Strict disciplinary action – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 08 Nov 2022 15:48:42 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Strict disciplinary action – Divaina https://divaina.lk 32 32 ධනුෂ්කගේ සිද්ධිය සහ තවත් සිද්ධීන් හොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/#respond Tue, 08 Nov 2022 23:51:00 +0000 https://divaina.lk/?p=109158 2022 ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකු වූ සිසිර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම කමිටුවට නීතිඥ නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව යන මහත්වරුද ඇතුළත්ව සිටිති.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්‌ට්‍රේලියාවේ රැඳී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වාර්තා වුණු විවිධ සිද්ධීන් සම්බන්ධයෙන්ද පුළුල් පරීක්ෂණයක් මෙම කමිටුව විසින් විමර්ශනය කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දැනුම් දී සිටියි.

මෙම ත්‍රිපුද්ගල කමිටුව විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු පැහැදිළි කිරීමක් ඉල්ලා සිටිනු ඇත. කළමනාකරුගේ වාර්තාව එම මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, යම් ක්‍රීඩකයකු අතින් වරදක් හෝ නොසැලකිළිමත් ලෙස හැසිරී ඇති බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රීඩකයන් සහ නිලධාරීන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගනු ලබන බවද වැඩිදුරටත් දැනුම් දී සිටියි.

කුෂාන් සුබසිංහ

]]>
https://divaina.lk/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b0%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a/feed/ 0