TNA – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 17 Jun 2023 09:18:05 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg TNA – Divaina https://divaina.lk 32 32 උතුරේ ඉඩම් ගැන TNA සිහින බිඳ වැටේ https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-tna-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1-%e0%b6%b6%e0%b7%92%e0%b6%b3-%e0%b7%80/ https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-tna-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1-%e0%b6%b6%e0%b7%92%e0%b6%b3-%e0%b7%80/#respond Sat, 17 Jun 2023 23:55:00 +0000 https://divaina.lk/?p=151691 උතුරේ තම ජනතාවට අයත් ඉඩම් ලබාදීමට ආණ්ඩුව මැලිකමක් දක්වන බව ද්‍රවිඩ ජාතික සන්ධානය චෝදනා කරයි. මහජන නියෝජිතයන් ලෙස තම පක්‍ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අවස්ථා කිහිපයක දී මේ සම්බන්ධව සාකච්ඡා කළ ද ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන නියෝජිතයන් පවසන්නේ මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව යැයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්‍යකියන් රාසමානික්කම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

තම පක්‍ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නියෝජිතයන් කිහිපදෙනකු උතුරේ ඉඩම් ප්‍රශ්නය සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ ද තමන් බලාපොරොත්තුවන ඉල්ලීම් මෙතෙක් ඉටුවී නැතැයි ද කීවේය.

එනිසා තමන් උතුරේ ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ වෙත ඉකුත් 15 දා ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ මුලතිව්හි පිහිටි කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරා දීමට තීරණය කර නැති බවය.

එසේ දැනුම් දී ඇත්තේ ඉකුත් 8 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් කුරුන්දි විහාරයට අයත් නොවන රජයේ ඉඩම් මහජනතාවට පවරා දීමට නියම කර ඇති බවට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධව කරුණු පැහැදිලි කරමිනි.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-tna-%e0%b7%83%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1-%e0%b6%b6%e0%b7%92%e0%b6%b3-%e0%b7%80/feed/ 0
උතුරට ඉඩම් හෝ පොලිස් බලතල ස්ථිරයි! https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%a7-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%9d-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd/ https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%a7-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%9d-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd/#respond Sat, 03 Jun 2023 23:55:00 +0000 https://divaina.lk/?p=148969 ජනපතිට පෙර TNA මෝදි හමුවීම ආණ්ඩුවට ගැටලුවක් නැහැලු

උතුරු පළාත් සභාවට ඉඩම් හෝ පොලිස් බලතල ලබාදීමට රජය තීරණය කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ සඳහා මේ වන විට පළාත් සභා මහ ඇමැතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් වාර්තා අධ්‍යයනය කරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

උතුරු පළාත් සභාව සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට සූදානම් වීම සම්බන්ධව කළ විමසීමේදී රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු පැවසුවේ එහි කිසිදු ගැටලුවක් නැති බවය. ඕනෑම පුද්ගලයකුට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවිය හැකි බවත් ඒ සම්බන්ධව රජයේ කිසිදු විරෝධයක් නැති බවත් ඔහු කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරියේදී සිදුකරන බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%a7-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8%e0%b7%8a-%e0%b7%84%e0%b7%9d-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ad%e0%b6%bd/feed/ 0
උතුරු නැගෙනහිර විසඳුම කෝ! ජනපතිට කලින් TNA- මෝදි හමුවක්! https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8-%e0%b6%9a%e0%b7%9d/ https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8-%e0%b6%9a%e0%b7%9d/#respond Sat, 27 May 2023 23:55:00 +0000 https://divaina.lk/?p=147560 ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ තුනක නියෝජිතයන් එළඹෙන ජුනි මාසයේදී ඉන්දියාවට යෑමට තීරණය කර ඇත.

එහිදී නවදිල්ලි නුවර දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් රාජ්‍ය නායකයන් කීපදෙනකු හමුවී ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කරති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ප්‍රකාශ කර ඇතැයි පැවසූ දෙමළ ජාතික සන්ධනය තම නියෝජිතයන් ඊට පෙර නවදිල්ලි නුවරට යන බව ද සඳහන් කරයි. මීට පෙර දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අගමැතිවරයා හමු වීමට අපේක්ෂා කළ නමුත් එම සංචාරය අවලංගු කිරීමට සිදු වූ බව ද දෙමළ ජාතික සන්ධානය වැඩි දුරටත් කියා සිටියි.

දිනසේන රතුගමගේ

]]>
https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%84%e0%b7%92%e0%b6%bb-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%b3%e0%b7%94%e0%b6%b8-%e0%b6%9a%e0%b7%9d/feed/ 0
උතුරේ පක්ෂ සමග ජනපති කතා සරුවෙයි https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83/ https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83/#respond Sat, 13 May 2023 23:53:00 +0000 https://divaina.lk/?p=144858 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතක් අතර පැවැති සාකච්ඡා ඉතා ඵලදායී මට්ටමක පැවැති බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.

ඉකුත් 11 වැනිදා සාකච්ඡා කොළඹ දී ආරම්භ වූ අතර එහි පළමු දිනයේ පැවැති සාකච්ඡාවේ දී දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, උතුරේ ඉඩම් ප්‍රශ්නය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත පිළිබඳව ජනාධිපතිවරයා සමග ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව ද හෙතෙම කීවේය.

ඊට අමතරව උතුරු නැගෙනහිර ජනතාව ආගමික ස්ථාන සම්බන්ධයෙන් මුහුණ පා සිටින ගැටලු සහගත තත්ත්වයත් වර්තමානයේ ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ද සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පසුවට පැවැත්වෙන සාකච්ඡාවල දී උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදා හැරීම සම්බන්ධයෙන් වන කරුණු හා සෙසු දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඔහු කීවේය.

දිනසේන රතුගමගේ

]]>
https://divaina.lk/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b4%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%83/feed/ 0