State revenue – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 31 Jan 2023 17:16:51 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg State revenue – Divaina https://divaina.lk 32 32 වියදමට වඩා රාජ්‍ය ආදායම විශාල ලෙස පහළට: රජයේ වියදම් තවත් සීමා කරන්න https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b7%80/ https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b7%80/#respond Tue, 31 Jan 2023 23:46:00 +0000 https://divaina.lk/?p=125550 ජනපති කැබිනට්ටුවට කියයි

මෙම 2023 දී ඇස්තමේන්තු කළ රාජ්‍ය ආදායම රජයේ වියදමට වඩා විශාල ලෙස පහත ගොස් ඇති බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරන ලෙස මුදල්, ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සටහන් මගින් කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය තුළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන කටයුතු, ඖෂධ සහ ණය ගෙවීම් හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී තිබෙන බවද ජනාධිපතිවරයා එමගින් දන්වා ඇත.

මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුව තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එයට අදාළ ප්‍රමුඛතා නිර්ණායක මහා භාණ්ඩාගාරය මගින් සකස් කරන අතර එතෙක් සුළු වියදම් සඳහා වෙන් කෙරෙන මුදල් නිදහස් කිරීම සීමා කරන බවත් රාජ්‍ය ආයතන සඳහා ණය පදනම මත භාණ්ඩ හා සේවා ලබාගැනීමෙන් වැළකිය යුතු අතර එය කඩකරන ඕනෑම නිලධාරියකු අදාළ වියදම් පිළිබඳ පුද්ගලිකව වගකිව යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව ඇතුළු අනෙකුත් පාර්ශ්ව වෙතින් මෙම 2023 වසරේ ජනවාරි මාසය තුළ රජයට ලැබී ඇති ආදායම රුපියල් බිලියන 158.7 කි. රජයට දරන්නට සිදුව තිබෙන වියදම රුපියල් බිලියන 367.8 ක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවයේ වැටුප් සඳහා රුපියල් බිලියන 87.4 ක්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ප්‍රතිලාභ ලෙස රුපියල් බිලියන 29.5 ක්, ප්‍රාග්ධන ගෙවීම් ලෙස බිලියන 21 ක් හා වෙනත් ගෙවීම් ලෙසින් රුපියල් බිලියන 10.8 ක් මෙන්ම ණය සේවාකරණය වෙනුවෙන් බිලියන 367.8 ක් ලෙස එම වියදම් දැරීමට සිදුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව ජනවාරි මාසය සඳහා වූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 367.8 ක් වන බව කී බන්දුල ගුණවර්ධන මහතා ණය ගැනීමෙන්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් මෙන්ම මහබැංකු සහායෙන් හා අයිරා මගින් එකී හිඟය පියවා ගන්නා බවද සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31දා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

සමන් ගමගේ – ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b6%af%e0%b6%b8%e0%b6%a7-%e0%b7%80%e0%b6%a9%e0%b7%8f-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba-%e0%b6%86%e0%b6%af%e0%b7%8f%e0%b6%ba%e0%b6%b8-%e0%b7%80/feed/ 0
මේ වසරේ මුල් මාස හයේ රාජ්‍ය ආදායම 28.54 %‍ කින් නගී https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83-%e0%b7%84%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83-%e0%b7%84%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a/#respond Wed, 21 Sep 2022 00:00:00 +0000 https://divaina.lk/?p=98970 වියදමත් ඉහළ ගිහින්

මේ වසරේ (2022) මුල් මාස හයේ රජයේ ආදායම ගිය වසරේ (2021) මුල් මාස හයට සාපේක්‍ෂව සියයට 28.54 කින් වර්ධනය වී ඇත.

මේ අනුව 2021 වසරේ මුල් මාස හයේ රු. බිලියන 715.3 ක් වූ රජයේ ආදායම මේ වසරේ (2022) මුල් මාස හයේ දී රු. බිලියන 919.5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.

මෙම කාලය තුළ දී රජයේ බදු ආදායම රු. බිලියන 641.2 සිට රු. බිලියන 798.8 දක්වා සහ බදු නොවන ආදායම රු. බිලියන 73.3 සිට රු.බිලියන 119.7 දක්වා වැඩිවී ඇත.

මෙසේ රාජ්‍ය ආදායම වැඩි වුවත් මෙම කාල පරිච්ඡේදය තුළ දී රජයේ වියදම රු. බිලියන 1,495.5 සිට රු. බිලියන 1,822.1 ක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී පුනරාවර්තන වියදම් රු. බිලියන 1,311.0 සිට රු. බිලියන 1,571.6 ක් දක්වා සහ ණය ආපසු ගෙවීම් අඩු කළ පසු ප්‍රාග්ධන වියදම් රු. බිලියන 184.5 සිට රු. බිලියන 250.5 ක් දක්වාත් වැඩි වී ඇති බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b8%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83-%e0%b7%84%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a/feed/ 0