Sri Lanka's oil crisis – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 07 Sep 2022 18:22:29 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Sri Lanka's oil crisis – Divaina https://divaina.lk 32 32 වසර පහකට සෞදියෙන් තෙල් https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%b4%e0%b7%84%e0%b6%9a%e0%b6%a7-%e0%b7%83%e0%b7%9e%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a/ https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%b4%e0%b7%84%e0%b6%9a%e0%b6%a7-%e0%b7%83%e0%b7%9e%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a/#respond Wed, 07 Sep 2022 23:48:00 +0000 https://divaina.lk/?p=96276 පස් අවුරුදු ණය ගිවිසුමක් යටතේ අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීම සඳහා සෞදි අරාබි රජය සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා ආරම්භ කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස සෞදි අරාබියට ගොස් සිටින පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා එරට නියෝජිතයන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා සාර්ථක බව රජයේ ආරංචි මාර්ග පවසයි.

වසරකට ඩොලර් බිලියන 06 බැගින් වසර පහක කාලසීමාවක් තුළ ණය පහසුකම් යටතේ ඉන්ධන ලබාගැනීමට සැලසුම් කර ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ පොහොර නිෂ්පාදනය, ඛනිජ තෙල් ගබඩා පහසුකම්, ඉන්ධන සැපයුම් ස්ථාන පිහිටුවීම, පිරිපහදුව නවීකරණය සහ පුළුල් කිරීම ඛනිජ සම්පත් අවස්ථා සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා සෞදි ආයෝජන ලබාගැනීමට ද යෝජනා කර තිබේ.

මෙම සැලසුම් සාර්ථක වුවහොත් ඩොලරයට සාපේක්‍ෂව රුපියල ස්ථාවර කර ගැනීමට ද හැකිවනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

සෞදි රජයේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය වලිඩ් අල් කුරයිජින් රියාද් මහතා සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍ය අහමඩ් මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ට පහසු වේලාවක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුට ආරාධනා කිරීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා කැමැත්තෙන් සිටින බවයි.

සෞදි පාලකයාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ජනාධිපති වික්‍රමසිංහ මහතාට රියාද් නුවරට පැමිණීමට හැකි බවද පරිසර ඇමැති නජීර් අහමඩ් මහතා එරට බලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

හේමන්ත රන්දුණු, චතුර පමුණුව

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%83%e0%b6%bb-%e0%b6%b4%e0%b7%84%e0%b6%9a%e0%b6%a7-%e0%b7%83%e0%b7%9e%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a/feed/ 0