Southern Road Projects – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 14 Oct 2023 20:16:04 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Southern Road Projects – Divaina https://divaina.lk 32 32 දක්ෂිණ මාර්ග ව්‍යාපෘතිවල කළමනාකාරිත්ව අවුලෙන් මිලියන 478කට දොර වැහිලා https://divaina.lk/%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ab-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bd/ https://divaina.lk/%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ab-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bd/#respond Sat, 14 Oct 2023 23:45:00 +0000 https://divaina.lk/?p=174540 කළමනාකාරිත්වයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් දක්ෂිණ මාර්ග සම්බන්ධ කෙරෙන ව්‍යාපෘතිය සඳහා ලබා ගෙන තිබූ ණය මුදලින් රුපියල් මිලියන 478ක මුදලක් ව්‍යාපෘතිය සඳහා ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙකී ව්‍යාපෘතිය සඳහා ණය පහසුකම් සපයා තිබූ අතර එකී ආයතනය විසින් ණය අවසන් දිනය දීර්ඝ කර තිබුණි. එහෙත් කළමනාකාරිත්වයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ණය කල් ඉකුත්වීමට පෙර සම්පූර්ණ ණය පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට ව්‍යාපෘතිය මගින් කටයුතු කර නොතිබුණි. ණය පහසුකම් පලදායි ලෙස උපයෝජනය කිරීමට කටයුතු කළ යුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ මෙකී ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය ශේෂය භාවිත කිරීමට අනුමත කර ණය මුදල් භාවිත කිරීමේ කාලය ඉකුත් (2022) වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බවය. එහෙත් ණය මුදල් භාවිත කිරීම 2022. 06. 30 දක්වා සීමා කර තිබූ බැවින් මෙකී ණය මුදල නොගෙන ණය මුදල අවසන් කිරීමට කටයුතු කළ බවය.

ලලිත් චාමින්ද

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ab-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c-%e0%b7%80%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bd/feed/ 0