Sri Lanka vs Netherlands – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 22 Oct 2023 17:46:28 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lanka vs Netherlands – Divaina https://divaina.lk 32 32 සධීරගේ පිතිහරඹය ඇරඹුමක් සපයයි – ශ්‍රී ලංකාවේ පළමු ජය… https://divaina.lk/%e0%b7%83%e0%b6%b0%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b6%bb%e0%b6%b9%e0%b6%ba-%e0%b6%87%e0%b6%bb%e0%b6%b9%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%83%e0%b6%b0%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b6%bb%e0%b6%b9%e0%b6%ba-%e0%b6%87%e0%b6%bb%e0%b6%b9%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/#respond Sun, 22 Oct 2023 23:40:00 +0000 https://divaina.lk/?p=175855 පැය තුනකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් ඉවසිලිවන්ත ඉනිමන් ක්‍රීඩා කළ සධීර සමරවික්‍රමගේ විශිෂ්ට පිතිහරඹය මත 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (21 වැනිදා) ලක්නව් නුවර දී සමත් වූයේය.

නෙදර්ලන්තය සමඟ පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඒ වනවිට නොදැවී කඩුල්ලේ රැඳී සිටි සධීර සමරවික්‍රම පන්දු 107 කදී ලකුණු 91 ක් රැස් කර ගෙන තිබුණේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබා ගත් අතර කඩුලු 5 ක් සහ පන්දු 10 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව එකී ජයග්‍රහණය ලබා ගත්තේය.

තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරග 3ම පරාජයට පත්වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට පැමිණ 9 වැනි ස්ථානයට පැමිණි අතර අනතුරුව පැවැති දකුණු අප්‍රිකා එංගලන්ත තරගයෙන් එංගලන්තය පරාජය වීම මත ශ්‍රී ලංකාව තවත් පියවරක් ඉදිරියට පැමිණ 8 වැනි තැනට නම සටහන් කර ගත්තේය.

මිනිත්තු 175 ක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු සධීරගේ ඉනිමට අන්තර්ගතව තිබුණේ 4 පහර 7 ක් පමණක් වීම විශේෂ සිද්ධියකි.

ලකුණු 263 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 52 ක් ඇතුළත බිඳ දැමීමට ආර්යන් දත් සමත් වූ අතර ඒ සමග තරගය දෙපසට දෝලනය වන තත්ත්වයක් එකානා පිටියේ උදා විය.

ලකුණු අතර සිටි කුසල් ජනිත් පෙරේරා සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 05 කට සහ ලකුණු 11 කට එසේ පිළිවෙළින් දැවී ගිය අතර අනතුරුව සධීර සමරවික්‍රමට එකතු වූ පැතුම් නිශ්ශංක තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැඟුවේය.

තම 12 වැනි අර්ධ ශතකය මෙන්ම

තරගාවලියේ ලබා ගත් දෙවෙනි අර්ධ ශතකය පෙරේදා නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කළ පැතුම් වෑන් මීකරන් ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා ට උඩ පන්දුවක් ලබා දී පිටියෙන් ඉවත් වූයේය.

ඔස්ටේ්‍රලියාව සමග පසුගිය තරගයට ක්‍රීඩා නොකළ කසුන් රාජිත මෙම තරගය සඳහා ඇතුළත් කර තිබූ අතර නෙදර්ලන්ත කණ්ඩායමේ අංක 1, 2 සහ 3 පිතිකරුවන් මෙන්ම ලෝගන් වෑන් බීක් ගේ කඩුල්ල ද රාජිත ගේ නම ඉදිරියේ ලියැවිණි.

ලකුණු 49 කට කඩුලු 4 ක් දවා ගනිමින් රාජිතට අනගි සහායක් දුන් වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ මිචෙල් සැන්ට්නර් සමග තරගාවලියේ එතෙක් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණට පත්වූයේය.

ලහිරු කුමාර සහ දුනිත් වෙල්ලාලගේ වෙනුවෙන් කසුන් රාජිත සහ දුශාන් හේමන්ත කැඳවා තිබුණි.

ලකුණු සාරාංශය

නෙදර්ලන්තය

පන්දු වාර 49.4 කදී සියලු දෙනා දැවී ලකුණු 262 යි – (කොලින් ඇකර්මන් 29, සයිබ්‍රැන්ඩ් එංගල්බෙග්ඩ් 70, ලෝගන් වැන් බීක් 59, මැක් ඔඩොව්ඩ් 16, ස්කොට් එඩ්වර්ඩ්ස් 16, කසුන් රාජිත 50/4, ඩිල්ෂාන් මධුශංක 49/4, මහීෂ් තීක්ෂණ 44/1)

ශ්‍රී ලංකාව පන්දු වාර 48.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 263 යි – (සදීර සමරවික්‍රම නොදැවී 91, පැතුම් නිස්සංක 54, කුසල් මෙන්ඩිස් 11, චරිත් අසලංක 44, ධනංජය ද සිල්වා 30, අර්යන් දත් 44/3, පෝල් වෑන් මීකර්න් 39/1, කොලින් ඇකර්මන් 39/1
කුෂාන් සුබසිංහ ලක්නව් නුවර එකානා ක්‍රීඩාංගණයේ සිට

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b6%b0%e0%b7%93%e0%b6%bb%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b6%bb%e0%b6%b9%e0%b6%ba-%e0%b6%87%e0%b6%bb%e0%b6%b9%e0%b7%94%e0%b6%b8%e0%b6%9a%e0%b7%8a/feed/ 0
සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහ සටන හෙට – ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා නෙදර්ලන්තය https://divaina.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c/ https://divaina.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c/#respond Fri, 07 Jul 2023 23:55:00 +0000 https://divaina.lk/?p=155349 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම නිමිත්තෙන් පවත්වනු ලැබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හෙට (09 වැනිදා) දහවල් 12:30 ට සිම්බාබ්වේ හි හරාරේ හිදී ආරම්භ වේ.

මෙම කණ්ඩායම් දෙකම මේ වන විට ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර තරගාවලියේ ශූරයන් තේරීම නිමිත්තෙන් පමණක් මේ තරගය පැවැත්වේ.

මෙම අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් නෙදර්ලන්තය Q1 සහ ශ්‍රී ලංකාව Q2 ලෙස ලෝක කුසලානයේ තරගවදී.

ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සිට අවසන් මහා තරගයට පළමුව සුදුසුකම් ලැබූ කණ්ඩායම බවට පත්විය.

සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අවසන් තරගය ඊයේ (08 වැනිදා) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්විණි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තීරණාත්මක තරගයක පෙරේදා නිරත වූ නෙදර්ලන්තය ස්කොට්ලන්තය පරදවා තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙන්ම අවසන් මහා තරගය සඳහා ද සිය ස්ථානය වෙන් කර ගත්තේය.

එහි දී නෙදර්ලන්ත ඉනිමේ වීරයා බවට පත් වෙමින් කඩුලු 5 ක් දවාගෙන ඉන් පසු අගනා ශතකයක් රැස් කරමින් විශිෂ්ට දස්කම් දැක්වීමට බැස් ඩී ලීඩ් සමත් වූයේ ය.

ඔහුගේ එම දස්කම් නිසා 2011 වසරෙන් පසු පළමු වරට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකි විය.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගය සිය ලකුණු වේගය ඉහළ නංවමින් ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට අවශ්‍ය වූ අතර ස්කොට්ලන්තය නියමිත පන්දු වාර 50 අවසානයේ ලකුණු 277ක් රැස් කිරීමට සමත් වූයේය.

නෙදර්ලන්තයට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් පන්දු වාර 44ක් තුළ ලකුණු 278 ලබා ගැනීමට අවශ්‍ය වූ අතර බැස් ඩී ලීඩ් ගේ විශිෂ්ට ශතකය මත පන්දු වාර 42.5 කදී කඩුලු 6 ක් දැවී ඔවුහු එම ඉලක්කය පසුකර ගියහ.

බැස් ඩී ලීඩ් ලකුණු 121 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 52 කට කඩුලු 5ක් දවා ගත්තේය.

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b7%94%e0%b6%af%e0%b7%94%e0%b7%83%e0%b7%94%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bd%e0%b6%b6%e0%b7%8f-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1%e0%b7%93%e0%b6%b8%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c/feed/ 0