Sri Lanka Afghanistan Match – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 29 Oct 2023 18:04:35 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lanka Afghanistan Match – Divaina https://divaina.lk 32 32 ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අද පූනේ පිටියට – ලහිරු වෙනුවට චමීර https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/#respond Sun, 29 Oct 2023 23:40:00 +0000 https://divaina.lk/?p=176980 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය පූනේ හි මහාරාෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (30 වැනිදා) ප. ව. 2.00 ට ආරම්භ වීමට නියමිතය.

අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ක්‍රීඩා කරන හයවැනි තරගය වන අතර පළමු තරග තුනෙන් පරාජයට පත්වූ ශ්‍රී ලංකාව නෙදර්ලන්තයට සහ එංගලන්තයට එරෙහිව ජයග්‍රහණ ලබමින් ඉදිරියට පැමිණියේය.

එම ජයග්‍රහණ දෙකත් සමග ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පස් වැනි ස්ථානයේ රැඳී සිටින්නේ අවසන් පූර්ව තරග අවස්ථා සඳහා ද බලාපොරොත්තු ඇති කර ගෙනය.

ඒ අනුව එකී බලාපොරොත්තු තව දුරටත් ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව අද තරගයට පිවිසෙන අතර ඒ සමගම තවත් ක්‍රීඩකයකුගේ සේවය ආබාධයක් හේතුවෙන් අද තරගයේදී ද අහිමි වී ඇත.

එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවැති තරගයේ ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වීරයා වූ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයකට ලක් වීම මත සංචිතයෙන් ඉවත්ව ඇත.

ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවා ඇති අතර අද තරගයේ දී බොහෝ දුරට චමීර ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.

එමෙන්ම තරගාවලියේ මෙතෙක් පැවති තරග 5 තුළදී එක් තරගයක පමණක් අර්ධ ශතකයක් ලැබූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න කණ්ඩායමට කැඳවීමේ අවස්ථාවක් ඇති බවද වාර්තා වේ.

දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 44 කදී කඩුලු 50 ක් බිඳ හෙළා ඇති අතර අවසන් වරට ඔහු එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළේ පසුගිය ජූලි මාසයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිවය.

එම තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 113 කට සීමා කළ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ප්‍රධානියා වූ චමීර ලකුණු 63 කට කඩුලු 4 ක් දවා ගෙන තරගයේ වීරයා ද වූයේය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය එක් දින ජාත්‍යන්තර තරග 11 කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 7 ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර ඇෆ්ගනිස්තානය තරග 3 ක් ජයගෙන තිබේ.

දෙරට අතර තරගවලදී එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර ලෝක කුසලාන තරගවලදී දෙරට මුණගැසුණු අවස්ථා දෙකම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

ලෝක ශූර එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පසුගිය දා ලද ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයක සිටින අතර සමබර කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු වේ.

ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ඇන්ජලෝ මැතිව්ස්, ඩිල්ශාන් මධුෂංක සහ චාමික කරුණාරත්න.

ඇෆ්ගනිස්ථාන සංචිතය

හෂ්මතුල්ලා ශහිදි (නායක), අබ්දුල් රහමන්, අස්මතුල්ලා ඔමර්සායි, ෆසාල්හක් ෆරූකි, ඊබ්‍රහිම් සද්‍රාන්, ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් නබී, මුජිබුර් රහමන්, නජිබුල්ලා සද්‍රාන්, නවීන් උල්හක්, නූර් අහමඩ්, රහ්මනුල්ලා ගුර්බාස්, රාමට් ෂා, රෂීඩ් ඛාන් සහ රියාස් හසන්
කුෂාන් සුබසිංහ පූනේ නුවර එම්.සී.ඒ. ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b7%83%e0%b7%84-%e0%b6%87%e0%b7%86%e0%b7%8a%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad/feed/ 0