treasure – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 27 Dec 2022 12:15:37 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg treasure – Divaina https://divaina.lk 32 32 නිධන් හාරමින් සිටි 4 දෙනෙක් බඩුත් සමගම දැලේ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%b0%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-4-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%b0%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-4-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a/#respond Tue, 27 Dec 2022 23:50:00 +0000 https://divaina.lk/?p=118584 වරකාපොළ මංගෙදර පන්සල අසල ඇති විශාල කළුගලක් නිධන් ගැනීම සඳහා කැනීම් කරමින් සිටියදී පුද්ගලයන් හතර දෙනෙකු සහ ඒ සඳහා භාවිතා කරනු ලබන භාණ්ඩත් සමග ඊයේ (27) දහවල් වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීම සදහා වරකාපොළ පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු සිදු කරයි.

වරකාපොළ කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත වරකාපොළ පොලිස් නිලධාරීන් පිරිස එම ස්ථානයට යනවිට කළුගල යන්ත්‍ර උපයෝගී කරගෙන කඩමින් සිට ඇත.

එම ස්ථානයේ තිබී කළුගල් කැඩීමට ගනු ලබන යන්ත්‍රයක්, උදළු, යකඩඉනි, ඇතුළු ඒ සඳහා භාවිතා කරනු ලබන භාණ්ඩ සහ දෙවියන් සඳහා පූජා පවත්වා තිබූ පූජා වට්ටි කිහිපයක් ද වරකාපොළ පොලිසිය විසින් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් හතර දෙනා සහ භාණ්ඩ තොගය වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වරකාපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ප්‍රේමතිලක වීරසිංහ මහතාගේ උපදෙස් මත වරකාපොළ දූෂණ මර්දන අංශයේ උ.පො.පරීක්ෂක රණවංශ, 100179 මහගෙදර පො.කො. ඇතුළු වරකාපොළ කොට්ඨාසයේ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ. වරකාපොළ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

වරකාපොළ සරත් ආනන්ද ලියනගේ

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%b0%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-4-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a/feed/ 0