Thajudeen murder case – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 06 Aug 2023 18:29:46 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Thajudeen murder case – Divaina https://divaina.lk 32 32 කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ තිබූ තාජුඩීන්ගේ අවයව කොටස්වලට 2019න් පස්සේ වෙච්ච දෙයක් නෑ – හිටපු ජනපති මෛත්‍රී කියයි https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba/#respond Sun, 06 Aug 2023 23:49:00 +0000 https://divaina.lk/?p=161066 මිනීමරුවන් මංකොල්ලකාරයන් දූෂිතයන්ට දඬුවම් දෙන්න පාර්ලිමේන්තුවේ පනත් සීයක් ගෙනාවත් නොහැකි බවත් ඒ අනුව තාජුඩීන් ඝාතනයේ අවයව කොටස් කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ තිබූ බවත් එය 2019 න් පසුව අතුරුදන් වී ඇති බවත් ඒ අනුව නැවත නඩු වාරයකදී එය ඔප්පු කිරීමට එය සොයාගත නොහැකි බවත් පාර්ලිමේන්තුවේ සීයක් පනත් සම්මත කෙරුවත් එම නඩු විභාග නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුව අරලගන්විල ප්‍රදේශයේදී පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අනාවරණය කළේ වැලිකන්ද දිඹුලාගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල පිහිටුවීමෙන් අනතුරුව පැවති ජනහමුවකදීය.

තාජුඩීන්ලා දැන් වළෙන් එළියට ගන්න බැහැ. ඒ නඩු වාර්තා වලට 2019 න් පස්සේ වෙච්ච දෙයක් නෑ. රගර් ක්‍රීඩකයා මැරුවේ කාර් එක ඇතුළේ ගිනි තියලා අමු අමුවේ. රජ පවුලේ කුමාරයෙක්ගේ යාළු වෙච්ච ගෑනු ළමයා එක්ක තාජුඩීන් යාළුවෙන්න එනවා කියලා අමු අමුවේ ගිනි තිබ්බෙ. මේ අමු අමුවේ ගිනි තිබ්බ තාජුඩීන්ගේ ශරීරයේ කොටස් අධිකරණ නිලධාරී කාර්යාලයේ කොළඹ දිස්ත්‍රික්කයේ තැන්පත් කරලා තිබුණා. මං සෞඛ්‍ය ඇමැති කාලයේ ඒකට ගිහින් තියෙනවා.

ඔබට මතක ඇති අවුරුදු පහළොවකට විස්සකට එහා කළුතර lakshan කියා ධනවත් පවුලක දරුවෙක් පාසල් ඇරිලා එනකොට පාතාලයෙන් ඇවිල්ලා ළමයා උස්සගෙන ගියා. ගිහින් කිව්වා ළමයා අපි ළඟ ඉන්නවා, මෙච්චර මුදලක් ඕනෑ කියලා. ඉතිං දරුවාගේ තාත්තා බැලුවා දරුවා කොහොමද බේරගන්නෙ කියලා. අවසානයේ තාත්තා කිව්වා මං ඉල්ලන ගාණක් දෙන්නම් මගේ ගෙවල් දොරවල් හරි විකුණලා මට දරුවා දෙන්න කියලා. හැබැයි දරුවා වැසිකිළි වළක දාලා බෙල්ල මිරිකලා මැරුවා. වයස අවුරුදු 17 යි. ජාවාරම්කරුවෝ ඒ දරුවා ඉස්කෝලේ ඇරිලා එද්දි තමයි දරුවා ඉස්සුවේ. ඒ දරුවාගේ සපත්තු ජෝඩුව, ඒ දරුවා ඇඳගෙන හිටපු ඇඳුම ඒවත් ඔක්කොම කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අදත් තියෙනවා. මම සෞඛ්‍ය ඇමැති කාලයේ දැක්කා ඒක. නමුත් එතනින් පස්සේ මොනවා වුණා ද කියලා මම දන්නේ නෑ. තාජුඩීන්ගේ ඇටකටු කොටස්වලට 2019 මේ ආණ්ඩුව ආවට පස්සේ වෙච්ච දෙයක් නෑ. ඉතින් ඒ නිසා ඒ නඩු පාර්ලිමේන්තුවේ පනත් සීයක් සම්මත වුණත් ඒවා ආපහු ගන්න, අරගෙන උසාවියකට දාන්න. ඔප්පු කරන්න පුළුවන් දේවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හෝ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා පැවසීය.

අරලගංවිල – රොෂාන් තුෂාර තෙන්නකෝන්

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%9c%e0%b7%85%e0%b6%b9-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab-%e0%b7%80%e0%b7%9b%e0%b6%af%e0%b7%8a%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba/feed/ 0