Sri Lankan Customs – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 13 Oct 2023 06:51:52 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lankan Customs – Divaina https://divaina.lk 32 32 කඩල උඳු වී වැඩේ මාට්ටු වෙයි – මෙට්‍රික් ටොන් 17ක් රේගු දැලේ https://divaina.lk/%e0%b6%9a%e0%b6%a9%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b3%e0%b7%94-%e0%b7%80%e0%b7%93-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%9a%e0%b6%a9%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b3%e0%b7%94-%e0%b7%80%e0%b7%93-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b6%ba/#respond Thu, 12 Oct 2023 23:44:00 +0000 https://divaina.lk/?p=174172 රුපියල් තුන් කෝටි දශ ලක්ෂයක් වටිනා උඳු තොගයක් කඩල අඩංගු බහාලුමක් තුළ සඟවා නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කිරීමේ දී ඊයේ (12 දා) ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

මෙම බහාලුමේ වූ සියලු ඇසුරුම් තුළ ‘කඩල’ යැයි සඳහන් කර තිබූ අතර, එනිසා එකිනෙක භෞතිකව පරීක්ෂා කිරීම මගින් මෙම මෙට්‍රික් ටොන් 17 ක් බරැති උඳු තොගය සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ, මරදාන ප්‍රදේශයේ ආනයනයකරුවකු විසින් මෙම බහාලුම මෙරටට ගෙනැවිත් තිබුණි. මෙම උඳු තොගය කෙසේ හෝ රේගුවෙන් පිටතට ගියේ නම් එයින් රටට රුපියල් පනස් එක් ලක්ෂයක බදු ආදායමක් අහිමි වන බව රේගුව ගණන් බලා තිබේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කරනු ලබයි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b6%a9%e0%b6%bd-%e0%b6%8b%e0%b6%b3%e0%b7%94-%e0%b7%80%e0%b7%93-%e0%b7%80%e0%b7%90%e0%b6%a9%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a%e0%b6%a7%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b6%ba/feed/ 0
රේගුවට උඩින් ඇතැම් ඖෂධ රටට ආවාද සැකයි – සත්‍යය හෙළි කරන්නැයි වෛද්‍යවරු ඉල්ලති https://divaina.lk/%e0%b6%bb%e0%b7%9a%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%8b%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%90%e0%b6%b8%e0%b7%8a-%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%bb%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%bb%e0%b7%9a%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%8b%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%90%e0%b6%b8%e0%b7%8a-%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%bb%e0%b6%a7/#respond Tue, 03 Oct 2023 23:41:00 +0000 https://divaina.lk/?p=172389 ටෙන්ඩර් පටිපාටිය යටතේ හා හදිසි මිලදීම් ගැනීම් යටතේ මෙරටට ගෙන්වූ ඇතැම් ඖෂධ ශ්‍රී ලංකා රේගුව මඟහැර ගෙනැවිත් ඇති බවට බරපතළ සැකයක් මතු වී තිබෙන නිසා ඒ පිළිබඳව සොයා සත්‍ය හෙළිකරන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යනවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඉල්ලා සිටී.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම හා රටේ ළදරු මන්දපෝෂණය සහ බාල ඖෂධ හා එන්නත් නිසා රෝගීන් මියයෑම පිළිබඳව තමා ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් හෙළිකළ කරුණු සියල්ල මේ වනවිට තහවරු වී ඇතැයි ද ඒ මහතා කීය. රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය දඩමීමා කරගනිමින් දේශපාලකයන් හා ඇතැම් නිලධාරීන් මහා ඖෂධ ජාවාරමක් සිදුකරන බවත් එසේ ජාවාරම් කළ සමාගමක් අසාදු ලේඛනගත කරන බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබෙන බවත් හෙතෙම පැවසීය.

අසාදු ලේඛනගත කරන සමාගම් වෙනත් නම්වලින් නැවත ඖෂධ ගෙන්විය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

ශිරාන් රණසිංහ

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b7%9a%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%8b%e0%b6%a9%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%87%e0%b6%ad%e0%b7%90%e0%b6%b8%e0%b7%8a-%e0%b6%96%e0%b7%82%e0%b6%b0-%e0%b6%bb%e0%b6%a7/feed/ 0