Sri Lankan Airlines – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 03 Oct 2023 06:10:10 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lankan Airlines – Divaina https://divaina.lk 32 32 ශ්‍රී ලන්කන් ප්‍රමාදයට හේතු බෙදාගනිති ඇමැති වෘත්තීය සමිතිවලින් විමසයි https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84/ https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84/#respond Mon, 02 Oct 2023 23:42:00 +0000 https://divaina.lk/?p=172226 ශ්‍රී ලන්කන් ගුවන් සේවාවන්හි ගුවන්යානාවල තාක්‍ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාදයන් සිදුවූ බවට ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිති ප්‍රකාශ කළත් ගුවන් සේවා පරිපාලන අධිකාරිය ගුවන්යානා ප්‍රමාදයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සිදු වූ බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02 දා) පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ වී ඇත.

මෙම සාකච්ඡාව ඊයේ (02 දා) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මේ පිළිබඳ දීර්ඝ වශයෙන් වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සහ පාලන අධිකාරියෙන් කරුණු විමසීමෙන් අනතුරුව අමාත්‍යවරයා කියා සිටියේ දැනට ගුවන් මෙහෙයුම් සඳහා තිබෙන ගුවන්යානා 21 සඳහා ගුවන් නියමුවන් 260 දෙනකු පමණ සිටින බවත්, ඒ අනුව එක් ගුවන්යානයක් සඳහා ගුවන් නියමුවන් 12 දෙනකු සේවයේ නියුතු බවත් එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බවත් ය. එමෙන්ම ජාත්‍යන්තර නීති රීතිවලට අනුව ගුවන් නියමුවකු මසකට පැය 100 ක කාලයක් පියාසර කළ යුතු වන අතර ලැබී ඇති වාර්තා අනුව පසුගිය කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් නියමුවකු මසකට පියාසර කර ඇත්තේ පැය 60 ක පමණ කාලයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කාලය අවම වශයෙන් පැය 80 ක් පමණවත් එක් ගුවන් නියමුවකු මසකට පියාසර කළේ නම් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවන බවයි.

එමෙන්ම වැටුප් හා දීමනා පිළිබඳ ගැටලුවක් ද මෙම වෘත්තීය සමිති තුළ තිබෙන බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ණයක් ද ඒ සඳහා පොලියක් ද ගෙවිය යුතු බව පැවසීය. මේ අතර පසුගිය දිනවල සිදුවූ ගුවන්යානාවල ප්‍රමාදයන් නිසා සිදුවූ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 06 ක් පමණ වන බැවින් මේ අවස්ථාවේදී සේවකයන් හට කිසිම දීමනාවක් හෝ වැටුප් වැඩිකිරීමක් සිදු කිරීමට නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

චමින්ද සිල්වා

]]>
https://divaina.lk/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8f%e0%b6%af%e0%b6%ba%e0%b6%a7-%e0%b7%84/feed/ 0
කත්මණ්ඩු ගුවන් ගමන ප්‍රමාදයි – රාජ්‍ය ඇමැති ඇතුළු මගීහු 200ක් පැය 4ක් කටුනායක හිර වෙති https://divaina.lk/%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8/ https://divaina.lk/%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8/#respond Sun, 01 Oct 2023 23:45:00 +0000 https://divaina.lk/?p=171993 නේපාලයේ කත්මණ්ඩු නුවර බලා ඊයේ (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපළ තුළ අසීරුතාවට පත්වූහ.

එම ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද විය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය ඊයේ උදෑසන 08.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබුණි. අමාත්‍යවරයා ඇතුළු ගුවන් මගීන් 200 කට අධික පිරිසක් උදෑසන 07.15 ට මෙම ගුවන් යානය තුළට නංවා ඇතත් උදෑසන 11.00 වන තෙක් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් නොතිබුණි.

භූ විෂමතාව අනුව නේපාලය කඳුකර රාජ්‍යයක් වන අතර, සවස් කාලය වනවිට කත්මණ්ඩු නුවර ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශය මීදුමෙන් වැසී යයි. මෙම ගුවන් ගමන උදෑසන පිටත්වීමට නොහැකි වීම නිසා බොහෝ විට අතහැර දැමීමට සිදු විය හැකි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේය.

ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වී ඇති බවත් මෙම ගුවන් ගමන සඳහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බවත් පසුව ප්‍රකාශ කළද එය දහවල් වනතෙක් ඉටු වී නොතිබුණි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වගකිවයුතු බවයි. මෙම ගුවන් යානය තුළ නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානා මගින් වෙනත් ගමනාන්ත වෙත යන විදේශීය සංචාරකයන් විශාල පිරිසක් සිටින බව ද හෙතෙම පැවසීය.

මේ පිළිබඳව ගුවන් තොටුපළ බලධාරීන්ගෙන් විමසූ විට මෙම සිදුවීම තාක්ෂණ නිලධාරීන් සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා හට ගෙන ඇති බවත් මෙම ගුවන් ගමන සඳහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මේ වනවිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම්, මාලදිවයින මාලේ, ඉන්දියාවේ චෙන්නායි, බංග්ලාදේශයේ ඩකා සහ ජපානයේ නරීටා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානා ප්‍රමාද වී පැමිණෙන බවට තොරතුරු වාර්තා වේ. මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත ප්‍රමාද වී පැමිණෙන ගුවන් යානා යළිත් ආපසු පිටත් වීම ද ප්‍රමාද වී සිදු වන බව ගුවන් තොටුපළ බලධාරීහු ප්‍රකාශ කළහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8/feed/ 0
හදිසි තත්ත්වයක් තිබුණේ නැහැ ගුවන් යානයේ සුළු දෝෂය නිවැරැදි කළා – ශ්‍රීලන්කන් https://divaina.lk/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%b1/ https://divaina.lk/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%b1/#respond Thu, 24 Aug 2023 23:44:00 +0000 https://divaina.lk/?p=164816 කොළඹ සිට දිල්ලි බලා පියාසර කළ යූඑල් – 195 දරන ගුවන් යානයේ හයිඩ්‍රොලික් පද්ධතියක හටගත් සුළු දෝෂයක් නිසා ආරක්ෂක පියවරක් වශයෙන් ගොඩ බැස්වීමක් සිදුකර තිබේ.

දිල්ලිවල මෙම ගොඩබැස්වීම සිදුකර නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය පියවර ගත් බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කරනු ලැබීය.

කෙසේ වෙතත් එම යානය ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදුකළ බවට හා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ බවට පැතිර යන වාර්තා අසත්‍ය බවද එම ගුවන් සේවය පවසයි. එවැනි සුළු දෝෂ තත්ත්වවලදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පුහුණුව කාර්ය මණ්ඩලය සතු බවද ගුවන් සේවය සඳහන් කරයි.

අරුණ බෝගහවත්ත

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%b1/feed/ 0
නියමුවෝ 80ක් අස්වී රට යති – ශ්‍රී ලංකන් අර්බුදයක https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9d-80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%93-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ba%e0%b6%ad%e0%b7%92-%e0%b7%81%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9d-80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%93-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ba%e0%b6%ad%e0%b7%92-%e0%b7%81%e0%b7%8a/#respond Thu, 29 Jun 2023 23:45:00 +0000 https://divaina.lk/?p=153965 ගුවන් නියමුවන් අසූදෙනකු පමණ අස්වී විදෙස්ගත වීමට පටන්ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කටයුතු පවත්වාගෙන යෑම අර්බුදයකට ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගුවන් යානා නොතිබීමත් ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගයන් නිසා ඉකුත් දිනවලදී දෛනිකව ගුවන් ගමන් වාර පහක් පමණ අවලංගු කිරීමට සිදුවී තිබිණි. මේ අතර කොරියාව බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර අවලංගු වීම නිසා එරට රැකියාවලට යෑමට සිටි ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසකට නියමිත දිනයේ එරටට යෑමට නොහැකි විය.

මේ වනවිට ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් හා ගුවන් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අස්වී විදෙස් රටවල ගුවන් සමාගම්වල සේවයට යෑම වේගවත් වී තිබෙන අතර දැනටමත් සමාගමේ සිටි ගුවන් නියමුවන් හා ප්‍රවීණයන් පනහකට ආසන්න පිරිසක් විදෙස්ගතවී ඇතැයි ද හෙතෙම කීය. ඒ අනුව සමාගමේ සිටිය යුතු ගුවන් නියමුවන් තුන්සිය තිහෙන් මේ වනවිට සිටින්නේ දෙසිය පනහක් පමණකි. අසූදෙනකු අස්වී පුද්ගල ආදායම් බද්ද හා අනෙකුත් පහසුකම් සම්බන්ධ ප්‍රශ්න මුල්කරගෙන මෙම අය විදේශගත වන බවද ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවෙක් සඳහන් කළේය.

විදේශ ගුවන් සමාගම්වලට යන අයට මෙරටදී ලැබෙන වැටුපට වඩා පස් හය ගුණයක වැටුප් පිටරටවල ගුවන් සමාගම්වලින් ගෙවන බවද හෙතෙම කීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඇති වී තිබෙන මෙම අර්බුද සම්බන්ධයෙන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ යම් අයකු අස්වී යන්නේ නම් එම පුරප්පාඩු සඳහා කඩිනමින් පිරිස් බඳවා ගන්නා බවයි. එනිසා දැනට සමාගමේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට සියලු කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර සභාපතිවරයා සමග පෙරේදා (28 වැනිදා) පැවති සාකච්ඡාවකින් පසුව ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හැර දැමීමට එම සංගම් පියවර ගත් බවද සමාගමේ ජ්‍යෙෂ්ඨයෙක් මේ අතර කියා සිටියේය.

ශිරාන් රණසිංහ

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9d-80%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b7%93-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%ba%e0%b6%ad%e0%b7%92-%e0%b7%81%e0%b7%8a/feed/ 0
ගුවන් ගමන් 30ක් අවුල් ඊයේත් 8ක් අවලංගුයි https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-30%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a%e0%b6%ad%e0%b7%8a-8/ https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-30%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a%e0%b6%ad%e0%b7%8a-8/#respond Thu, 22 Jun 2023 23:42:00 +0000 https://divaina.lk/?p=152712 අර්බුද මැද කරන සේවය ගැන කවුරුත් සතුටුවිය යුතුයි-ශ්‍රී ලන්කන් සභාපති කියයි

ඉකුත් සති දෙකක පමණ කාලයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගුවන් ගමන් වාර තිහක් පමණ අවලංගු හා ප්‍රමාද කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙලෙස ගුවන් ගමන් වාර අවලංගු හා ප්‍රමාදවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් සිය දීමනා හා වැටුප් ඉහළ දමා ගැනීමට අදාළව ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග යැයි ද හෙතෙම කීය. ඊයේ (21 වැනිදා) දිනයේත් ගුවන් ගමන් වාර අටක් අවලංගු කළ බවද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ තම ගුවන් සමාගම සතුව අවශ්‍ය පමණට ගුවන් යානා නොමැතිවීම ප්‍රධාන ප්‍රශ්නය වී ඇති බවයි. ඊට අමතරව තවත් යම් යම් හේතු මත ගුවන් ගමන් වාර අවලංගු හා ප්‍රමාද වන බවද ඒ මහතා කීය.

මේ මොහොතේ රටේ පවතින අර්බුද මත තම ගුවන් සේවාව උපරිම ලෙස සිය සේවාව පවත්වාගෙන යෑම පිළිබඳ කොයි කවුරුත් සතුටු විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a-30%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%8a%e0%b6%ba%e0%b7%9a%e0%b6%ad%e0%b7%8a-8/feed/ 0