The person who was hit by Sanath Nishantha's vehicle died – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 01 Nov 2022 03:45:07 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg The person who was hit by Sanath Nishantha's vehicle died – Divaina https://divaina.lk 32 32 සනත් නිශාන්තගේ රියේ ගැටුණු දෙදරු පියා දින 15කට පසු රෝහලේදී මරුට https://divaina.lk/%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94-2/ https://divaina.lk/%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94-2/#respond Mon, 31 Oct 2022 23:55:00 +0000 https://divaina.lk/?p=107541 පසුගිය මස 15 වැනිදා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ ගැටී බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා පෙරේදා (30දා) සවස මියගොස් තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි දෙදරු පියකු වූ මොහොමඩ් සිහාම් නමැත්තෙකි. ඔක්තෝබර් 15 දා සවස රාජ්‍ය ඇමැතිවරයා ගමන් ගත් මෝටර් රථය පුත්තලම නගරය දෙසට එමින් තිබියදී මියගිය පුද්ගලයා ගමන් කළ ඩයිඩෝ වර්ගයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන රථය රාජ්‍ය ඇමැතිවරයාගේ රථය ඉස්සර කර යෑමට සූදානම් වීමත් සමග එහි ගැටී තිබේ.

තුවාලකරු මුලින්ම පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය බරපතළ වීම නිසා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. දින 15කට ආසන්න කාලයක් පුත්තලම හා කුරුණෑගල රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි මෙම දෙදරු පියා පෙරේදා සවස මරණයට පත්ව තිබේ.

පුත්තලම කුරුණෑගල මාර්ගයේ පිටත රවුම් පාර මාර්ගයට ආසන්නයේදී සිදු වූ මෙම අනතුරින් මරණයට පත්වූ තැනැත්තා සිය ඩයිඩෝ යතුරුපැදියෙන් ජලය රැගෙන ගොස් අලෙවි කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත. දරුවන් දෙදෙනා පුත්තලම ෆාතිමා ජාතික පාසලේ 10 ශ්‍රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය හදාරති. අනතුර සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ රියැදුරා පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වන විට ඇප මත මුදා හැර ඇති බවත් සැකකාර රියැදුරු යළි අත්අඩංගුවට ගන්නා බවත් පොලිසිය කියයි.
අමරනන්ද විජේසේකර- මහවැව, පුත්තලම නලීන් හෙන්දුරුගොඩ

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%9c%e0%b7%90%e0%b6%a7%e0%b7%94-2/feed/ 0