the Human Rights Commission – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 16 Sep 2022 14:47:21 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg the Human Rights Commission – Divaina https://divaina.lk 32 32 ලහිරු වීරසේකර මානව හිමිකම් යයි https://divaina.lk/%e0%b6%bd%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%83%e0%b7%9a%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%bd%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%83%e0%b7%9a%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%9a/#respond Sat, 17 Sep 2022 00:03:00 +0000 https://divaina.lk/?p=98132 කොල්ලුපිටිය ප්‍රදේශයේදී තමා අත්අඩංගුවට ගත් මොහොතේ පොලිස් ජීප් රිය තුළදී තමාට පහරදී මරන තර්ජනය කළ බව කියමින් සහ එදින තමා සමග තවත් පුද්ගලයකුගේ යතුරු පැදියේ යතුර පොලිසිය වෙත රැගෙන ගිය බව කියමින් වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මානව හිමිකම් කොමිසමට ඊයේ (16 වැනිදා) පැමිණිලි කර තිබේ.

තවත් පුරවැසියකුට මෙවැනි පහරදීමක් නොවීම සඳහා මෙම පැමිණිල්ල කළ බව හෙතෙම පැමිණිල්ල කිරීමෙන් පසුව මාධ්‍ය වෙත පැවසීය.

මෙහිදී තවදුරටත් කතා කළ ලහිරු වීරසේකර මෙසේද කියා සිටියේය.

මාව සහ මා සමග සිටි තවත් කෙනෙක්ව පොලිසිය කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අංඩංගුවට ගත්තා. මාව පොලිස් ජීප් රථයට දමා ගත්තාට පස්සේ පොලිසියේ නිලධාරීන් තුන් දෙනෙක් මට පහර දුන්නා. මෙහෙම ගහන්න ඔහෙලට අයිතියක් නැහැ කිව්වම ගහන්න විතරක් නොවෙයි මරන හැටිත් අපි දන්නවා කිව්වා. මට එවලේ විශාල බයක් දැනුණා. අපි රටේ ජනතාව වෙනුවෙන් හඬ නඟන්නේ. මට මේ පහරදීමට අදාළව මේක තවත් ඉස්සරහට අරන් ගිහින් පහරදුන් පොලිස් නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

පහුගිය කාලයේ පොලිසියේ නිලධාරීන් පෙලිසිය තුළදී අහිංසක සිවිල් පුද්ගලයන්ට ගහලා මැරුවා. මේවා නැවත ඇති නොවෙන්නයි මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න ආවේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%94-%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%83%e0%b7%9a%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b7%80-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%9a/feed/ 0