Sri Lanka cricket women vs New Zealand cricket woman – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 30 Jun 2023 18:11:39 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lanka cricket women vs New Zealand cricket woman – Divaina https://divaina.lk 32 32 ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවෙනි තරගය – දැවැන්ත ජයක් සමගින් නවසීලන්තය තරගාවලිය 1-1 කරයි https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%99/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%99/#respond Fri, 30 Jun 2023 23:49:00 +0000 https://divaina.lk/?p=154183 සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ (30 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 111 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 329 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 218 ක් පමණි.

අයිසීසී ලෝක ශූරතා එක්දින ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ අතර නවසීලන්ත කණ්ඩායම ඊයේ ලද ජයග්‍රහණයත් සමග මේ වන විට තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයක පසුවේ.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සෝපී ඩේවින් ලකුණු 137 ක් සහ ඇමෙලියා කෙර් ලකුණු 108 ක් ලබා ගත්හ.

පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් විශිෂ්ට ශතකයක් නොදැවී වාර්තා කළ නායිකා චමරි අතපත්තු ඊයේ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා ය.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලකුණු 84 ක් වාර්තා කිරීමට කවීෂා දිල්හාරි සමත් වූවාය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ඕෂධී රණසිංහ කඩුලු 3ක් සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු දෙකක් ලබා ගත්හ.

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%99/feed/ 0
ශ්‍රී ලංකා නවසීලන්ත දෙවැනි තරගය අද https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90/#respond Thu, 29 Jun 2023 23:54:00 +0000 https://divaina.lk/?p=153902 ද්විපාර්ශ්වීය තරගාවලියකට සහභාගි වීමට පළමු වරට මෙරටට පැමිණි නවසීලන්ත කණ්ඩායම සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ පළමු තරගයේ දී ලද අනපේක්ෂිත පරාජයෙන් පසුව ඔවුන් මුහුණ දෙන දෙවෙනි තරගය අද (30 වැනිදා) පැවැත්වේ.

නවසීලන්ත ක්‍රීඩිකාවන් එසේ එක් පැත්තකින් මානසිකව ඇද වැටීමකට ලක් වෙද්දී ඉතිහාසයේ පළමුවරට ප්‍රබල නවසීලන්තයට එරෙහිව එක්දින තරග ජයග්‍රහණයක් ලබා ගත් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව අද තරගයට මුහුණ දෙති.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය අයිසීසී ලෝක ශූරතා එක්දින ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග යටතේ පැවැත්වේ. අද තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් නවසීලන්තයට එරෙහිව ලද පළමු එක් දින තරගාවලි ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක් වනු ඇත.

එසේ හෙයින් නවසීලන්තය මෙම තරගය ජයග්‍රහණය කිරීම සඳහා තම උපරිම ජවය යොදනු ඇතැයි අනුමාන කළ හැකිය. පළමු තරගයේදී නවසීලන්ත කණ්ඩායම රැස් කළ ලකුණු 170 න් ලකුණු 108 ක් නොදැවී ලබා ගත් නායිකා චමරි අතපත්තුගේ කඩුල්ල දවා ගැනීම කෙරෙහි එහිදී නවසීලන්ත පන්දු යවන්නියන් දැඩි අවධානයක් යොමු කරනු ඇතුවාට සැක නැත. අද උදෑසන 10 ට ආරම්භ වන මෙම තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ගෙන් මුදල් අය නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90/feed/ 0