The Trincomalee oil tank complex is controlled by the Government of India – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 08 Oct 2021 14:36:13 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg The Trincomalee oil tank complex is controlled by the Government of India – Divaina https://divaina.lk 32 32 චීන වරාය තෙල් ටැංකි 99 ඉරණම කෙසේ විසඳෙයි ද? https://divaina.lk/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a7%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%92-99-%e0%b6%89%e0%b6%bb%e0%b6%ab%e0%b6%b8-%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a7%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%92-99-%e0%b6%89%e0%b6%bb%e0%b6%ab%e0%b6%b8-%e0%b6%9a/#respond Sat, 09 Oct 2021 00:04:00 +0000 https://divaina.lk/?p=26409 මීට ශී‍්‍ර ලංකාවට වසරකට ලැබුණේ ඩොලර් 100,000 කි. එහෙත් ඉන් සිදුවූයේ
ශී‍්‍ර ලංකාවට හදිසි අවස්ථාවක ගබඩා කර ගැනීමට තෙල් ටැංකියක්වත් නැති වීමය….

ති‍්‍රකුණාමල වරාය උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක මෙයට වසර ගණනකට පෙර ජනපති ජේ. ආර්. ජයවර්ධන ති‍්‍රකුණාමල තෙල් ටැංකි ඇමෙරිකාවට ලබාදීමට සැලසුම් කළ අවස්ථාවේ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි කෝපයට පත්වී උතුරේ සිටි කොටි ත‍්‍රස්තවාදීන්ට රෝ සංවිධානය ලවා උදව් කරනු ලැබීය. මෙම තෙල් ටැංකි සමූහය පිළිබඳ ප‍්‍රශ්නය දැන් යළි මතුවී ඇත. 2003 දී එවකට පැවැති රජය ජනතාවගේ අදහස් නොවිමසා තෙල් ටැංකි 99ක සංඛ්‍යාව වසර 35කට ඉන්දීය අයි ඕසී තෙල් සමාගමට බදු දුන්නේය.

මීට ශී‍්‍ර ලංකාවට වසරකට ලැබුණේ ඩොලර් 100,000 කි. එහෙත් ඉන් සිදුවූයේ ශී‍්‍ර ලංකාවට හදිසි අවස්ථාවක ගබඩා කර ගැනීමට තෙල් ටැංකියක්වත් නැති වීමය.

2 වැනි ලෝක මහා යුද්ධය සමයේ ඉදිවූ මෙවැනි තෙල් ටැංකි සංකීර්ණයක් ඉන්දියාවට ද නැත. එහෙත් මෙරට අඥාන පාලකයෝ ඉන්දියාවට මෙම ටැංකි සමූහය ලබාදුන්නේ වසර 35ක බදු ගිවිසුමකටය. ඒ අනුව 2038 වන තුරු ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණය පාලනය කරන්නේ ඉන්දීය රජයයි. මේ තත්ත්වය මත 2038 වනතුරු තෙල් ටැංකි සංකීර්ණයට අත තැබීමට ශී‍්‍ර ලංකා රජයට නොහැකිය.

අක්කර 856 ක ප‍්‍රදේශය පුරා පැතිරී ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමට පෙර ආරක්‍ෂක අංශවලින් පවා විමර්ශනයක් කෙරුණේ නැත. ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු දීම තුළින් ශී‍්‍ර ලංකාවට සිදුවූයේ විශාල පාඩුවකි. මෑතකදී රජය පැවසුවේ බදුදුන් තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි 2 ක් රජය ලබා ගැනීමට කි‍්‍රයා කරන බවය. එහෙත් ඉන්දීය බලධාරීන් එම ටැංකි දෙක ලබාදීම ගැන ප‍්‍රතිචාරයක් දක්වා නැත. 2013 පැවැති රජය මෙම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙනවිට අද විරෝධතා පැවැත්වෙන ආකාරයට විරෝධතා ඇතිවූයේ නැත.

ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රටේ සම්පතකි. මෙයට පෙර ගෑස් සමාගම බහු ජාතික ෂෙල් සමාගමට ද” එයාර් ලංකා ගුවන් සේවය එමිරේට්ස් සමාගමට ද බදු දෙනු ලැබීය. ඉන් එයාර් ලංකා සේවාව සිවිට්සර්ලන්තයේ සූරිච් ගුවන්තොටුපළේ ගොඩබෑමට ද අවසරය අපට අහිමිවිය. මේ පසුබිම මැද ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සඳහට ම ශී‍්‍ර ලංකාවට අහිමි වේ. මන්ද 2038 දී තෙල් ටැංකි ගිවිසුම දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කරන අතර ශී‍්‍ර ලංකාවට එම ගිවිසුම අහෝසි කිරීමට ඉඩ නොදෙනු ඇත. එහෙත් විපක්‍ෂයේ මන්තී‍්‍රවරයෙක් වත්මන් රජයට තෙල් ටැංකි ගැන චෝදනාකර ඇත.

1987 දී රජිව් ගාන්ධි එවකට සිටි ජනපති ජේ. ආර්. ජයවර්ධනට පැවසුවේ ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංවර්ධනය කළ හැක්කේ ඉන්දියාවට පමණක් බවයි. මේ ප‍්‍රකාශය තහවුරු වූයේ 2003 දී ඉන්දියානු අයි ඕසී සමාගම තෙල් ටැංකි සංකීර්ණය බදු ගැනීමය. එදා රජිව් ගාන්ධිට ති‍්‍රකුණාමල තෙල් ටැංකි ඉන්දියාවේ උපායා මාර්ගික සැලසුමක් බව අවබෝධවී තිබුණත් මෙරට දේශපාලකයන්ට ඒ ගැන අවබෝධයක් තිබුණේ නැත. මෙම පසුබිම මැද තමාගේ අරමුණ බදුදුන් තෙල් ටැංකි සංකීර්ණය ආපසු ලබා ගැනීම බව ඇමැති උදය ගම්මන්පිල පවසා ඇත. එහෙත් බදුදුන් තෙල් ටැංකි ආපසු ලබා ගත හැකිද? බණ්ඩාරනායක මැතිනිය හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග සාකච්ඡුාකර කච්චතිවු දූපතේ අයිතිය ශී‍්‍ර ලංකාවට හිමිකරගනු ලැබීය.

එහෙත් අද ඉන්දියාවේ සිටින ආරක්‍ෂක උපදේශකවරයා අජිත් ඩෙවොල්ය. ඔහු අනුගමනය කරන්නේ ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට හේතුවන කි‍්‍රයා මාර්ගයයි. මේ නිසා ඔහු කි‍්‍රයාත්මක කරන්නේ ඩෙවොල් ප‍්‍රතිපත්තියයි. මෙම ප‍්‍රතිපත්තිය යටතේ තෙල් ටැංකි සංකීර්ණය ආපසු ලබා ගැනීම සිහිනයක් වනු ඇත. අජිත් ඩෙවොල් අනුගමනය කරන කි‍්‍රයා මාර්ග ගැන අවධානය යොමු කළහොත් එය ශී‍්‍ර ලංකාවට හිතවත් පිළිවෙතක් නොවේ. ඩෙවොල් වසර කීපයකට පෙර මෙරටට පැමිණ කොළඹ පෝට්සිටි ව්‍යාපෘතිය නතර කිරීමට උත්සාහ කළේය. එහෙත් එම ව්‍යාපෘතිය අත්හිටුවීම ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ඉවත දැමීය. මේ හැර චීනයෙන් ති‍්‍රමාණ රේඩාරය මිලයට ගැනීමට ද ඉන්දියාව එරෙහි විය. මෙයට අමතරව ඉන්දියාව හම්බන්තොට යාපනයේ ද කොන්සල් කාර්යාල ස්ථාපිත කරනු ලැබීය. එසේම ඉන්දීය රෝ සංවිධානය මෙරට කටයුතුවලට අභිරහස් අයුරින් මැදිහත්වේ. මේ නිසා ඉන්දියාව ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ශී‍්‍ර ලංකාවේ මිත‍්‍රශීලී රටක් ලෙස නොවේ.

මෙවන් තත්ත්වයක් මත තෙල් ටැංකි සංකීර්ණය මුදාගැනීම පහසු කාර්යයක් නොවේ. 1987 දී හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දීමට අදහස් කළේය. ඒ වනවිට ති‍්‍රකුණාමල වරායේ ඇති උපාය මාර්ගික වැදගත්කම තේරුම් ගත් ඉන්දියාව ඒ සමීපයේ ඇති තෙල් ටැංකි සංකීර්ණයට දෘෂ්ටිය යොමු කළේය. 2003 දී ඉන්දියාවේ අරමුණ ඉටුවිය. එහෙත් පසුගිය යහපාලන රජයේ සිටි දේශපාලකයන් සහ වත්මන් විපක්‍ෂයන් මේ යථාර්ථය වසන් කිරීමට උත්සාහ කරති. මේ දේශපාලකයන් සිතන්නේ ජනතාව රැවටිය හැකි බවයි. එසේ වුවත් 1987 සිට අතීතය විමර්ශනය කළහොත් මෙරට වැදගත්ම සම්පත් විදේශගත කිරීමට සහය වූයේ කවුද යැයි තහවුරු වේ.

කීර්ති වර්ණකුලසූරිය

]]>
https://divaina.lk/%e0%b6%a0%e0%b7%93%e0%b6%b1-%e0%b7%80%e0%b6%bb%e0%b7%8f%e0%b6%ba-%e0%b6%ad%e0%b7%99%e0%b6%bd%e0%b7%8a-%e0%b6%a7%e0%b7%90%e0%b6%82%e0%b6%9a%e0%b7%92-99-%e0%b6%89%e0%b6%bb%e0%b6%ab%e0%b6%b8-%e0%b6%9a/feed/ 0