Sri Lanka Air Force – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 07 Aug 2023 18:19:22 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lanka Air Force – Divaina https://divaina.lk 32 32 දෝෂය තහවුරු වනතෙක් පී. ටී. 06 යානා ගුවනට යෑම අත්හිටුවයි – ගුවන් හමුදාපති කියයි https://divaina.lk/%e0%b6%af%e0%b7%9d%e0%b7%82%e0%b6%ba-%e0%b6%ad%e0%b7%84%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b6%b1%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%93-%e0%b6%a7%e0%b7%93-06-%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%af%e0%b7%9d%e0%b7%82%e0%b6%ba-%e0%b6%ad%e0%b7%84%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b6%b1%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%93-%e0%b6%a7%e0%b7%93-06-%e0%b6%ba/#respond Mon, 07 Aug 2023 23:52:00 +0000 https://divaina.lk/?p=161222 චීනවරායේ ගුවන් අනතුර – නිලධාරීහු 2ක් මරුට

ගුවන් පරීක්‍ෂණ පියාසැරියක යෙදී ගොඩබෑමට එමින් තිබූ ගුවන් හමුදාවට අයත් පී.ටී. 06 වර්ගයේ පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීනවරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් ධාවන පථය ආසන්නයට කඩා වැටීමෙන් එහි ගමන් කළ ගුවන් හමුදා නිලධාරීහු දෙදෙනා මරුමුවට පත්වූහ.

අලුත්වැඩියාවකින් පසු පරීක්‍ෂණ පියාසැරියක යෙදුණු යානය ගුවන් පථයට ගොඩබෑමට ඉතා ආසන්නව තිබියදී ඊයේ (07 වැනිදා) පෙරවරු 11.27ට පමණ මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ගුවන් හමුදා ගුවන් ඉංජිනේරු වින්ග් කමාන්ඩර් එච්. එම්. ටී. කේ. හේරත් සහ ගුවන් නියමු නිලධාරී කේ. එම්. පී. එම්. වර්ණසූරිය යන දෙදෙනා මරණයට පත්වූහ.

මෙම අනතුරෙන් ගුවන් හමුදාවේ සිටි දක්‍ෂ නිලධාරීන් දෙදෙනකු අහිමි වූ බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ‘දිවයින’ට පැවසීය. ගුවන් පථයට පහත් කරමින් තිබියදී යානය අනතුරට ලක්ව ඇති අතර වැඩි උසක සිට එය කඩා වැටී නැති බව කී ගුවන් හමුදාපතිවරයා එය කිසිදු ගිනි ගැනීමකට ලක්ව නොමැති බව ද සඳහන් කළේය.

ගුවන් හමුදාව සතු මෙම පී. ටී. 06 වර්ගයේ පුහුණු ගුවන් යානයක් ඉකුත් 2020 වසරේ දෙසැම්බර් 15 වැනිදා කන්තලේ ප්‍රදේශයට ද කඩා වැටුණු අතර එම අනතුරින් ගුවන් හමුදා නියමු පුහුණුවේ යෙදී සිටි කෙඩෙට් නිලධාරියෙක් මරණයට පත්විය.

චීනයේ ජාතික ගුවන් තාක්‍ෂණ ආනයන සහ අපනයන සංස්ථාව වෙතින් ඉකුත් 2018 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙවන් යානා හයක් මිලදී ගත් අතර චීන වරාය ගුවන් හමුදා විiා පීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණ පක්‍ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා එම යානා යොදා ගැනිණි.

මෙම අනතුරත් සමඟ ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ විසින් විශේෂ පරීක්‍ෂණ කමිටුවක් පත් කරනු ලැබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කළේය.

සමන් ගමගේ, නෝමන් පලිහවඩන, ත්‍රිකුණාමලය – සමන් මල්ලවආරච්චි සහ කන්තලේ ඩබ්ලිව්.එම් වික්‍රමසිංහ

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b7%9d%e0%b7%82%e0%b6%ba-%e0%b6%ad%e0%b7%84%e0%b7%80%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b6%b1%e0%b6%ad%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%93-%e0%b6%a7%e0%b7%93-06-%e0%b6%ba/feed/ 0
ගුවන් හමුදාවට චීනයෙන් යානා දෙකක් මිලදී ගනී https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f/ https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f/#respond Tue, 20 Jun 2023 23:49:00 +0000 https://divaina.lk/?p=152217 Y-12 IV වර්ගයේ ගුවන් යානා 2ක් ගුවන් හමුදාව චීනයෙන් මිලදී ගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Y-12 IV වර්ගයේ ගුවන් යානා දෙකක් ලබාගැනීම සඳහා නිල ලේඛන භාරගැනීමේ උත්සවය චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන සංස්ථාවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ලියු චුවාන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අතර පසුගියදා පැවැත්විණි.

ගුවන් හමුදා ආරංචි මාර්ගවලට අනුව හාර්බින් ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි සමාගම විසින් නිෂ්පාදිත මෙම Y-12 IV යානා ගුවන් හමුදාවේ ගුවන් යානා බල ඇණියට සුවිශේෂී එකතු කිරීමක් වන අතර, මෙමගින් අප රටේ විවිධ ගුවන් සේවාවන් සහ මෙහෙයුම් ඵලදායි ලෙස ඉටුකිරීමටත් කලාපීය ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමටත් හැකි වේ. මේ සම්බන්ධයෙන් වන ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ චීන ජාතික ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන සංස්ථාව අතර 2019 දී අත්සන් කරන ලදි.

චතුර පමුණුව

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%a0%e0%b7%93%e0%b6%b1%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f/feed/ 0
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුත්තේ ඇයි? https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82/#respond Fri, 24 Mar 2023 23:51:00 +0000 https://divaina.lk/?p=135654 ශ්‍රී ලංකාව බාහිර හා අභ්‍යන්තර ආරක්ෂක අභියෝග රාශියකට මුහුණ දී ඇත. මේ නිසා ජාතික ආරක්ෂාවට තවදුරටත් ප්‍රමුඛත්වය දීම අවශ්‍යතාවයක්වේ. දූපත් රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රතිපත්ති මූලධර්මය වන්නේ එහි ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමයි.

තවද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම සහ භූ දේශපාලනික නිර්ණය සඳහා විශාල බලපෑමක් ඇති කරයි. එබැවින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක න්‍යාය පත්‍රයට තවදුරටත් ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වේ. මෑත වසරවලදී ශ්‍රී ලංකාවට අභ්‍යන්තරව මෙන්ම බාහිරවද අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුවී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ ආරක්ෂාවයි. ඒනිසා වඩා හොඳ අනාගතයක් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රටක් මහා බලවතුන් සමඟ මධ්‍යස්ථව සහ නොබැඳි ලෙස සිටීම සුදුසුය. වසර දහයකට පෙර ශ්‍රී ලංකාවේ පැවති දීර්ඝ කාලීන යුද්ධය අවසන් වීමත් සමග දිවයිනේ ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂක ප්‍රතිපත්තියේ වෙනසක් ඇති විය. ශ්‍රී ලංකාව සඳහා ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයන් විය යුතුය. මෙම ලිපිය ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා පරිවර්තනය සහ ජාතික ආරක්ෂාවට සහායවූ ආකාරය විශ්ලේෂණය කිරීමට උත්සාහ කරයි.

ශ්‍රී ලංකා යුද හමුදාව

ලෝක බැංකු දත්තවලට අනුව, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට දෙකකට ආසන්න මුදලක් ආරක්ෂාව සඳහා වැය කර ඇත. තවද ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රමාණය 2017 සහ 2019 අතර පුද්ගලයන් 317,000 කින් උපරිම විය. රෙජිමේන්තු පද්ධතියක් මත ව්‍යුහගත වූ ශ්‍රී ලංකා යුද හමුදාව 1881 දක්වා ලොව ප්‍රමුඛතම හමුදා බළකායන්ගෙන් එකකි. 1985 සිට වසර පහළොවක කාලය තුළ හමුදාවේ බොහෝ පරිවර්තනයන් සිදු විය. තවද බොහෝ රෙජිමේන්තු අතර සිංහ, ගැමුණු සහ ගජබා යුද හමුදාවේ පැරණිතම රෙජිමේන්තු කිහිපයකි.

මෑතකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකා රෙජිමේන්තුවලට අයත් දිගුදුර මෙහෙයුම් ඒකකය (LRRP) ලෝකයේ තුන්වන භයානකම විශේෂ බළකාය (militaryranks ‘info/2020) ලෙස ශ්‍රේණිගත කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හමුදා ඒකකය ගොඩබිම් සටන් හැකියාවේ වැදගත්ම බලවේගයයි. තවද පාබල හමුදාවන්ට සහාය වීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. තවද නවීන 155mm, කාලතුවක්කු, මල්ටි බැරල් රොකට්, T-55 ප්‍රධාන යුද ටැංකි සහ ටැංකි නාශක මිසයිල ශ්‍රී ලංකා යුද හමුදාව සතුයි. මෑත කාලයේ විවිධ ශාඛා ගණනාවකින් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදාව ඉහළ මට්ටමක් කරා පැමිණ ඇත. භූගෝලීය පිහිටීම අනුව අලිමංකඩ , ඉරණමඩු, පුනරීන් විඩතලතිව් ,ශ්‍රී ලංකා යුද හමුදා කඳවුරු උතුරු පළාතේ ආරක්ෂාව පවත්වා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකා යුද හමුදාව අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සිය දැක්මට අනුව ශක්තියෙන් ශක්තියට ගමන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව

උපාය මාර්ගික අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා සුවිශේෂී ආර්ථික කලාපය හි (EEZ) සමුද්‍රීය ආරක්ෂාවට අවධානය යොමු කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව දැනට ගොඩබෑමේ යාත්‍රා කිහිපයක්, වේග ප්‍රහාරක යාත්‍රා සහ වෙරළාසන්න මුර යාත්‍රාවක් සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීම සඳහා ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැදගත්ම සමුද්‍ර වත්කම් කිහිපයක් අතරින් සුපර් ඩෝරා පන්තියේ මුර සංචාරක යාත්‍රා, විශේෂ යාත්‍රා බලඝණය(SBS) ,ගොඩබෑමේ යාත්‍රා සහ නාවික හමුදාවේ ‘සමුදුර’ නෞකාවේ සිට ‘විජයබාහු ’ නෞකා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය නිරීක්ෂණ සහ සමුද්‍ර ආරක්ෂක න්‍යාය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. ත්‍රිකුණාමලය යනු බෙංගාල බොක්කෙහි පිවිසුමයි. එසේම ලොව පස්වන විශාලතම ස්වභාවික ගැඹුරු වරාය ත්‍රිකුණාමලයේ පිහිටා ඇත. ත්‍රිකුණාමල වරායේ පිහිටීම, එහි යටිතල පහසුකම් ටැංකි 103 කින් සමන්විත විශාල තෙල් ගබඩාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුර ජාතික ආරක්ෂාව සඳහා වැදගත් ආරක්ෂක ලක්ෂ්‍යයකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම් භූ දේශපාලනික නිර්ණය සඳහා විශාල බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සන්දර්භය තුළ අභ්‍යවකාශ ආරක්ෂක මූලධර්මය රටට අවශ්‍ය වේ. අනාගතයේ දී පවා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එම්අයි -24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ කෆීර් ප්‍රහාරක ජෙට් යානා හදිසි අවස්ථාවක් සඳහා අවශ්‍ය වේ. යාපනය අර්ධද්වීපයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අභ්‍යවකාශ ආරක්ෂක සහ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සම්බන්ධීකරණය කිරීමට වැදගත් ක්‍රියාකාරිත්වයක් ඉටු කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව

ශ්‍රී ලංකාව සඳහා ඉහත කරුණුවල සාරාංශයක් පෙන්නුම් කරන්නේ ස්ථාවර දේශපාලන හා සමාජ-ආර්ථික පරිසරයක් සුරක්ෂිත කිරීම සඳහා ජාතික ආරක්ෂාව ප්‍රධානතම ලක්ෂණය බවයි. හේතුව කුමක් වුවත් ජාතික ආරක්ෂකව ගැන අනාවැකි පළ කිරීම අභියෝගාත්මක කාර්යයකි. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ජයගත යුතු අභියෝග තවමත් පවතී.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුත්තේ ඇයි?

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%92%e0%b6%9a-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82/feed/ 0
යුක්රේන යුද්ධය ශ්‍රී ලංකාවට බලපෑ අයුරු https://divaina.lk/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b1-%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ba-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b1-%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ba-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/#respond Sat, 10 Dec 2022 11:55:00 +0000 https://divaina.lk/?p=115234 සමාගම් 100 කට යුරෝපා සම්බාධක
රුසියාවද සමාගම් 74 කට සම්බාධක පනවයි

ගුවන් හමුදාවේ එම් අයි 17 හෙලිකොප්ටර් අලුත්වැඩියා කළ ලිතුවේනියාවේ හෙලිසෝටා කම්හලට ද රුසියාව තහනමක් පනවා ඇත.

රුසියානු රජය මෙරට ගුවන් හමුදාවට එම් අයි 17 ප්‍රවාහන හෙලිකොප්ටර් රැසක් සපයනු ලැබීය. එහෙත් යුක්රේන යුද්ධය නිසා එම හෙලිකොප්ටර් අලුත්වැඩියාව තහනම් විය. යුරෝපා සංගමය රුසියානු හෙලිකොප්ටර් නේටෝ රටවල අලුත්වැඩියා කිරීමද තහනම් කරනු ලැබීය. රුසියාව ද නේටෝ රටවල එම් අයි 17 හෙලිකොප්ටර් අලුත්වැඩියා කරන සමාගම් 74කට උපාංග ලබාදීම නතර කළේය.

මේ පසුබිම මැද ගුවන් හමුදාවේ එම් අයි 17 හෙලිකොප්ටර් අලුත්වැඩියාවට බාධා පැමිණියේය.

යුක්රේන යුද්ධය ආරම්භ වීමට නුදුරුව තිබියදී ගුවන් හමුදාවේ එම් අයි 17 ප්‍රවාහන හෙලිකොප්ටරයක් රොටර්ඩෑම් වරාය හරහා රුසියාවේ අලුත්වැඩියා කිරීමට යැවූ නමුත් රොටර්ඩෑම් වරායේදී එම යානාව අත්අඩංගුවට ගැනුණි. ඊට පසු එම් අයි 17 හෙලිකොප්ටර් අටක් අලුත්වැඩියා කිරීම නතර විය. පසුගිය කාලයේ ලිතුවේනියාවේ හෙලිසෝටා සහ එිවියා යන සමාගම් ගුවන් හමුදා එම් අයි 17 හෙලිකොප්ටර් අලුත්වැඩියා කළ නමුත් දැන් එම රට නේටෝ රටක් නිසා රුසියානු රජය එම රටට කිසිදු එම් අයි 17 අමතර කොටස් ලබාදෙන්නේ නැත. එසේම ලිතුවේනියානු සමාගම් දෙකකට මින් මතු එම් අයි 17 හෙලිකොප්ටර් අලුත්වැඩියාව ද තහනම් කර තිබේ. යුක්රේන යුද්ධය ආරම්භ වීමට සමීපව තිබියදී ගුවන් හමුදාව ඇන්ටනෝව් 32 යානා හතරක් යුක්රේනයේ කිවු නුවර ඇන්ටනෝව් කම්හලට යවා විගස මෙරටට ගෙන්වා ගනු ලැබීය. යම් ලෙසකින් එම යානා කිවු අගනුවර තිබුණේ නම් අනිවාර්යයෙන්ම රුසියානු ප්‍රහාර එල්ල වනු නියතය.

මේ පසුබිම මැද ඉන්දියාවට ද එම් අයි 17 ප්‍රවාහන හෙලිකොප්ටර් විශාල සංඛ්‍යාවක් ඇතත් කාන්පුර්හි අලුත්වැඩියා කිරීමේ කම්හලක් ඇති නිසා යුකරේන ගැටුම බලපාන්නේ නැත. එහෙත් යුක්රේන යුද්ධය ඍජුවම බලපාන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටය. එහි ප්‍රතිඵලය නම් ජීවිතාරක්‍ෂක කටයුතු හා භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු වෙනත් ප්‍රවාහන සේවා සපයන එම් අයි 17 යානාවල සේවය නතර වීමයි. මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එම් අයි 17 හෙලිකොප්ටර් 20ක් ඇත. මෙම යානා විවිධ සේවාවන් සඳහා භාවිතා කෙරේ. එහෙත් යුක්රේන යුද්ධය නිසා එම යානා අලුත්වැඩියාව නතර වී තිබේ. මෙතෙක් එම් අයි 17 යානා අලුත්වැඩියාව නතරවීම හෝ සම්බාධක පැනවීම් ගැන අනාවරණය වී නොතිබූ අතර මේ වනවිට එම තොරතුරු හෙළිවී ඇත.

මෙම පසුබිම මැද එම අලුත්වැඩියාව සිදුවන්නේ යුක්රේන යුද්ධය නතර වුවොත් පමණකි. එහෙත් කිවු අගනුවර ඇන්ටනෝව් කම්හල රුසියානු ප්‍රහාරවලින් මුළුමනින්ම වැනසී ඇත. එසේම නේටෝ රටවලදී එම් අයි 17 අලුත්වැඩියා කළ හැකිවන්නේ රුසියානු රජය කැමති වුවොත් පමණකි.

ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සාමසාධක බළකාය සඳහා ද එම් අයි 17 හෙලිකොප්ටර් කීපයක් සපයා තිබේ.

එම යානා ද මුහුණපා ඇත්තේ ඉහත කී තත්ත්වයටය. 2022 දෙසැම්බර් මස අවසන් වීමට තව ඇත්තේ සුළු කාලයකි. යුක්රේන යුද්ධය අවසන් වන පාටක් පෙනෙන්නට නැත. යුක්රේනයේ ඇන්ටනොව් කම්හල දැන් ලිප්සිග් නුවර ස්ථානගත කර ඇතැයි වාර්තාවේ.

පැරණි සෝවියට් ප්‍රාන්ත වූ ලිතුවේනියාව, ලැට්වියාව, උස්බෙකිස්තානය, බෙලාරුස්, ටජිකිස්තානය, එස්ටෝනියාව, අසර්බයිජානය, ආර්මේනියාව ඇතුළු රටවල එම් අයි 17 හෙලිකොප්ටර් කම්හල් ඇතත් එම රටවල් අද බටහිර රටවල් සමග සබඳකම් පවත්වන නිසා රුසියානු රජය එම රටවල ඇති අලුත්වැඩියා කිරීමේ කම්හල්වලට ද සම්බාධක පනවා තිබේ.

1993 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ මෙම එම් අයි 17 ප්‍රවාහන හෙලිකොප්ටරයක මගීන් 30කට ගමන් කළ හැකිය. එසේම ටොන් 4ක භාණ්ඩ ප්‍රවාහනය කළ හැකිය. වන්නි මෙහෙයුමේදී සෙබලුන් ප්‍රවාහනය සඳහා මෙම හෙලිකොප්ටර් දායක විය. කොටි ත්‍රස්තයන් සමග පැවති සටනේදී එම් අයි 17 රුසියානු හෙලිකොප්ටර් මෙරට ගුවන් හමුදාව මිලයට ගනු ලැබුවේ බටහිර රටවල් ශ්‍රී ලංකාවට ප්‍රවාහන හෙලිකොප්ටර් සැපයීම ප්‍රතික්‍ෂේප කර තිබියදීය.

● කීර්ති වර්ණකුලසූරිය

]]>
https://divaina.lk/%e0%b6%ba%e0%b7%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%b1-%e0%b6%ba%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b6%ba-%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a/feed/ 0
එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගුවන් හමුදාවේ දෙවැනියා https://divaina.lk/%e0%b6%91%e0%b6%ba%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8a-%e0%b6%8b%e0%b6%af%e0%b7%9a%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%91%e0%b6%ba%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8a-%e0%b6%8b%e0%b6%af%e0%b7%9a%e0%b6%b1/#respond Sat, 17 Sep 2022 23:31:00 +0000 https://divaina.lk/?p=98484 එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ. 1969 වසරේ උපත ලද එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 1988 ඔක්තෝබර් 06 වැනි දින, 6 වැනි නිලධාරී ශිෂ්‍යභට බඳවාගැනීම් අංශයේ කැඩෙට් නිලධාරියකු ලෙස රත්මලාන කොතලාවල ආරක්ෂක ඇකඩමියට එක්වූ ඔහු, පසුව කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ මූලික සටන් පුහුණුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 1 පියාසර පුහුණු ලබා, 33 වැනි ගුවන් ශිෂ්‍යභට පාඨමාලාවේ දක්ෂතම ගුවන් ශිෂ්‍ය භටයා බවට පත්විය. අනතුරුව ඔහු උසස් පියාසර පුහුණුව අංක 2 බලඝණය, ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේදී ලබා ගත්තේය.

එයාර් වයිස් මාර්ෂල් රාජපක්ෂ ප්‍රභූ සහ සුවිශේෂ පුද්ගල ප්‍රවාහනය සම්බන්ධ නියමුවකු වන අතර, ගුවන් යානා වර්ග 10ක් පියාසර කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. සටන් සහ ප්‍රවාහනය සඳහා පියාසර කරන පැය 7000කට වඩා වැඩි කාලයක් රැස් කරගෙන ඇති එයාර් වයිස් මාර්ෂල් රාජපක්ෂ, ඉහළම උපකරණ ශ්‍රේණිගත කිරීම දරණ නිලධාරියෙකි.

එයාර් වයිස් මාර්ෂල් රාජපක්ෂ 2020 වසරේ අණදෙන නිලධාරියා ලෙස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයට අණ දුන් අතර නැගෙනහිර පළාත් ගුවන් හමුදා අණදෙන නිලධාරී ලෙස පත් කරන ලදි. අනතුරුව ඔහු කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී, දක්ෂිණ ගුවන් හමුදා අණදෙන නිලධාරී සහ සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරි (ගුවන් ආරක්ෂක) ලෙස කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවා කාලය තුළ වගකීම් භාර ගත්තේය. ඔහු 2022 මාර්තු 18 සිට බලපැවැත්වෙන පරිදි ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

බංගලාදේශයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, පකිස්ථානයේ පියාසර ආරක්ෂක නිලධාරීන්ගේ පාඨමාලාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ උසස් ආරක්ෂක සහයෝගිතා පාඨමාලාව ඇතුළු විදේශීය පුහුණු පාඨමාලා ගණනාවක්ම හදාරා ඇති එයාර් වයිස් මාර්ෂල් රාජපක්ෂ, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ප්‍රථම උපාධිය සහ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා තිබේ.

එක්සත් රාජධානියේ රාජකීය ආරක්ෂක අධ්‍යයන විද්‍යාලයේ (RCDS) ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපායමාර්ගික නායකත්ව අධ්‍යයනය පිළිබඳ උපාධිධාරියෙක් වන එයාර් වයිස් මාර්ෂල් රාජපක්ෂ දක්වන ලද නිර්භීතකම වෙනුවෙන් ඔහු තුන් වතාවක් රණ සූර පදක්කමෙන් පිදුම් ලැබීය.

මීට අමතරව එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ,

ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර 2010 වසරේ ටෙනිස් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ ලබා තිබේ. කමාන්ඩර් කුසලාන, ඊගල්ස් අභියෝගතා කුසලානය දිනාගත් එකම ගුවන් හමුදා නිලධාරියා ද ඔහු වේ. 2021 වසරේ ගොල්ෆ් ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ ඔහු ලබා ගත්තේය.

]]>
https://divaina.lk/%e0%b6%91%e0%b6%ba%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a-%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b6%bd%e0%b7%8a-%e0%b6%8b%e0%b6%af%e0%b7%9a%e0%b6%b1/feed/ 0