Udari Varnakulasuriya – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 03 Jun 2023 18:57:27 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Udari Varnakulasuriya – Divaina https://divaina.lk 32 32 ඔය පැතිර යන කටකතාව බොරු එහෙම දෙයක් නැහැ – උදාරි වර්ණකුලසූරිය https://divaina.lk/%e0%b6%94%e0%b6%ba-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%bb-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b6%a7%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%91%e0%b7%84/ https://divaina.lk/%e0%b6%94%e0%b6%ba-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%bb-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b6%a7%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%91%e0%b7%84/#respond Sat, 03 Jun 2023 23:50:00 +0000 https://divaina.lk/?p=148956

මගේ රංගන ජීවිතයේ පියා ජැක්සන් මහත්මයයි
අධිරාජ්‍යයා නැතිව පුරම්බිකාව ක්ෂීර සාගරය කළඹයි

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ක්ෂීර සාගරය කැලඹිණ සිනමා නිර්මාණය හරහා මේ දිනවල උදාරි වර්ණකුලසූරිය අපට මුණ ගැසෙනවා. හැමෝම දන්න උදාරි ගැන වැඩිය හඳුන්වාදීම අවැසි නැති නිසාම අපි කෙළින්ම උදාරි සමග කතාබහට එළැඹුණා.

ඔය පැතිර යන කටකතාව බොරු එහෙම දෙයක් නැහැ - උදාරි වර්ණකුලසූරිය

ක්ෂීර සාගරය කැලඹිණ පුරම්බිකාව ගැන මොකද හිතන්නේ?

මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනෑ මා ගැන විශ්වාසය තියලා මේ චරිතය මට ලබා දුන්නාට. ඒ වගේම ජැක්සන් ඇන්තනී මහත්මයාටත් ස්තුතිවන්ත වෙන්න ඕනෑ” මොකද ඔවුන් දෙදෙනා එකතුවෙලයි මාව මේ චරිතයට තෝරා ගත්තේ. මම හිතනවා මම මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා.

ඔය පැතිර යන කටකතාව බොරු එහෙම දෙයක් නැහැ - උදාරි වර්ණකුලසූරිය

අධිරාජ්‍යයා නැතිවම පුරම්බිකාවට චිත්‍රපටය නරඹන්න වුණා නේද?

මට දුකයි හදවතින්ම පුදුමාකාර වේදනාවකින් ඉන්නේ” ජැක්සන් ඇන්තනී මහත්මයාට වුණු දේ ගැන. අධිරාජ්‍යයා නැතිව පුරම්බිකාවට චිත්‍රපටය එළිදැක්වීමට යෑමට සිද්ධවීම ගැන ඇත්තටම දුකයි. පෞද්ගලික වශයෙන් මගේ රංගන ජීවිතයේ පියා තමයි ජැක්සන් ඇන්තනී මහත්මයා. ඔහු ‘එකගෙයි සොකරි. චිත්‍රපටයට මාව තෝරාගෙන මට දුන්නු වටිනාකමට පස්සෙ තමයි මේ චිත්‍රපට රැසම මට ලැබුණේ. අතිදැවැන්ත අධ්‍යක්‍ෂවරු සියලු දෙනාම මා ගැන විශ්වාස කරලා මට චිත්‍රපට ලබාදුන්නේ ඊට පසුවයි. රඟපෑම හරි විදියට කියල දුන්නේ ජැක්සන් ඇන්තනී මහත්මයා. මගේ ගුරුපියා නැතිව මේ චිත්‍රපටයට යන්න වීම ගැන මම හරි දුකෙන් ඉන්නේ.

තව චිත්‍රපට කීයක් තිරගත වෙන්න තියෙනවාද?

මගේ චිත්‍රපට අටක් පෝලිමේ තිබෙනවා. දැන් දෙවැනි යුද්ධය සහ ක්ෂීර සාගරය කැලඹිණ චිත්‍රපට දෙක තිරගත කිරීම ආරම්භ කළා. මිදුණු විශ්වය ලබන මාසයේ තිරගත කිරීම ආරම්භ කරනවා.

සරත් වීරසේකර මහත්මයාගේ ශ්‍රී සිද්ධාර්ථ” සංජීව පුෂ්පකුමාරගේ ආසු” ජැක්සන් ඇන්තනී මහත්මයාගේ එකගෙයි සොකරි” ඔහුගේම දේවි සම්බුලා සිංහල චිත්‍රපටය සහ සම්බුලා ඉංග්‍රීසි චිත්‍රපටය යන චිත්‍රපට පහ තිරගත වීමට නියමිතයි.

ඔය පැතිර යන කටකතාව බොරු එහෙම දෙයක් නැහැ - උදාරි වර්ණකුලසූරිය

දැන් ටෙලි නාට්‍ය භාර ගන්නේ අඩුවෙන්ද?

ඒක තාවකාලිකයි. මම පුංචි තිරයත්” රිදී තිරයත් කියලා කෙණහිලිකමක් කරන්නේ නැහැ. මම මගේ ප්‍රේක්‍ෂකයන්ට හරිම ආදරෙයි. පායා එන්න හිරුසේ චිත්‍රපටයෙන් සිනමා නිළියක් විදිහට මම ප්‍රේක්‍ෂකයන් ඉදිරියට අවට මාව ප්‍රේක්‍ෂකයන් වැඩිපුරම අඳුර ගත්තේ බොඳමීදුම් ටෙලි නාට්‍යයෙන්. ඉතිං මට පුංචි තිරයට කෙණහිලිකම් කරන්න පුළුවන්කමක් නැහැ. හැබැයි චිත්‍රපට ටික තිරගත කරනකම් තාවකාලිකව ටෙලිනාට්‍ය අඩුවෙන් භාර ගන්නේ.

ඇයි එහෙම කරන්නේ?

හැම වෙලේම පුංචි තිරයේ ප්‍රේක්‍ෂකයන් ඉදිරියේ පෙනෙන්න හිටියොත් අගය නැති වෙනවා කියලත් කතාවක් තියෙනවානේ. ටිකට් පතක් අරගෙන මාව බලන්නම ඕනෑ හින්දා චිත්‍රපටයත් බලන්න එයි කියන විශ්වාසය නැතිවේවි කියලා හිතෙනවා. ඒක හින්දා තාවකාලිකව ටෙලි නාට්‍යවලින් පෙනී ඉන්නවා අඩුයි. හැබැයි ටෙලි නාට්‍යවලින් සමුගෙන නැහැ.

ඇත්තටම ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවාද?

පැහැදිලිවම මට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා නොලැබෙනවා නෙමෙයි.

කට්ටිය කියන්නේ උදාරි ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ කියලා.

ඒ කතාව බොරුවක්. ගොඩක් ටෙලි නාට්‍ය නිෂ්පාදක මණ්ඩල හිතාගෙන ඉන්නේ මම ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ කියලයි. ඒ කතාව බොරු. මම ටෙලි නාට්‍යවල රඟපානවා.

මේ පැතිර යන කටකතාව බොරුවක්ද?

ඔය පැතිර යන කටකතාව බොරුවක්. මම ටෙලි නාට්‍යවල රඟපානවා. එහෙම දෙයක් නැහැ. ඇත්තටම පසුගිය කාලයේ මට ටෙලි නාට්‍යවල රඟපාන්න කාලය කළමනාකරණය කරගන්න බැරිවුණා. මොකද චිත්‍රපට එකදිගට රූගත කිරීම් සිදුකරපු නිසා” ටෙලි නාට්‍යවලට දින ලබාදීමට නොහැකි වුණා. නැතිව ටෙලි නාට්‍ය භාර නොගන්නවාම නෙමෙයි පිටපත හොඳට කියවලා බලලා මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන හැම චරිතයක්ම භාර ගන්නවා.

ලැබෙන ආරාධනා එපා කියපු අවස්ථා තිබුණාද?

එපා කියපු අවස්ථා තිබුණා මොකද දීර්ඝ ටෙලි නාට්‍යවලට තමයි මට ආරාධනා ලැබුණේ. හැබැයි මට දිගුකාලීනව ඒවත් එක්ක සම්බන්ධ වෙන්න අමාරුයි. මගේ දුව විදෙස්ගත වෙලා අධ්‍යාපනය හදාරනවා. එයාට තවම අවුරුදු එකොළහයි. දුව තවම අම්මාගේ ආදරය හොයන කාලයනේ. ඉතිං මට හැම වෙලේම විදෙස්ගත වෙන්න වෙනවා. එතකොට මට හිතෙනවා මම එහෙම වැඩක් භාර ගත්තොත් ඒ වැඩේට අසාධාරණයක් සිද්ධ වේවි කියලා ෂෝට් එපිසෝඩ් භාර ගන්නවා. මෙගා ටෙලි නාට්‍ය තවම භාර ගන්නේ නෑ.

දැන් වැඩිපුර කැමති ජනප්‍රිය නිළියගේ සම්මානය අතට ගැනීමටද? නැත්නම් හොඳම නිළියගේ සම්මානය අතට ගැනීමටද?

ඕනෑම කලාකරුවෙක්” කලාකාරිනියක් ජනප්‍රිය වගේම හොඳම සම්මානය ගන්නත් ආසයි. හැබැයි අපි විශ්වාස කරන්නේ වෘත්තීයමය වශයෙන් තමන් අතිදක්‍ෂ වෙන්නනේ. ඕනෑම වෘත්තියකදී අපි කැමති හොඳම තැන ගන්නනේ. මම කලාකාරිනියක් හැටියට ජනප්‍රියම සම්මානයට ආසා කරනවා වගේම ඇගයීම” වටිනාකම දැනෙන හොඳම නිළිය සම්මානයටත් ආදරෙයි.

දිනේෂ් විතාන

]]>
https://divaina.lk/%e0%b6%94%e0%b6%ba-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b6%bb-%e0%b6%ba%e0%b6%b1-%e0%b6%9a%e0%b6%a7%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%94-%e0%b6%91%e0%b7%84/feed/ 0
මම හිතුවේ මේ සම්මානය ශලනිට හම්බ වේවි කියලා https://divaina.lk/%e0%b6%b8%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%81%e0%b6%bd%e0%b6%b1%e0%b7%92/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%81%e0%b6%bd%e0%b6%b1%e0%b7%92/#respond Sat, 18 Feb 2023 23:52:00 +0000 https://divaina.lk/?p=128788 – සුමති සම්මාන උළෙලේ 2020 හොඳම නිළිය වූ උදාරි කියූ කතාව….

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය ලෙස හඳුන්වනු ලබන 26 වැනි සුමති සම්මාන උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී 2020 වර්ෂය සඳහා හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස ගිරිදේවි හි ආශාගේ චරිතය රඟපෑ ශලනි තාරකාත් Can you Hear meහි මහීමිගේ චරිතය රඟපෑ මිෂෙල් දිල්හාරාත්” සංසාරාරණ්‍යය අසබඩ හි ළමාතැනීගේ චරිතය නිරූපණය කළ උදාරි වර්ණකුලසූරියත් නිර්දේශ වී තිබිණි. අවසානයේ මෙම සම්මානය හිමිවූයේ උදාරි වර්ණකුලසූරියටය. ඉතිං ඒ ගැන විමසන්න උදාරි සමග පිළිසඳරක යෙදුන මොහොතක අපි අහපු ප්‍රශ්නවලට ඇය කෙළින්ම උත්තර දුන්නා.

සංසාරාරණ්‍යය අසබඩ හි ළමාතැනී යළිත් වතාවක් හොඳම නිළිය වෙනවා?

ගොඩක් සතුටුයි. ආඩම්බරයි. ඒ වගේම සංසාරාරණ්‍යය අසබඩ ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂවරයා වන සංජය නිර්මාල්ට ස්තුතිවන්ත වෙන්න ඕන ළමාතැනීගේ චරිතය මා ගැන විශ්වාසයක් තබලා මට ලබාදුන්නාට. සයිමන් නවගත්තේගම මහත්මයා අප අතර නැතිවුණාට ඔහුටත් ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඒ වගේ දැවැන්ත චරිතයක් ඔහු අතින් රචනා කළාට.

ගිය වසරේත් ළමාතැනී හොඳම නිළිය වෙනවා?

ගිය අවුරුද්දේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ දීත් ළමාතැනී හොඳම නිළිය සම්මානය ලබාගන්නවා. ඒ වගේම මේ අවුරුද්දේ සුමති සම්මාන උළෙලේදීත් ඒ ළමාතැනී හොඳම නිළිය සම්මානයට පාත්‍ර වෙනවා. මම විශ්වාස කරනවා සයිමන් නවගත්තේගම සහ අධ්‍යක්‍ෂවරයා මවපු ළමාතැනී මගෙන් හරියට වෙන්න ඇති කියලා.

මම හිතුවේ මේ සම්මානය ශලනිට හම්බ වේවි කියලා

මෙය ඔබේ ජීවිතයට සුවිශේෂයි?

ඇත්තටම ඔව්. මගේ රංගන ජීවිතයේ අවුරුදු පහළොවක ගමනේදී ආපස්සට හැරිලා බැලුවොතින් ජනප්‍රියම නිළියට කිහිප වතාවක්ම පාත්‍ර වෙනවා. හැබැයි හොඳම නිළියට නිර්දේශ වෙන්නේ ප්‍රථම වතාවට ගිය අවුරුද්දේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී. එතැනදී මට සම්මානය පවා ලැබෙනවා. ඒ වගේම පළමු වතාවට සුමති සම්මාන උළෙලේදීත් ළමාතැනී සම්මාන ලබනවා. මම හිතනවා මේක මගේ පෙර පිනක් කියලා.

හැමෝම හිතුවේ ගිරිදේවි හි ආශා චරිතය රඟපෑ ශලනිට මේ සම්මානය ලැබේවි කියලා?

ඔව්. ඇත්තටම මමත් බලාපොරොත්තු වුණා ශලනි තාරුකා රඟපෑ ගිරිදේවි හි ආශාගේ චරිතයට මේ සම්මානය ලැබේවි කියලා. මම හිතුවා රයිගම් සම්මාන උළෙලේදී මාව ඇගයීමට පාත්‍ර වුණ හින්ද සුමති සම්මාන උළෙලේදීවත් ඇය එම සම්මානයට පාත්‍ර වේවි කියලා. මමත් ඇත්තටම බලාපොරොත්තු වුණේ ශලනි ජයග්‍රහණය කරාවි කියලා. ශලනියි මමයි කියන්නේ හරි හොඳ මිතුරියන් දෙදෙනෙක්. ඇත්තටම ඇයත් සතුටු වුණා මට මේ සම්මානය ලැබීම ගැන. ඇයට ලැබුණා නම් මාත් හරි ආදරෙන් අත්පුඩි ගහලා සුබපතන්න හිටියේ.

ඔබේ අතට සම්මානය හිමිවෙන කොට ශලනිගෙ ප්‍රතිචාරය මොන වගේද?

හරිම සතුටෙන් හිනාවෙලා. මට සුබ පැතුවා.

ළමාතැනීට මේ වගේ ගමනක් යන්න පුළුවන් වේවි කියල හිතුවද?

ඇත්තටම මම එහෙම හිතුවේ නැහැ. මට ඒ චරිතය ලැබෙද්දී මම හිතුවේ අභියෝගාත්මක චරියතයක් ලැබුණා කියලා විතරයි. අවසානයේ මම ඒ අභියෝගය ජයගත්තා කියලා හිතනවා.

මෙවර සම්මාන උළෙලට සැමියා සහභාගි වුණේ නැතිද?

නැහැ. මේ පාර එයාට එන්න නිවාඩු තිබුණේ නෑ. ගියවර සම්මාන උළෙලට ආවා. ලංකාවට ඇවිත් ගිහිල්ලා සතියක්වත් නෑ.

දුව ලංකාවෙද ඉන්නෙ?

මම හිතුවේ මේ සම්මානය ශලනිට හම්බ වේවි කියලා

නැහැ. දුව අධ්‍යාපනය හදාරන්නේ සිංගප්පූරුවේ. මේ දවස්වල ඉස්කෝලෙ නිවාඩු නැති හින්ද එයා සිංගප්පූරුවේ ඉන්නෙ.

අම්මා හොඳම නිළිය වීම ගැන දුව මොනවද කිව්වේ?

ඇත්තටම ගොඩක් සතුටු වුණා. මම ආඩම්බර අම්මා කෙනෙක්.

එතකොට සැමියා?

එයත් සතුටු වුණා. එයත් මුහුණුපොතට විශේෂ සටහනකුත් එකතු කරලා තිබුණා. පසුගිය අවුරුදු පහළොව පුරාවට එයත් මේ ගමනේදී මාත් එක්ක හිටියා.

මේ දවස්වල මොනවද කරන්නේ?

මම පසුගිය අවුරුද්දක් පුරාවට ෂූටින්වලට සහභාගි වුණේ නෑ. මොකද දුවට වෙච්ච පොරොන්දුවක් හින්ද. දැන් ඒ පොරොන්දු කාලය ඉවරයි. ආපහු මම වැඩ පටන් ගත්තා. මේ දවස්වල කෙටි කොටස් ටෙලිනාට්‍ය දෙකක් සහ චිත්‍රපට දෙකක් භාර ගත්තා.

ඔබ රංගනයෙන් දායක වුණු චිත්‍රපට රැසක් තිරගත වෙන්න තිබෙනවා නේද?

ඔව්. චිත්‍රපට අටක් තිරගත වෙන්න තිබෙනවා. ඉතිං ඒවා තිරගත වෙනකම් තමයි බලාගෙන ඉන්නේ.

මොනවද ඒ චිත්‍රපට?

ජැක්සන් ඇන්තනීගේ එකගෙයි සොකරි, සංජීව පුෂ්පකුමාරගේ ආසු, සරත් වීරසේකරගේ ශ්‍රී සිද්ධා, සුනිල් ආරියරත්න මහත්මයාගේ

ක්‍ෂීර සාගරය කැලඹිණ, ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ මිදුණු විශ්වය, පී. සිවදාසන් මහත්මයාගේ දෙවන යුද්ධය, ජැක්සන් ඇන්තනී මහත්මයා අධ්‍යක්‍ෂණය සහ තිර රචනය කළ දේවි සම්බුලා.

දැවැන්ත අධ්‍යක්‍ෂවරු ගොන්නකට මැදිවීම ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි මම හරි භාග්‍යවන්තයි කියලා හිතනවා. මොකද හැම රංගන ශිල්පිණියකගේම හීනයක් තමයි අතිදැවැන්ත අධ්‍යක්‍ෂවරු එක්කෙනෙක් යටතේ හෝ අධ්‍යක්‍ෂණය වීම. මගේ වාසනාවට මට ඔවුන් සියල්ලගේම යටතේ අධ්‍යක්‍ෂණය වෙන්න ලැබුණා. ඔවුන්ගේ ගුරුහරුකම් ලැබුණා. ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණා.

පායා එන්න හිරුසේ හිටපු උදාරි, බොඳ මීදුම් හි සංසලා දැන් හරි පරිණතයි කියලා හිතෙනවාද?

ඒ වටිනාකම මට දුන්නේ ආදරණීය ජූරිය විසින්. ඒ ලේබල් එක මට ලබාදුන් ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා.

ඒ කාලේ උදාරි හිටියේ ජනප්‍රිය නිළිය ගොන්නේ. දැන් දැන් හොඳම නිළිය අතරේ, මොකද මේ කාලය ගැන හිතන්නේ?

පුංචි තිරයේ හෝ රිදී තිරයේදී ප්‍රේක්‍ෂකයෝ අපිව දකින සුන්දරත්වය තිරයෙන් පිටුපස ඒ තරම් මිහිරි නෑ. අපි මහන්සි වෙනවා. කැපවෙනවා. ඇත්තටම අපි කායිකව සහ මානසිකව ගොඩක් මහන්සි වෙනවා. අපේ හැඟීම් සහ රූපය තමයි අපි විකුණන්නේ. ඒ මහන්සිය සහ කැපවීමට ඇගයීමට පාත්‍රවීම වගේම එයට වටිනාකමක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි.

ඒ කාලේ ඔබට හරියට මඩ ගැසීම්, ගොසිප් වගේ දේවල් නිර්මාණය වුණා?

ඒවා අදටත් හැදෙන්න පුළුවන්. හෙටත් ගොසිප් හැදෙන්න පුළුවන්. ඒවා ප්‍රසිද්ධ නාම වටා ගෙතෙන දේවල්නේ. මොකද ප්‍රසිද්ධ නොවන චරිතයකට ගොසිප් එකක් හැදුනට ඒක ගොසිප් එකක් වෙන්නේ නෑ. ප්‍රසිද්ධ චරිත වටායි ගොසිප් හැදෙන්නේ. ඉතිං ඒක පොදු දෙයක්. මම ඒ දේවල් සතුටින් භාරගන්නවා.

දැන් වෙනකොට උදාරි චරිත තෝරගන්නේ හරි පරිස්සමින්ද?

දැන් නෙමෙයි මම කවදත් එහෙමයි. ඕනෑම නිර්මාණයක් මට භාර දුන්නොත් මට ලැබෙන චරිතය මම හැදෑරීමකට භාජනය කරනවා. ඒ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන හිතනවා. මට කරන්න පුළුවන් චරිත විතරයි භාරගන්නේ. බොරුවට කරන්න බැරි චරිත භාරගන්නේ නෑ. කරන්න අපහසු චරිතයක් ලැබුණොත් මම ඔවුන්ට කියනවා මට මේක කරන්න අපහසුයි කියලා. එදා ඉඳලා අද වෙනකම් මම චරිත තෝරා ගැනීමකින් තමයි භාරගත්තේ.

මහේෂ් එදිරිසිංහ

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%b8-%e0%b7%84%e0%b7%92%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b7%9a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba-%e0%b7%81%e0%b6%bd%e0%b6%b1%e0%b7%92/feed/ 0
රිද්ම මණ්ඩලය ක්ෂීර සාගරය කලඹන්න සැරසෙයි https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%93%e0%b6%bb-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%93%e0%b6%bb-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba/#respond Thu, 12 Jan 2023 23:55:00 +0000 https://divaina.lk/?p=121724 සයිමන් නවගත්තේගමගේ “ක්ෂීර සාගරය කැලඹිණ” නවකතාව ඇසුරින් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කළ “ක්ෂීර සාගරය කැලඹිණ” ළඟදීම රිද්ම මණ්ඩලයට අයත් සිනමාශාලාවල තිරගත වේ.

ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, ලූෂන් බුලත්සිංහල, සරත් කොතලාවල, කුමාර තිරමාදුර, ගිහාන් ප්‍රනාන්දු, රවීන් කණිෂ්ක, වසන්ත කුමාරවිල, ප්‍රියංකා සමරවීර, අනුර බන්ඩාර රාජගුරු, හරිනි කාව්‍යාංජනී ජගත් බෙනරගම රංගනයෙන් දායක වන‘ක්ෂීර සාගරයේ’ තිරනාටක රචනය සහ සංවාද රචනය ද ජැක්සන් ඇන්තනීගෙනි. කැමරා අධ්‍යක්‍ෂවරයා චන්න දේශප්‍රිය යි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද ආචාර්ය නන්දා මාලිනී ගායනයෙන් ද අජිත් රාමනායක සංස්කරණයෙන් ද ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් ද ධම්මික හේවාදුවත්ත කලා අධ්‍යක්‍ෂණයෙන් ද සසික රුවන් මාරසිංහ නාද සැලසුම්කරණයෙන් ද විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්‍ෂණයෙන් ද කපිල පලිහවඩන නර්තන අධ්‍යක්‍ෂණයෙන් ද ඔසඳ සමන් බණ්ඩාර සටන් අධ්‍යක්‍ෂණයෙන් ද දායක වූ ‘ක්ෂීර සාගරය’ නිෂ්පාදනය කරන්නේ “යශෝදරා”, “විජයබා කොල්ලය” ඇතුළු චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ එච්. ඩී. ප්‍රේමසිරියි. සම නිෂ්පාදනය කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී සහ චාන්දි හපුතන්ත්‍රීගෙනි. ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන අධීක්‍ෂක වන අතර නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීරගෙනි.

රිද්ම මණ්ඩලය ක්ෂීර සාගරය කලඹන්න සැරසෙයි

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e0%b6%b8-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%93%e0%b6%bb-%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b6%bb%e0%b6%ba/feed/ 0