Sri Lankan Crickerter – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 18 May 2023 17:25:42 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lankan Crickerter – Divaina https://divaina.lk 32 32 ධනුෂ්කට එරෙහි බලහත්කාර දූෂණ චෝදනා හතරෙන් තුනක් අස්කර ගනී https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%af/ https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%af/#respond Thu, 18 May 2023 23:53:00 +0000 https://divaina.lk/?p=145754 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මස 02 දා ඔස්ටේ්‍රලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ දූෂණ චෝදනා හතරෙන් තුනක් ඉල්ලා අස්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කරන ආකාරයට එම නඩුව ඊයේ (18 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේ දී රජයේ නඩු කටයුතු අධ්‍යක්ෂ වෙනුවෙන් අභිචෝදක හග් බුඩින් අධිකරණයට පැවසුවේ එක් බලහත්කාර ලිංගික සංසර්ග චෝදනාවක් සහතික කර ඇති නමුත් කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදුනු බවට ඉදිරිපත් වූ ඉතිරි චෝදනා තුන ඉල්ලා අස්කර ගත් බවයි.

මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් බලහත්කාර ලිංගික හැසිරීම පිළිබඳ සිද්ධි නිල වශයෙන් ගණන් කිරීම් ප්‍රතික්ෂේප කර ඇත.

පොලිසිය විසින් කරන ලද ප්‍රකාශය අනුව ඉතිරිව ඇති චෝදනාව වන්නේ ගුණතිලක “බලහත්කාර” ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවත්, එම කාලය තුළ “තත්පර 20ක් 30ක් ඇගේ ගෙල වටා එක් අතක් තබා ගෙල සිරකර තැබූ” බව යැයි මහෙස්ත්‍රාත්වරයා කීවේය.

ගුණතිලක විසින් කාන්තාවගේ හුස්ම ගැනීම තත්පර හයකට නතර කළ බවට චෝදනා එල්ල වූ අතර, ඇය “චූදිතයාගේ මැණික් කටුව අල්ලාගෙන විත්තිකරුගේ අත ඉවත් කිරීමට උත්සාහ කළත්, විත්තිකරු තවත් තත්පර 10 ක් ඇගේ බෙල්ල තදින් මිරිකා තිබුණා. පැමිණිලිකාරිය ඇගේ ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි වූවා” යැයි පොලිසිය චෝදනා කළ බව විදෙස් වාර්තා සඳහන් කර සිටී. ධනිෂ්ක ගුණතිලක පසුගිය 2022 වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර සිඩ්නිහි ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී ස්ත්‍රී දූෂණ සිද්ධියකට චෝදනා ලැබ අත්අඩංගුවට ගනු ලැබුවේය. ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතිඥ ඇලන් සහිනොවික් පෙනී සිටි අතර නඩුව යළි ජූලි 13 වැනිදා කැඳවීමට නියමිතය.

]]>
https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92-%e0%b6%b6%e0%b6%bd%e0%b7%84%e0%b6%ad%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%af/feed/ 0