Sri Lankan School Rugby Game – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 04 Oct 2022 03:21:34 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lankan School Rugby Game – Divaina https://divaina.lk 32 32 කොළඹ ඩී.එස්. සහ මහනුවර විද්‍යාර්ථ  19 න් පහළ රග්බි සම ශූරතාව දිනයි https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%a9%e0%b7%93-%e0%b6%91%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%a9%e0%b7%93-%e0%b6%91%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a/#respond Mon, 03 Oct 2022 23:38:00 +0000 https://divaina.lk/?p=101700 මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරුණු අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ සම ශූරතාව තහවුරු කර ගැනීමට කොළඹ ‘ඩී.එස්. සේනානායක විදුහල’ සහ මහනුවර ‘විද්‍යාර්ථ විදුහල’ නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ඩී. එස්. සේනානායක සහ විද්‍යාර්ථ යන දෙපිල අතර ක්‍රියාත්මක කෙරුණු තීරණාත්මක අවසාන තරගය ලකුණු 10 – 10 ක් ලෙස සම තත්ත්වයක පසු වීම හේතුවෙන් ශූරතාව සමව ප්‍රදානය කිරීමට සංවිධායකයන්ට සිදුවිය. මෙම තරග මාලාවේ ‘පළඟ’ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් වන අතර වාරයේ කොළඹ වෙස්ලී විදුහලට අනු ශූරතාව හිමි විය.

‘පළඟ’ අවසාන පූර්ව වටයේ දී වෙස්ලි විදුහල හමුවේ ධර්මරාජ විදුහල ද ශාන්ත පීතර හමුවේ රාජකීය විදුහල ද පරාජය ලැබීය. ‘බඳුණ’ අවසාන තරගයේ දී ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල ලකුණු 27 – 00 ක් ලෙස පරාජය කරමින් ශූරතාව හිමිකර ගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහලට හැකියාව ලැබිණි. ලීග් තරගාවලියට එක්ව සිටි මහනුවර ත්‍රිත්ව විදුහල, මහනුවර කිංග්ස්වුඩ් විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල මෙවර සත් සාමාජික තරග බිමේ දී දක්නට නොවීම ද කැපී පෙණුනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%a9%e0%b7%93-%e0%b6%91%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a/feed/ 0