Sri Lankan Rugby – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 23 Sep 2023 08:27:06 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lankan Rugby – Divaina https://divaina.lk 32 32 රග්බි කණ්ඩායම ආසියානු ඔලිම්පික් ධජය යටතේ අද පිටියට https://divaina.lk/%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%94%e0%b6%bd/ https://divaina.lk/%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%94%e0%b6%bd/#respond Sat, 23 Sep 2023 23:58:00 +0000 https://divaina.lk/?p=170574 ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහක Nipon Paint ආයතනයේ සාමාන්‍යධිකාරී නේමන්ත අබේසිංහ මහතා විසින් කණ්ඩායමට අදාළ අනුග්‍රාහක චෙක් පත නායක තරින්ද රත්වත්තේ වෙත ප්‍රදානය කරන ලද අයුරු ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා රග්බි උප සභාපති රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි සහ කණ්ඩායම් ප්‍රධානී නලින් ද සිල්වා යන මහත්වරු ද ඡායාරූපයේ දැක්වෙති. මෙම තරගාවලියේ සම අනුග්‍රාහකයන් ලෙස Webxpay,Ceylon- Agro Industries Limited (Kottu Mee) සහ Sinatute (Hameedia) යන ආයතන කටයුතු කරයි.

ශ්‍රී ලංකා රග්බි 7 කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ “බී” කාණ්ඩය යටතේ අද (24 වැනිදා) තරග දෙකකට මුහුණ දීමට නියමිතය.

ඒ චීන තායිපේ කණ්ඩායම සමග සහ දකුණු කොරියා කණ්ඩායම හමුවේ ය.

පළමු තරගය චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.55 ට පැවැත්වේ. දකුණු කොරියාව සමග තරගය රාත්‍රී 9.25 ට පැවැත්වේ.

ජාත්‍යන්තර තහනමක් ශ්‍රී ලංකා රග්බි වෙත පනවා ඇති හෙයින් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ආසියානු ඔලිම්පික් ධජය යටතේ තරග වදී.

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b6%9c%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%9a%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b6%86%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%94%e0%b6%bd/feed/ 0
කොක්කෙන් විසඳන්න ගොස් ජගත් ලොක්කන්ගෙන් කන ටොක්ක https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9c%e0%b7%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%a2%e0%b6%9c/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9c%e0%b7%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%a2%e0%b6%9c/#respond Sun, 21 May 2023 00:00:00 +0000 https://divaina.lk/?p=146064 තවත් ක්‍රීඩාවකට සෙනසුරු දසාව උදා වී ඇත. පළමුව පාපන්දු ය. දෙවනුව රග්බි ය. හෙට කුමක් මේ දංගෙඩියට අසු වේ දැයි කිව නොහැක. මේ නම් වනේ වන හතුරෙකුටවත් සිදු නොවිය යුතු තරමේ අපරාධයකි. වැරදිකරුවන් කවුරුන්දැයි විමසූ කල ප්‍රති පාර්ශ්වයට ඒ ප්‍රශ්නයම ඇදලා ගහති. තමන් සුදනෝ බවත් දුදනන් කෙරූ මහත් අකටයුතුකම් මත ක්‍රීඩාවට මේ අපලය පාත් වී ඇති බවත් ඒ සුදනන් යැයි කියන පිරිස් පවසති. ඒ නිසා වැරදිකරුවන් නැත. එහෙත් දංගෙඩියට හසුවූවන් ඇත. ඒ අසරණ ක්‍රීඩකයන්ය. දැන් ඔවුන්ට මේ පන්දුව අරගෙන මේ සයුරෙන් එහාට යෑමට නොහැක. ඇතිවන තුරු රට ඇතුළේ පාපන්දු සෙල්ලම් කළ හැක. මහත් සැණකෙළි පවත්වා පදක්කම් ගෙල පැළඳිය හැක. රග්බි ද එසේය. මහනුවර, අගනුවර මතු නොව සියඹලාණ්ඩුවේ ද රග්බි තරගාවලි සංවිධානය කළ හැක.

එහෙත් මේ කරදිය වළල්ලෙන් එහාට ඒ පන්දු දෙකෙහි සෙල්ලම් අපට වලංගු නොවේ. ඉන් එපිට රටකට පාපන්දු හරඹයට, රග්බි හරඹයට මෙරටට පැමිණීමට ද නොහැක. හුදෙකලාව සැපයි කියා අහසට සුසුම් හෙළමින් අපේ උන්ටම වැඩ පෙන්වමින් ගෝල ගසමින් සිටිය හැක. ඵලක් වේද? පාළු ගෙදර වළං බිඳිනවා ඊට වඩා හොඳය. ප්‍රතිවාදීන් හමුවේ අපේ ක්‍රීඩකයන්ගේ දස්කම් ගොළුවී ඇත. මේවා යාළු මිත්‍රකම් මත විසඳගන්න පුළුවන් ප්‍රශ්න නොවේ. ප්‍රශ්න එසේ ඇති කරගත්තද විසඳා ගැනීම ලේසි නොවේ.

ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේදී මීට වඩා ප්‍රවේශම් විය යුතුය. ලොව ප්‍රධානම ක්‍රීඩා සම්මේලනය වන ජගත් පාපන්දු සම්මේලනය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ද වඩා බලවත්ය. ජාත්‍යන්තර රග්බි කවුන්සිලයේ ද බලය සුළුපටු නොවේ. ඔවුන්ගේ නීති රීති ඉක්මවා යෑම ඉන්දියාවටද පාපන්දු තහනමක් පැනවීමට හේතු විණි. අද ඔවුන් ලොව ප්‍රබල රාජ්‍යයකි. එහෙත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නොවේ ඒ ප්‍රබල බවට නැවුණේ. අන්තිමට ප්‍රශ්නය විසඳ ගත්තේ ඉන්දීය අගමැති මෝදි ගේ ද මැදිහත්වීම මතය.

අපේ රටේ පාපන්දු ක්‍රීඩාවට තහනමක් වැටුණේ මීට මාස හතරකට පමණ උඩදී ජනවාරි මස 14 වැනිදාය. එහෙත් එම තහනම ඉවත් ඉවත් කර ගැනීම වෙනුවෙන් බලධාරීන් කළ කිසි දෙයක් පිළිබඳව නම් මේ වන තෙක් වාර්තා වී නොමැත.

රග්බි ක්‍රීඩාව ජාත්‍යන්තරයේ තහනම ට ලක් වූයේ පසුගිය 11 වැනිදා ය. ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට දේශපාලන අතපෙවීමක් සිදුව ඇති බව කියමින් ජාත්‍යන්තර රග්බි කවුන්සිලය එම පියවර ගත්තේය. ඊට හරියටම මසකට පමණ ඉහතදී එනම් අප්‍රේල් 11 වැනිදා රිස්ලි ඉල්ලියාස්ගේ සභාපතිත්වයෙන් යුත් රග්බි පරිපාලනය ඇමැති බලතල මත විසුරුවා හැරිණි. ඉන් නොනැවතී ඒ සඳහා රග්බි ස්ථාවකරණ කමිටුවක් පත් කිරීමට ද ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි. එතැනින්ද නොනැවතී ශ්‍රී ලංකා රග්බි සංගමයට සීල් තැබීමට ද කටයුතු යෙදිණි. රග්බි ක්‍රීඩාවේ නොව පරිපාලනයට සම්බන්ධව ලොකු ලොකු නාට්‍ය ඒ පොඩි කාලයේ රඟ දැක්විණි. එහෙත් ගතවූයේ මාසයකි. එම කටයුතු පිළිබඳව මෙන්ම ඊට පෙර ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සම්බන්ධයෙන් සිදු වූ දේ පිළිබඳවද ඇස ගසාගෙන සිටි ජාත්‍යන්තර රග්බි ලොක්කෝ ශ්‍රී ලංකාවට ලොකු ටොක්කක් ඇන්නාහ. අප කරදිය වලල්ලෙන් මෙපිටට සීමා වුණේ ඒ ටොකු පහරේ සැරටය. පසුගිය 11 වැනිදා රැස් වූ ලෝක රග්බි කවුන්සිලය එම රග්බි විධායක මණ්ඩලයේ නිර්දේශය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව මෙරට බලධාරීන් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. අදාළ ලිපිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල්ද සිල්වා ඇතුළු අන්තර්ජාතික රග්බි සංගමයේ සහ ආසියානු රග්බි සම්මේලනය පාර්ශ්වයන් හයකට යොමුකර ඇත. ඉන් එක් පාර්ශ්වයක් වූ ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි මහතාව නම් මුණගැසී ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා ඊට පෙර සමත් විය. එහෙත් අනතුරුව මතු වූයේ ඊට වඩා ප්‍රබල ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවට රග්බි තහනම පනවමින් අන්තර්ජාතික රග්බි කවුන්සිලය විශේෂයෙන් සඳහන් කර ඇත්තේ මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත්කරනු ලැබූ තාවකාලික රග්බි ස්ථාවකරණ කමිටුව පිළිනොගන්නා බවත්, එය අන්තර්ජාතික රග්බි කවුන්සිලයේ නීති රීතීන්ට පටහැනි බවත්ය. ක්‍රීඩා ඇමැතිවරයා එසේ රග්බි පරිපාලනය විසුරුවා හරින විට ජාතික ඔලිම්පික් කමිටුව ද නිහඬව සිටියේ නැත. ඉන් මසකට ආසන්න කාලයක් ගෙවුණ තැන මෙරට ජාතික ඔලිම්පික් කමිටුව විසින් අන්තර්ජාතික රග්බි සංගමය වෙත දන්වා සිටියේ නීත්‍යනුකූල ඡන්දයකින් පත් වූ නිලධාරීන් හැරුණු විට වෙනත් ආකාරයකින් පත් වූ කිසිදු රග්බි කමිටුවක් තමන් පිළි නොගන්නා බවයි.

රග්බි සංගමයේ කටයුතු එහි ව්‍යවස්ථාවට අනුව සිදුවිය යුතු බවත්, ක්‍රීඩා අමාත්‍යාංශය හෝ තෙවැනි පාර්ශ්වයක් විසින් පත්කරන අතුරු කමිටු අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හෝ ආසියානු ඔලිම්පික් කමිටුව පිළිනොගන්නා බවත් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ජාත්‍යන්තර රග්බි සම්මේලනයට ලිඛිතව දැනුම් දුන්නේය.

මීට ඉහතදී ආසියානු රග්බි තහනමක් පැනවී තිබුණු මොහොතක ශ්‍රී ලංකා ධජය වෙනුවට ඔලිම්පික් කමිටු ධජය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියකට සහභාගි වීමේ අවස්ථාව උදා විය. යම් හෙයකින් මෙම ජාත්‍යන්තර රග්බි තහනම කඩිනමින් ඉවත්කර ගැනීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය සඳහා සහභාගි වීමේ අවදානමද පවතී. කෙසේ වුවද ශ්‍රී ලංකාව දෙස දැන් සමස්ත ලෝකයම ඇස ගසා ගෙන සිටී. දේශපාලන අතපෙවීම් යෙදෙන්නේ එක ක්‍රීඩාවකට ද නැත්නම් සියල්ලට ද යන්න ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් ලොක්කෝ විමසිලිමත් වෙති. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් පසුගිය දා මෙරටට පැමිණියේ ද එවැනි කරුණක් අරභයා ය. මෙරට හුදී ජනයා පාපන්දුවලටත් රග්බි වලටත් වඩා ක්‍රිකට්වලට ලැදි ජනතාවකි. ඒ නිසා පාපන්දු සහ රග්බිවලට අත්වූ ඉරණම ක්‍රිකට්වලට හෝ වෙනත් ක්‍රීඩාවලට අත් නොවේවා යන්න ජනතාව ප්‍රාර්ථනා කරනු ඇත.

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9c%e0%b7%9c%e0%b7%83%e0%b7%8a-%e0%b6%a2%e0%b6%9c/feed/ 0