Top Court in India – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 18 Oct 2023 08:17:39 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Top Court in India – Divaina https://divaina.lk 32 32 සමරිසි විවාහ ඉල්ලීම් 21 ක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි https://divaina.lk/%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%84-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-21-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89/ https://divaina.lk/%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%84-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-21-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89/#respond Tue, 17 Oct 2023 23:48:00 +0000 https://divaina.lk/?p=175007 සමරිසි විවාහ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් ඉවත දැමීමට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17 දා) තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

සමරිසි යුවළ සහ සමාජ ක්‍රියාකාරීන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් 21 ක් සලකා බැලීමෙන් අනතුරුව ඒවා නිෂ්ප්‍රභ කිරීමට මෙලෙස තීරණය කර තිබිණි. මෙම තීරණ ප්‍රකාශයට පත් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ සමරිසි විවාහ නීත්‍යනුකූල බවට තීන්දු කිරීමට තමනට බලයක් නොමැති බවයි. කෙසේ වුවත් ඉන්දීය රජය විසින් යෝජනා කර ඇති පරිදි සමරිසි යුවළ සඳහා සමාජ සහ නීතිමය අයිතීන් මෙන්ම පහසුකම් ලබාදීමට කමිටුවක් පිහිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය එකඟතාව පළකර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.

සුජීව තත්සර

]]>
https://divaina.lk/%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%80%e0%b7%8f%e0%b7%84-%e0%b6%89%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-21-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89/feed/ 0