Two Swedes were killed – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 18 Oct 2023 08:05:32 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Two Swedes were killed – Divaina https://divaina.lk 32 32 බ්‍රසල්ස් අගනුවර වෙඩි තැබීමකින් ස්වීඩන් ජාතිකයෝ දෙදෙනෙක් මරුට https://divaina.lk/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%9c%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b7%99%e0%b6%a9%e0%b7%92-%e0%b6%ad%e0%b7%90/ https://divaina.lk/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%9c%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b7%99%e0%b6%a9%e0%b7%92-%e0%b6%ad%e0%b7%90/#respond Tue, 17 Oct 2023 23:49:00 +0000 https://divaina.lk/?p=174939 බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පෙරේදා (16) සිදු වූ වෙඩි තැබීමකින් ස්වීඩන් ජාතිකයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙම ප්‍රහාරයත් සමගම බ්‍රසල්ස් නගරයට ඉහළම ත්‍රස්තවාදී ප්‍රහාර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ අතර යුරෝපයේ සෙසු රටවල දැඩි අවධානයට මෙම සිදුවීම ලක්ව තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ස්වීඩන හා බෙල්ජියම් ජාතික පාපන්දු කණ්ඩායම් අතර 2024 යුරෝ පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම,සඳහා වන පාපන්දු තරගය පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩාංගණයට ආසන්නයේ පිහිටි බොලෙවාඩ් ඩි වයිප්‍රෙස් ස්ථානයේ සිදු වූ ස්වයංක්‍රීය රයිෆල් තුවක්කු වෙඩි ප්‍රහාරයකින් මෙම ඝාතන සිදුව තිබේ.

මෙම සිදුවීමෙන් යුරෝපය සෙලවි ගිය බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසා තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය සිදු කළ බවට හඳුනාගත් බෙල්ජියමට නීතිවිරෝධී ලෙස පැමිණ සිටින ටියුනීසියානු සම්භවයක් සහිත 45 හැවිරිදි අබ්ඩේසලෙම් ලැසවුඩ් නමැත්තා පෙරේදා සවස බ්‍රසල්ස් පොලිස් නිලධාරින් විසින් ආපනශාලාවක, සිටිය දී වෙඩි තබා මරා දමා තිබේ. මෙම තැනැත්තා ස්වීඩන් ජාතිකයන් දෙදෙනා මරා, දැමීමෙන් පසු අන්තර්ජාලයට වීඩියෝ පටයක් නිකුත් කරමින් තමා,දෙවියන්ගේ නාමයෙන් එම ඝාතනය සිදු කළ පවසා තිබේ. සැකකරු අයිසිස් ත්‍රස්තවාදී සංවිධානය අනුකරණය කළ අයෙකු බවට බෙල්ජියම් බලධාරීහු සැක පළ කරති. වෙඩි ප්‍රහාරය සිදු වන,අවස්ථාවේදී ස්වීඩනය හා බෙල්ජියම අතර පැවැති පාපන්දු තරගය අතරමග නතර කිරීමට,කණ්ඩායම් දෙක පියවර ගෙන ඇති බව,වාර්තා වේ.

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b6%bd%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%85%e0%b6%9c%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b7%80%e0%b7%99%e0%b6%a9%e0%b7%92-%e0%b6%ad%e0%b7%90/feed/ 0