%e0%b7%83%e0%b7%9d%e0%b7%86%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%93-%e0%b7%83%e0%b7%93-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%89%e0%b7%83/#respond Fri, 31 Mar 2023 23:49:00 +0000 https://divaina.lk/?p=137064 මහාචාර්ය තිස්ස විතාරණ

යහපාලන සමයේ රනිල් ගෙන ඒමට සූදානම් වූ ‘සෝෆා’ හා ‘එම්. සි. සී.’ ගිවිසුම ඔවුන්ගේ 2020 මහ මැතිවරණ පරාජයත් සමගින් යටපත් වූ අතර, පසුගියදා ඇමරිකානු දේශපාලන නායකයින් හතර දෙනකු, මිලිටරි හා සී. අයි. ඒ. ප්‍රධානීන් දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ කළ සාකච්ඡා සමගින් යළිත් අරමුණු ඉස්මතු වෙමින් පවතින බැව් ලංකා සමසමාජ පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා කොළඹ 08, ආචාර්ය ඇන්. එම්. පෙරේරා මාවතේ පිහිටි ආචාර්ය ඇන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

රනිල් ජනාධිපතිවරයා ‘සෝෆා’ ගිවිසුමකින් තොරව ත්‍රිකුණාමලයේ යුද කඳවුරක් බවට පත් කිරීමේ අවදානමක් ද, එම්. සී. සී. හරහා ඇමරිකානු බහුජාතික සමාගම්වලට ශ්‍රී ලංකාව සූරාකෑමට අවස්ථාව ලබාදිය හැකි බව ද හේ සඳහන් කළේය.

වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව මෙරට ජනතාවගෙන් 70% ක පවුල් ප්‍රමාණයක් දරිද්‍රතා රේඛාවේ පහළට වැටුණු පිරිසක් බවත්, කුඩා දරුවන්ට අවශ්‍ය ප්‍රෝටීන, ඛනිජ වර්ග හා විටමින් නොමැතිකමින් ශාරීරික වර්ධන පමණක් නොව මානසික දියුණුවත් ඇනහිට මන්දපෝෂණ තත්ත්වයක් ඇති වී ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය. 1972 – 73 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වූ අතර, ඒ අවස්ථාවේදී හත් ගුණයකින් ඛනිජ තෙල් මිල ඉහළ බවත්, ආර්ථිකය බිංදුවට වැටුණු තත්ත්වයක් මත එවක මුදල් ඇමැති ආචාර්ය ඇන්. එම්. පෙරේරා මහතා 1975 වනවිට ඩොලර් සංචිත බිලියන හතර දක්වා නංවාලීමට ක්‍රියා කළ බැව් ද සඳහන් කළේය. ඒ සමගම 1975 දී ජනතාවට ඉතා වාසි ගෙන දෙන අයවැයක් ඉදිරිපත් කිරීමට ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා සමත් වූ බවත්, රනිල් බැසිල් වත්මන් ආණ්ඩුව පන්නා දමා ජනතා රජයක් පිහිටුවා ගත යුතු බැව් ද හේ තවදුරටත් සඳහන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ආණ්ඩුවේ කම්කරු සම්මේලනයේ නියෝජ්‍ය සභාපති පී. කේ. සිරිසේන, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනයේ ලේකම් එම්. ඩී. ආර්. අතුල යන මහත්වරු ද මෙහිදී සිය අදහස් පළ කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, කොළඹ මහා නගර සභා හිටපු මන්ත්‍රී එල්. ආර්. ස්ටීවන් යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට එක්වූහ.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b7%9d%e0%b7%86%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%91%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%93-%e0%b7%83%e0%b7%93-%e0%b6%85%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%89%e0%b7%83/feed/ 0