Sri Lanka Cricket ODI – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 23 Jun 2023 17:29:16 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lanka Cricket ODI – Divaina https://divaina.lk 32 32 වනිඳු, ලහිරු සහ දිමුත් ශ්‍රී ලංකාවට පහසු ජයක් ගෙනෙති https://divaina.lk/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%bd%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%bd%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/#respond Fri, 23 Jun 2023 23:55:00 +0000 https://divaina.lk/?p=152863 ලකුණු 13 කට කඩුලු 5ක් දවා ගත් වනිඳු හසරංග ගේ සහ ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් ලහිරු කුමාරගේ පන්දු හමුවේ හිස ඔසවන්නට ඉඩක් නොලද ඕමාන කණ්ඩායමේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 98 ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී තවත් පන්දු වාර 35 ක් ඉතිරිව තිබියදී ඉක්මවා යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊයේ (23 වැනිදා) සමත් වූහ.

එහිදී විශිෂ්ට පිති හරඹයක නිරත වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ දෙදෙනා පන්දු වාර 15 ක් තුළ ලකුණු සියයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහනය ගෙනත් දුන්හ.

දිමුත් කරුණාරත්න පන්දු 51 කදී ලකුණු 61 ක් ලබාගත් අතර මෙම අර්ධ ශතකය දිමුත් නොකඩවා එක දිගට තරග හතරක් තුළ ලැබූ සිව් වැනි අර්ධ ශතකය විය.

එහිදී තමන් මුහුණ දුන් පන්දු 51 න් පන්දු 8 ක් හතරේ සීමාවට යොමු කිරීමට ඔහු සමත් වූයේය.

දිමුත්ට වඩා සෙමෙන් ඉනිමක් ගොඩනැඟූ පැතුම් නිශ්ශංක නොදැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 37 කි.

පන්දු තිස් නවයක් තුළ වාර්තා වූ පැතුම්ගේ ඉනිමට හතරේ පහර 5ක් අන්තර්ගත විය.

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 11 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර බුලවායෝ හී දී පැවැති එම තරගයේ ජයග්‍රහණයත් සමග “බී” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.

තමන් සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 4 ක් හිමි කරගෙන සිටින අතර ඔවුන් ගේ ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය + 4.220 ක් වේ. එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන ඕමාන කණ්ඩායම තරග තුනකට සහභාගි වී එක් තරගයක් පරාජය වී තරග දෙකක් ජයග්‍රහනය කර ඇත.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕමානයට ලබා දුන් අතර වනිඳුගේ සහ ලහිරුගේ පන්දු හමුවේ අසරණ වූ ඔවුහු පන්දු වාර 30.2 ක් අවසානයේ ලකුණු 98 කට සියලු දෙනා දැවී ගියහ.

පළමු කඩුලු 4 ලකුණු 20 ක් තුළ දවා ගැනීමට ලහිරු කුමාර හා කසුන් රාජිත සමත් වූ අතර අනතුරුව 5 වෙනි කඩුල්ල වෙනුවෙන් ජටින්ඩර් සිං සහ අයාන් ඛාන් අතර ලකුණු 52 ක සම්බන්ධතාවයක් පන්දු 64 ක් තුළ වාර්තා විය.

ජටින්ඩර් ලකුණු 21 කට ද වනිඳු හසරංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදී දැවී යෑමත් සමග ඕමාන කණ්ඩායමේ දෙවෙනි කඩා වැටීම ආරම්භ වූ අතර වනිඳු එම පන්දු වාරය නිමා කළේ කිසිදු ලකුණක් නොදී තවත් කඩුලු 2 ක් එම පන්දු වාරයේදී දවා ගනිමිනි.

අනතුරුව තවත් කඩුලු දෙකක් දවා ගනිමින් කඩුලු 5 සීමාවට අවතීර්ණ වූ වනිඳු පසුගිය තරගයේ දී ද කඩුළු හයක් දවා ගැනීමට සමත් වූ අතර ඒ අනුව මෙම තරග දෙකේදී පමණක් වනිඳු හසරංග කඩුලු 11 ක් දවාගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති එම තරගයේ මෙන්ම ඊයේ පැවති තරගයේ ද වීරයා බවට වනිඳු සම්මාන ලැබීය.

ඕමාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අයාන් ඛාන් පන්දු 60 කින් ලකුණු 41 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගිනි.

ලකුණු සාරාංශය

ඕමානය
පන්දු වාර 30.2 ලකුණු 98/10
අයාන් ඛාන් 41, ජටින්ඩර් සිං 21
වනිඳු හසරංග 13/5, ලහිරු කුමාර 22/3

ශ්‍රී ලංකාව
පන්දු වාර 15 යි ලකුණු 100
දිමුත් කරුණාරත්න 61, පැතුම් නිශ්ශංක 37.

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b6%b1%e0%b7%92%e0%b6%b3%e0%b7%94-%e0%b6%bd%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b7%83%e0%b7%84-%e0%b6%af%e0%b7%92%e0%b6%b8%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%81%e0%b7%8a/feed/ 0
මෙන්ඩිස් ගේ ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනට https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%95%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%95%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92/#respond Thu, 22 Jun 2023 23:55:00 +0000 https://divaina.lk/?p=152618 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය යටතේ සහභාගි වන දෙවන තරගය අද (23 වැනිදා) ඕමානයට එරෙහිව පැවැත්වේ.

සිම්බාබ්වේ බුලවායෝ හි පිහිටි ක්වීන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව තරග වදින ‘බී’ කාණ්ඩය යටතේ මේ වන විට පෙරමුණ ගෙන සිටින ඕමාන කණ්ඩායම ඔවුන් සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු හතරක් හිමි කරගෙන තිබේ.

අයර්ලන්තයට එරෙහිව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කර ජයග්‍රාහී මානසිකත්වයකින් ඕමාන කණ්ඩායම ඒ අනුව අද ශ්‍රී ලංකාව මුණගැසේ.

තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් ලකුණු 175 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එහිදී කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් හතර දෙනාම අර්ධ ශතක ඉක්මවා ලකුණු ලබා ගැනීම සහ වනිදු හසරංග ගේ පන්දු යැවීම කැපී පෙනුණි.

එම තරගය සඳහා ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මේ වන විට සුවය ලබා සිටීම ශ්‍රී ලංකාවට තවත් අමතර ශක්තියක් වී ඇත.

ඕමාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් මහතා කටයුතු කරයි.

තරගාවලියේ ඉදිරියට යෑමට නම් මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලට ම එක සේ වැදගත් වන අතර ඕමානය ලොව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී මේ වන විට 18 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව එහි 9 වැනි ස්ථානයේත් රැඳී සිටී.

අද තරගයේදී ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර හෝ දුෂ්මන්ත චමීර

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%95%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92/feed/ 0