University – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 29 Nov 2022 19:12:08 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg University – Divaina https://divaina.lk 32 32 අය – වැය සංවාද අස්සේ මතු වූ සංඥා කීපයක්: https://divaina.lk/%e0%b6%85%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%8f%e0%b6%af-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%94-%e0%b7%80%e0%b7%96-%e0%b7%83/ https://divaina.lk/%e0%b6%85%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%8f%e0%b6%af-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%94-%e0%b7%80%e0%b7%96-%e0%b7%83/#respond Tue, 29 Nov 2022 23:55:00 +0000 https://divaina.lk/?p=113260 හා…! හා…! බලාගෙනයි!

2023 අය – වැය විවාදයෙහි සුවිශේෂ ලක්ෂණය වූයේ එහි අඩංගු මූලික යෝජනා පිළිබඳව ගැඹුරු හෝ මූලධර්ම විමර්ශනය කිරීමට වඩා සමාජ දේශපාලන කරුණු ඉස්මතු කිරීමත්, ඒවා සංවාදයට ලක් කිරීමත්ය. ජනාධිපති රනිල් සිය අය වැය ඉදිරිපත් කරමින් සඳහන් කළේ තම අය වැය එදා මෙදා තුර මෙරටේ ආර්ථිකයෙහි වූ සංවෘත හා විවෘත ආර්ථික ප්‍රතිපත්ති දෙකට ම වඩා වෙනස් නව සමාජ ආර්ථික කියවීමක් බවය. තම පුරෝගාමී නායකයාවූ ජේ. ආර්. ජයවර්ධන විසින් සමාජ ගත කරන ලද විවෘත ආර්ථික පිළිවෙතද අද කල් ඉකුත්ව ඇති බව ජනාධිපති රනිල් සඳහන් කර තිබුණි. කුමක් වුවත් අය වැය විශ්ලේෂණයකට වඩා පවත්නා සමාජ දේශපාලන අර්බුදය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලෙමින් තිබීම ගැනද විපක්‍ෂයේ බහුතරයක්

මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුවට චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කරන ලදී. පොහොට්ටු පාලනයෙන් වෙන්වී විපක්‍ෂයට ගොස් ස්වාධීනව සිටින ඩලස් පිලත් විමල් හා වාසු කණ්ඩායමත් දැඩිව ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මර්දනකාරී පිළිවෙතකට යොමුවී සිටින බවය. ස. ජ. බ. නායක හා විපක්‍ෂ නායක සජිත් පාර්ලිමේන්තුව තුළදී සිදු කළ විවේචනවලට අමතරව විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු වසයෙන් විපක්‍ෂනායකවරයා තම නිවේදනය නිකුත් කර තිබුණි. ඔහු සඳහන් කර තිබුණේ කිසිදු ජනතා කැමැත්තකින් තොරව පස්සා දොරෙන් බලයට පත්ව, ආර්ථික ඝාතකයන් රැළකට රැකවරණ දෙන ජනාධිපතිවරයා විසින් කරනු ලබන බියගුළු ප්‍රකාශවලට මෙරටේ ජනතාව බිය ගැන්විය නොහැකි බවය. ජනාධිපතිවරයාට මේ වනවිට මෙරටේ සිදු වූ ගාලු මුවදොර විරෝධතාව මෙන්ම එයින් උද්ගතවූ සමාජ දේශපාලන ඵල විපාක ගැන ද අමතකව තිබෙන බව ද සජිත්ගේ විවේචනය විය.

අය - වැය සංවාද අස්සේ මතු වූ සංඥා කීපයක්:

මේ පිළිබඳව ජ. වි. පෙ. විජිත හේරත් කියා සිටියේත් අරගලයට පින් සිදුවන්නට ජනාධිපති පුටුවේ වාඩිවීමට හැකි වූ රනිල් අද එය අමතක කර දමා මර්දනයකට සැරසී සිටින බවය. ජ. වි. පෙ. පමණක් නොව, විපක්‍ෂයේ බොහෝ දෙනෙකු විසින් ද මතු කරනු ලබන කරුණක් වී ඇත්තේ රනිල්ට ජනාධිපති ධුරය හිමි වූයේ අරගලයේ ඵලයක් විසින් බවය. එසේම මෙහිදී පොහොටුව පවසන කරුණක් ද ඇත. එනම් අරගලයෙන් පසුව ජනාධිපති ධුරයට පත්වීමට පවා තිබුණු අවස්ථාවට විපක්‍ෂනායක සජිත් පයින් ගැසූ බවය. එවැනි අභියෝගයක් භාර ගැනීමට තරම් දිරියක් සජිත්ට නොවූ බව ද ආණ්ඩුවේ ඇමැතිවරු කියත.ි මෙම අය වැය විවාදයේ දී ඒ සම්බන්ධයෙන් සජිත් ලියූ ලිපියක් ද ජනාධිපති රනිල් සභාගත කළ අතර එයට ප්‍රතිචාර දැක්වූ සජිත්ගෙන්ද තවත් ලිපියක් ඉදිරිපත් වූ බව පෙනුණ. කුමක් වුවත් මේ කාරණය සම්බන්ධයෙන් පොහොට්ටුව පළ කරන අදහස් හා ජනාධිපති රනිල් කළ විවේචන මෙන්ම සජිත්ගේ ප්‍රතිචාර ද අපට පෙනෙන්නේ හෝදා හෝදා මඩේ දමන දේශපාලන විගඩමක් බවය. ඇත්ත වසයෙන්ම අද ජනතාවට තිබෙන ප්‍රශ්න ඊට වඩා හාත් පසින් වෙනස් බවද ආණ්ඩුව මෙන්ම විපක්‍ෂයේ සියලු දෙනාම ද දැඩිව අවධානය යොමු කළ යුතු බව අපට යොජනා කළ හැකිය.

ජනාධිපති රනිල් ඉකුත් 24 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති අය වැය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක් වෙමින් කරන ලද ප්‍රකාශ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් භික්‍ෂු ගෞරවය ආදී කරුණු සමාජ දේශපාලන අංශ වඩාත් උණුසුම් කිරීමට හේතු විය. ජනාධිපති රනිල්ට අවශ්‍ය වූයේ තමන් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව සිදු කෙරෙන අරගල අනුමත කරන බවත් එසේ නොමැතිව අරාජිකත්වය හා ප්‍රචණ්ඩත්වය යොදා ගනිමින් කෙරෙන අරගල පොලිසිය හා හමුදාව යොදවා නවත්වන බවත් පැවසීමටය. එසේම පැවිදි පක්‍ෂය යොදා ගනිමින් විරෝධතා දැක්වීමට ඉඩ නොදෙන බවත් විශ්වවිද්‍යාල තුළ වසර අටක් නවයක් රැඳී සිටීමෙන් ගෙන යන විරෝධතා අනුමත නොකළ හැකි බවත් ඔහු පෙන්වා දුන් කරුණු විය. එසේම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කළ වියට්නාමයේ සින්සියම් ගැන ද ඒකාධිපති හිට්ලර් ගැන ද ඔහු සිහිපත් කළේය.

ජනාධිපතිවරයාගේ විවේචනවල පදනමක් තිබේ. එහෙත් ඔහුගෙන් වාග්ලීලාව මෙන්ම ඔහුගේ අනතුරු හැඟවීම් ප්‍රශ්නකාරී බව පෙනේ. මානවහිමිකම් ක්‍රියාන්විතය හා පාලකයන් අතර තිබෙන ගැටුම අපි දනිමු. එහෙත් මානව හිමිකම් යනු මනුෂ්‍යත්වය සාධාරණත්වය මත කෙරෙන මැදිහත්වීම් බවද අප සිහිපත් කළ යුතුය. අපරාධකරුවන්, පාතාලයන් වැනි ප්‍රශ්නකාරී සමාජ දූෂිත චරිත වෙනුවෙන් මානවහිමිකම් රැකිය යුතුද යන්න විවාදිත ප්‍රශ්නයකි. එහෙත් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පතන යොදා ගනිමින් සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බව රටම දන්නා කරුණකි. සිවිල් සංවිධාන, නීතිඥයන්ගේ මැදිහත්වීම් හා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට ඒවා අනුමත කළ හැකිද? පොලිසියට තිබෙන විවේචන සුළුපටු නැත. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද පොලිස්පතිට යම් යම් කරුණු ගැන උපදෙස් දී තිබේ.

ඇත්තට ම පොහොට්ටුවට වුවමනා තම බලයත්, තම මන්ත්‍රීවරුන්ගේ සුඛවිහරණයත් බවට තිබෙන විවේචනය පදනම් විරහිත නොවේ. පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල්ගේ ශ්‍රී ලංකා ගමන ගැන ලැබුණු ප්‍රභූ සැලකිල්ල කාටත් පෙනුණි. බලය යනු පාර්ලමේන්තුවේ තිබෙන ඔළුගෙඩි සංඛ්‍යාවේ ශක්තිය යැයි සමහරු කල්පනා කරති. පසුගිය දිනවල ජනාධිපති රනිල් විසින් කරන ලද ඇතැම් ප්‍රකාශ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ගේ අමන්දානන්දයට හේතු වූ බව නිසැකය. එසේම පොහොට්ටුවේ අත්පොළසන් ලබාගැනීමට වඩා ඔහුගේ අවධානය යොමු විය යුත්තේ අද රටත්, ජනතාවත් මුහුණ දී සිටින අසීරු අර්බුද යම් ප්‍රමාණයකට හෝ ලිහිල් කර දීමටය.

ගාලු මුවදොර අරගලය මෙන්ම ඒ පිළිබඳව ජනාධිපතිගේ ස්ථාවරය අද වෙනස් වී තිබේ දැයි සැක සිතේ. එදා ඔහු පළකළ අදහස් යළි උපුටා දැක්වීමට අවශ්‍ය නැත. එහෙත් ඔහුගේ දේශපාලන මනස, ආකල්ප තුළින් ගම්‍ය වන්නේ ඒ අරගලයේ ගමන් මඟ පිළිබඳ නුරුස්නාවකි. ඔහු දක්වන කරුණු තර්කයට, බුද්ධියට අදාළ විය හැකිය. එහෙත් අද පොලිසිය සාමකාමී අරගල උද්ඝෝෂණ නිර්දය ලෙස මඬින්නට දරන උත්සාහය පැහැදිලිය. ඇත්තට ම ගෝඨාගම රැක ගත යුතු යැයි එදා ඔහු ප්‍රකාශ කර තිබුණි. එහි දේශපාලන කියවීම ඉතා නිවැරදිය. එහෙත් අද පොලිසිය අරගලයේ එක් පාර්ශ්වයක් හඹා යන බව ද අපගේ විවේචනයයි.

ගාලු මුවදොර සාමකාමී අරගලයට පොහොට්ටුවේ කුප්‍රකට මැරයන් කළ පහරදීම් ගැන පොලිසිය දක්වන උදාසීනත්වය වසන් කළ නොහැකිය. එහෙත් ඒ පොලිසිය වසන්ත මුදලිගේ ඇතුළු තවත් අය දෙස බලන්නේ ත්‍රස්තවාදීන් ලෙස දැයි සැක සිතේ.

ජනාධිපති රනිල් විසින් පසුගිය දිනවල සිදු කරන ලද ඇතැම් ප්‍රකාශ ආන්දෝලනාත්මක නිසා ඒවායේ දැඩි ප්‍රහාරාත්මක විලාසය සැඟවිය නොහැක. ඔහු යොදාගත් වචන, ඔහුගේ ආමන්ත්‍රණය සන්සුන් හෝ නිවුණු එකක් ද නොවීය. එයින් සිදුවූ සන්නිවේදනය යහපත් යැයි කිව නොහැක. ප්‍රචණ්ඩත්වය හා සාහසිකත්වය පිළිබඳ මෙරටේ ශිෂ්ට සම්පන්න පුරවැසියන්ට ඇත්තේ දැඩි පිළිකුලකි. අමිහිරි අත්දැකීම්ය. එමතු නොව, ප්‍රචණ්ඩත්වය මෙන්ම සාහසිකත්වය ද කිසිවිටෙක ඔව්හු අනුමත නොකරති. එසේම එබඳු දුෂ්ට අවිචාරශීලී මැදිහත්වීම් මානව වර්ගයාගේ විමුක්තිය උදෙසා හේතු නොවන බව මහත්මා ගාන්ධිතුමන් විසින් ද අවධාණය කරන ලද්දකි. සින්සියම් මෙන්ම හිට්ලර් යනු ලෝකය ම පිටු දකින ලද දුෂ්ට අපරාධකාරයන් දෙදෙනෙකි. සින්සියම් වියට්නාමය ලේ ගංගාවක් කළ බෞද්ධයන් වැනසූ ම්ලේච්ඡයකි. ඇමෙරිකානු රූකඩයක් වූ සිනසියම්ට එරෙහිව බෞද්ධ භික්‍ෂුහු සිරුරට ගිනිතබා ගනිමින් විරෝධය පෑහ. අවසානයේ සින්සියම්ට ද මරණය අත්විය. ඒ හමුදා කුමන්ත්‍රණයකින් ඝාතනයට ලක්වීමකි.

ජනාධිපති රනිල් යනු බෞද්ධ දර්ශනයේත්, බෞද්ධ සාහිත්‍යයේත් විවිධ කරුණු උචිත පරිදි දේශපාලනයට උපුටා දක්වන නායකයෙකි. එබඳු නායකයකුට හිට්ලර් ප්‍රිය විය නොහැකිය. හිට්ලර් පන්නයේ ඝාතන සිදු කළ කිසිවෙක් මෙතෙක් වාර්තාවී නැත. ඔහුට යම් ප්‍රමාණයකින් හෝ සමීප වූයේ ප්‍රභාකරන් පමණක් විය යුතුය. එසේ වුවද හිට්ලර් මෙන් රටක පාලනයක් ගෙන යෑමට උපදෙස් දුන් අවස්ථා ද ඇත. එහෙත් හිට්ලර් යනු මානව සංහතියට ම නිඟා දුන් ම්ලේච්ඡ අපරාධකාරයෙකි. ඔහුට සිදු වූයේ සියතින්ම ජීවිතය විනාශ කර ගැනීමටය. එනිසා ෆැසිස්ට් වාදය ඝාතනය අනුමත නොකරන කිසිවකුට හිට්ලර් හෝ සින්සියම් පන්නයේ පාලනයක් ගෙන ගිය නොහැක.

ජනාධිපති රනිල්ට තවත් විරෝධයක් එල්ල වූයේ ඔහු විසින් අපේ භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් කරන ලද විවේචනයක් පදනම් කර ගනිමින්ය. පැවිද්දන් අරගලවලට දා ගෙන රට කලබල කරන්න දෙන්නෑ… සිවුරු ඇඳගත් බට්ටන් දාලා මහ නාහිමිවරුන්ට තර්ජනය කරන්න දෙන්න බෑ… යන අවධාරණයන් දෙකම ජනාධිපතිවරයාගේය. භික්‍ෂුන් වහන්සේ යනු බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූවෝය. ගිහියෝ කිසිවිටෙක ඒ භික්ෂූත්වය විවේචනය නොකරති. එහෙත් අද භික්‍ෂූන් වහන්සේගේ ඇතැම් හැසිරීම් ගිහියන්ගේද විවේචනයට ලක්ව තිබෙන බවද රහසක් නොවේ. දේශපාලනඥයන්ට ප්‍රශස්ති ගැයීම, යන්ත්‍ර මන්ත්‍ර වැනි මිථ්‍යා ක්‍රියා කාරකම් ලෙස සමහරුන්ගේ විවේචනයට ලක්ව තිබෙන කටයුතු සිදු කිරීම වැනි දේවල් භික්‍ෂුත්වයෙහි ගෞරවයට හානි සිදුකරයි. ඒවාට කෙබඳු විවේචන තිබුණත් බොහෝ විට බෞද්ධයන් බෞද්ධ සංස්කෘතියට දක්වන ගෞරවය නිසා ඒවා උපේක්‍ෂාවෙන් බලන බවද අපි දනිමු. එහෙත් රාජ්‍ය නායකයා ලෙස ඒ භික්‍ෂූත්වය විවේචනය කිරීම ප්‍රශ්නකාරී වේ.

ජනාධිපතිවරයා තමන් තුළ වූ අප්‍රසාදය මුදා හැරීම සඳහා යොදාගත් පැවිද්දන් ‘සිවුරු ඇඳගත් බට්ටන් ’වැනි යෙදුම් අනුචිතය. චීවරධාරීන් ලෙස ඒ අය හැඳින් වූයේ නම් මේ විවේචන එල්ල නොවීමට ද ඉඩ තිබුණි. විපක්‍ෂ නායක සජිත් මේ පිළිබඳව අගනා ප්‍රබුද්ධ උපදේශයක් උපුටා දක්වා තිබුණි. එනම් බොහෝ තැන්වල විදග්ධ ඍෂිවරුන් ද දිසා පාමොක්වරුන් ද විසින් අවධාරණය කරන ලදුව සමාජ සම්මතයට පත්වූ අදහසක.ි කිසිවිටෙක කුඩා යැයි නොසැල කිවයුතු කරුණු හතරක් ඇත. ඒවා නම් ගින්න, සර්පයා, භික්‍ෂුව හා රාජකුමාරයා යන වස්තූන්ය. කුඩා වුවත් ගින්න මහ අනතුරකට හේතු විය හැකිය. සර්පයා ද කුඩා වුවත් විෂ සාහිතය. භික්‍ෂුව ද සාමනේර වුවත් ගරු කළ යුතුය. රාජකුමාරයා ද එසේමය. පැරැණ සමාජය විසින් ශිෂ්ටාචාරයට එක් කරන ලද ඒ සම්මතයන් බිඳ දැමීම හෝ ඒවාට උඩින් පැනීම විශේෂයෙන් රාජ්‍ය නායකත්වයකට හෝ සමාජයේ පිළිගත් කවර හෝ පාර්ශ්යකට සුදුසු නැත.

මෙරටේ භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් ජනතා විරෝධය එල්ල වූ අවස්ථා ද විය. එදා බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් භික්‍ෂූන් දෙනමකට චෝදනා නැඟුණි. අගමැතිවරයාට වෙඩි තබන ලද්දේ සෝමාරාම නමැති භික්‍ෂුවකි. එදා ඇතිවූ සමාජ විරෝධය දුටු බණ්ඩාරනායක අගමැතිවරයා කියා සිටියේ සිවුරු දරාගත් පුද්ගලයකු අවාසනාවන්ත ලෙස තමන්ට වෙඩි තැබූ බවය. ජනතා විරෝධය එයින් අඩුව ගියේය. පසුව එහි විත්තිකරුවකු වූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් නිසා ද ප්‍රශ්න මතු විය. එහෙත් ඒ සියල්ල දුර දිග ගියේ නැත. මේ නිසා දේශපාලනඥයන් මෙන්ම සමාජය ද භික්‍ෂූන් වහන්සේ සම්බන්ධව ප්‍රකාශ කිරීමේ දී ප්‍රවේශම් විය යුතුය. චීවරයේ ගෞරවය ආරක්‍ෂා කර දීම ද භික්‍ෂු සංඝයා වහන්සේගේ වගකීම බවද අපට කිව හැකිය.

අය – වැය විවාදයේ දී මතු වූ තවත් අභියෝගාත්මක කරුණක් ද විය. ඒ දෙමළ ජනතාවගේ තිබෙන සමාජ ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුය යන යෝජනාවය. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරයකු වන සුමන්දිරම් මෙයට දැඩි අවධානයක් දැක්වීම මෙන්ම ඔහු විසින් ඒ සම්බන්ධව පළකරන ලද ඇතැම් කරුණු ගැන ද ප්‍රවේශමින් සලකා බැලිය යුතුය. මෙය ජාතික සමගියට මෙන්ම රටේ අනාගතයට ද අදාළ බැරෑරුම් කරුණක් ද වේ. මේ අර්බුදයට උඩගෙඩි දුන් අය ද උතුරේ මෙන්ම දකුණේත් සිටිති. එය සරල සිල්ලර ප්‍රශ්නයක් ලෙස ලඝු නොකළ යුතු බව සමහරු දැනටමත් ප්‍රකාශ කරති. එය කිසිවකුගේ සිත් නොබිඳෙන අයුරින් ද ජාතික සංස්කෘතික උරුමයන් සුරැකෙන අයුරින් ද සිදු කළ යුතුය. සියලු දේශපාලන පක්‍ෂ, ආගමික නායකයන් මෙන්ම සියලු ජනකොටස්වල බහුතරයකින් ද ඒවා අනුමත වීම අතිශය වැදගත්ය. ඇත්ත වසයෙන්ම එය දැලි පිහියෙන් කිර කෑමක් බවට සමහරුන් කරන විග්‍රහය ද සාධාරණය. එනිසා හා… හා… බලාගෙනයි කියන්නාක් මෙන් මෙහිදී ප්‍රබුද්ධ නිවැරදි සංවාදයක්ද ගොඩ නැඟිය යුතුය. ඒ සඳහා පුළුල් කතිකාවක් අත්‍යවශ්‍ය යැයි ද සමහරු දැනටමත් යෝජනා කරති. කුමක් වුවත් මේ ආර්ථික හා දේශාපලන අර්බුදවලට විසඳුමක් සොයා රට ස්ථාවර කිරීමෙන් පසු ඒ පොදු ජාතික ප්‍රශ්නය පිළිබඳ නිගමනයකට පැමිණීම වඩාත් උචිත බවද පෙන්වා දිය යුතුය.

ගාමිණි සුමනසේකර

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%8f%e0%b6%af-%e0%b6%85%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%9a-%e0%b6%b8%e0%b6%ad%e0%b7%94-%e0%b7%80%e0%b7%96-%e0%b7%83/feed/ 0
ඉතිහාසය හැදෑරීමට තවත් ආයතනයක් අවශ්‍ය ම ද? https://divaina.lk/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%91%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%91%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba/#respond Fri, 25 Nov 2022 23:52:00 +0000 https://divaina.lk/?p=112571 ලබන වර්ෂයේ අයවැය යෝජනා අතරට ඉහත සඳහන් ආයතනයක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් පාලනය වන රජයේ විශ්වවිද්‍යාල 15ක් පමණ මෙරට ඇත. එම විශ්වවිද්‍යාල අතරින් මෙරට කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලවල, යාපනය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සහ වයඹ විශ්වවිද්‍යාලය ඉතිහාසය අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා දැනටමත් පහසුකම් සලසා තිබේ.

උපාධිය සඳහා ඉතිහාසය විෂය හැදෑරීම

විශ්වවිද්‍යාලවල උපාධිය සඳහා ඉතිහාසය ඉගෙනීමට පහසුකම් ඇතත් එම විෂය හදාරණ සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙන බව වාර්තා වේ. ඉතිහාසය විෂය ඉගෙනීමෙන් ගුරුවෘත්තිය සහ වෙනත් ආයතන කිහිපයක පමණක් රැකියා ලබාගැනීමට අවස්ථාව පැවතීම එයට හේතුව වශයෙන් දැක්වේ. මෙය ඉතිහාසය විෂයට පමණක් නොව වර්තමානයේ මව් භාෂාව වන සිංහල විෂයටත් බලපාන සාධකයකි. සිංහල භාෂාව හැදෑරීමෙන් වැඩක් නැහැ යන පිළිතුරු සපයන විද්‍යාර්ථීන් ද නැතුවා නොවේ.

උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය හැදෑරීම.

උසස් පෙළ සඳහා ඉතිහාසය විෂය හදාරණ සිසුන් සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව අසන්නට ලැබේ. එයට හේතුවී ඇත්තේ ද අධ්‍යාපනයේ අවසාන අරමුණ රැකියාවක් ලබාගැනීමට පහසු ආර්ථික වශයෙන් පිළිගැනෙන විෂයන් තෝරා බේරාගෙන හැදෑරීම නිසයි. 1987 දී දීප ව්‍යාප්ත සමීක්ෂණයක් තුළින් උසස් පෙළ පංතිවල ඉතිහාසය විෂය ඉගෙනීමට තෝරාගැනීම අඩුවීමට හේතු සොයා බැලීමේ දී ප්‍රකාශිත වී තිබූ ප්‍රතිචාර අතරින් 86% ක්ම සඳහන් කර තිබුණේ ඉතිහාසය විෂයට රැකියා ලබාගැනීමේ දී ආර්ථික පිළිගැනීමක් නොමැති නිසා එම විෂය තෝරා නොගන්නා බවයි. එය අද දක්වාම ව්‍යාප්ත වෙමින් පවතී.

පාසල් තුළ ඉතිහාසය ඉගෙනීම.

ඉතිහාසය විෂය සාමාන්‍ය පෙළ දක්වා අනිවාර්ය විෂයයක් ලෙස ක්‍රියාත්මක වන නිසා එම පංතිවලදී සෑම දෙනාම ඉතිහාසය විෂය හදාරනු ලැබේ. එහෙත් එම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සඳහන් කරන්නේ වැඩි විෂය කරුණු ප්‍රමාණයක් සහ කාලවකවානු මතක තබාගැනීමට අපහසුවීම නිසා එම විෂය ඉගෙනීමට මැලිකමක් දක්වන බවයි.

මෙවැනි පරිසරයක විශ්වවිද්‍යාලවලත් ඉතිහාසය විෂය අඩු සංඛ්‍යාවක් හදාරණ නිසා පර්යේෂණ කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සහ එහි අනෙකුත් සම්පත් අතිරික්තයක් පවතී. එම නිසා ප්‍රමාණවත් මානව සම්පත් සහ භෞතික සම්පත් විශ්වවිද්‍යාල තුළ තිබෙන බව වාර්තා වේ.

ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා.

කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‍ෂවරයා ලෙස සේවය කළ පී.ඊ.පී. දැරණියගල මහතා මෙරට ඉතිහාසය අධ්‍යයනය සඳහා පොත්පත් රාශියක් මෙරටට දායාද කළ නිලධාරියෙකි. එතුමාගේ තුන්වන පුත්‍රයා වූයේ මෙරට උපත ලැබූ ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතායි. එතුමා මෙරට ඉතිහාසය අධ්‍යයනය සඳහා පුරාවිද්‍යාත්මක කැණීම් රාශියකින් ඉතිහාසය නව මුහුණුවරකට දිසාගත කිරීම සඳහා කරුණු සමූහයක් දායාද කළ පුරාවිද්‍යාඥයෙකි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්වූ ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස ද සේවය කළ විද්වතෙකි. බලන්ගොඩ මානවයා පිළිබඳව පාහියන්ගල, බෙලිලෙන සහ බෙල්ලන්බැඳිපැලැස්ස වැනි ගල් ගුහා ආශ්‍රිතව අඩු පහසුකම් යටතේ පර්යේෂණ කරමින් ඉතිහාසය හැදෑරීමට හා යටගිය ඉතිහාසය මතුකරගනිමින් නැවුම් තොරතුරු සමූහයක් අනාවරණය කළ විද්වතෙකි. එම අඩි පාරේ යමින් පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මෙන්ම කැලණිය විශ්වවිiාලයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ද ඉතිහාසය හැදෑරීමට පර්යේෂණ රාශියක් මෙහෙයවූ මෑත කාලයේ පුරා විද්‍යාඥයෙකි.

මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කළ මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා ද ඉතිහාසය ඉගෙනීමට සහ පර්යේෂණ සඳහා විශාල මෙහෙවරක් ඉටු කළ යුග පුරුෂයෙකි. ඉතිහාසය විෂය ඉගෙන ගන්නා පාසල් සිසුන්ට ඉතිහාසය ඉගෙනීමේ දී සිය ගම් ප්‍රදේශවල තිබෙන පුරා විද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන හඳුනාගැනීමටත්, ඒවා හඳුනාගෙන ඉතිහාසය විෂය ඉගෙනීම හා පෝෂණය කරගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලදී. එහි ප්‍රථම වැඩමු`ඵවක් ද බස්නාහිර පළාතේ ගුරු උපදේශකවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී. එහෙත් එම ක්‍රියාදාමයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපේක්ෂිත සහාය නොලැබුණු නිසා එය අතරමඟ නැවතුණි. මෙවැනි පසුබිම් යටතේ පසුගිය අතීත අධ්‍යයනයේ දී ඉතිහාසය අධ්‍යයනය හා පර්යේෂණ සඳහා වෙනමම ආයතනයක් නොතිබුණත් එකල පැවති අඩු පහසුකම් මධ්‍යයේ අමරණීය සේවයක් කළ විද්වත් පිරිසක්වත් මෙරට ජීවත්වීම ලක්මෑණියන්ගේ සැනසීමට හේතුවනු ඇත. රටේ වර්තමානයේ පවතින ආර්ථික අහේනිය තුළ ඉතිහාසය අධ්‍යයනය හා පර්යේෂණය සඳහා වෙනමම ආයතනයක් පිහිටුවීමට මිලියන පනහක් වැය කිරීමට වඩා දැනට ප්‍රයෝජනයට ගත හැකි විශ්වවිද්‍යාල හා කෞතුකාගාර උපයෝගී කරගෙන ඒවායේ පවතින භෞතික හා මානව සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඵලදායි වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම වඩාත් කාලෝචිත යැයි යෝජනා කරමි.

සරත්චන්ද්‍ර ජයවර්ධන

]]>
https://divaina.lk/%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83%e0%b6%ba-%e0%b7%84%e0%b7%90%e0%b6%af%e0%b7%91%e0%b6%bb%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba/feed/ 0
නවක වධ සංස්කෘතිය සහ වධකාගාර සංස්කෘතිය https://divaina.lk/%e0%b6%b1%e0%b7%80%e0%b6%9a-%e0%b7%80%e0%b6%b0-%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%80%e0%b6%b0%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%80%e0%b6%9a-%e0%b7%80%e0%b6%b0-%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%80%e0%b6%b0%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c/#respond Tue, 18 Oct 2022 23:52:00 +0000 https://divaina.lk/?p=104812 නවක වධය යනු කුමක්ද? ඒ පිළිබඳව දැන ගැනීමට ඒ පරිප්පුව කා මානසිකව පීඩාවට ලක්වුණු කෙනෙකුගෙන් හෝ නවක වධයෙන් මියගිය සරසවි සිසුවියකගේ හෝ සිසුවකුගේ භූතාත්මයෙන් හෝ විමසිය යුතුය. නවක වධය නමැති ක්‍රියාකාරීත්වය 18 වැනි ශතවර්ෂයේදී යුරෝපයේ උසස් අධ්‍යාපන ආයතනවලත් යුද හමුදාවේත් පටන් ගත් බව දැන ගැනීමට තිබේ. එකල නවක වධය හිංසාකාරී නොවන සරල විහිළුවලට පමණක් සීමා විය. එබැවින් එකල නවක වධය පැතිර තිබූ සමාජය, එය ඒ හැටි ගණන් ගත්තේ නැත. එහෙත් 18 වැනි සියවස 19 වැනි සියවස වී, 19 වැනි සියවස 20 සියවස වී, 20 වැනි සියවස 21 වැනි සියවස බවට පත් වී ඇති මේ මොහොතේ දී නවක වධය කුපාඩි මිනීමරුවන්ට පමණක් විශේෂ වූ දුෂ්ට ක්‍රීඩාවක් බවට පත්වී තිබේ. ඔබ ලෝකයේ නවක වධය වැඩියෙන්ම පවත්නා රට කුමක් ද යන්න අන්තර්ජාලය හරහා විමසනු ලබන්නේ ද ඔබට ලැබෙන උත්තරය වන්නේ ශ්‍රී ලංකාව බව ය. මෙය අත්දැකීමෙන් ම තහවුරු කර ගත හැකි දෙයකි. ඒ අතර WIKIPEDIA විශ්වකෝෂය සඳහන් කරන පරිදි නවක වධය යනු ඉන්දියානු උප මහාද්වීපයේ රටවල් වන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන ප්‍රදේශවල පවත්නා, නවකයන් පිළිගැනීම සඳහා සිදුකරන වධ බන්ධන ක්‍රමයකි.

ලංකාව හා ඉන්දියාව යන රටවල් දෙක අතර නවක වධ සිද්ධීන් පිළිබඳ සංඛ්‍යාත්මක ගණන් බැලීමකදී පෙනී යන කාරණයක් තිබේ. එනම්, ලංකාවේ නවක වධ සිද්ධීන්ට වඩා ඉන්දියාවේ නවක වධ සිද්ධීන් ගණන වැඩි බවය. එහෙත් වඩා අමානුෂික නවක වධය පවතින්නේ ශ්‍රී ලංකාවේ ය. ඉන්දියාවේ නවක වධයෙන් අවුරුදු 10 කට මරණයක් වාර්තා වන්නේ නැත. එහෙත් ලංකාවේ නවක වධයෙන් අවුරුදු පතාම එකෙක් දෙන්නෙක් මරණ, නො එසේ නම් එකෙක් දෙන්නෙක් සියදිවි නසා ගන්නා තත්ත්වයක් මතු වී තිබේ. මනෝ විද්‍යාඥයන්ගේ මතය අනුව නවක වධය යනු පරපීඩා කාමුකත්වය නමැති රෝගයේ එක් අවස්ථාවකි. පරපීඩා කාමුකයා දුර්වලයෙකුට වධ දීමෙන් ලිංගික උත්තේජනයක් ලබයි. එහෙත් තමන් ලබන උත්තේජනය ලිංගික උත්තේජනයක් යන්න හඳුනාගැනීමට ඔහුට නොහැක. මේ නිසා නවක වධය යන සාධකය ෆන් එකක් ගැනීමට කරන ක්‍රියාවක් සේ සැලකීමට නවක වධකයා සහ නවක වධ සංස්කෘතියේ සාමාජිකයෝ පුරුදු වී සිටිති.

මේ රටේ විශ්වවිද්‍යාලවල නවක වධය අමානුෂික තත්ත්වයට පත්වන්නේ 1970 න් පසුවය. එම යුගයේදී මේ රටේ වාමාංශික දේශපාලන කණ්ඩායම් විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තමන් අතර බෙදාගන්නා ලදි. නවක ශිෂ්‍ය කණ්ඩායමක් විශ්වවිද්‍යාලයට පැමිණි සැනින් පෙර කී වාමාංශිකයෝ එම ශිෂ්‍ය ප්‍රජාව තම තමන්ගේ දේශපාලන පක්‍ෂ අතර බෙදා ගත්හ. මෙසේ බෙදාගැනීමේදී නවක ශිෂ්‍යයන් ඉදිරිපිට බලය ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය විය. ශ්‍රී ලංකාවේ නවක වධය මෙකී බල සංදර්ශනය නිසා ඉතාම නරක තත්ත්වයකට පත්විය. අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ විශ්වවිද්‍යාලවල බලය පැතිරවීමට ගත් උත්සාහයේදී වැඩේ නරක අතට හැරිණ. ඉන්පසු ජේවීපිය දෙකට කැඩී, පෙරටුගාමී පක්‍ෂය බිහිවී, විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම්වල බලය එම පක්‍ෂය අතට ගිය විට වැඩේ තවත් අල විය. මේ පක්‍ෂ දෙකේ ප්‍රතිපත්තිමය ගැටලුවක් අපි නොදකිමු. මේ පක්‍ෂ දෙකටම ප්‍රගතිශීලී වාමාංශික මත තිබේ. එහෙත් විශ්වවිද්‍යාල තුළදී ඒවා ක්‍රියාත්මක කිරීමට යන විට විවිධ අර්බුද හටගනී. ඒවා පුද්ගල බද්ධ ප්‍රශ්න මිස ජවිපෙට සම්බන්ධ හෝ පෙරටුගාමීන්ට සම්බන්ධ ප්‍රශ්න නොවේ. දැනට විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය බලය ලබාගෙන සිටින සියලු දේශපාලන පක්‍ෂ එකට එකතු වී නවක වධය සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් කළොත් නවක වධයෙන් විය හැකි හානි අවම කරගැනීමට පුළුවන.

1970 ගණන්වලදී මේ රටේ නවක වධයට අදාළ නරකම ආරම්භය ඇති විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යාවක වූ රූපා රත්නසීලී නමැති ගැමි දැරිය නවක වධයට ලක්කළ එම විශ්වවිද්‍යාලයේ සිසුහු ඇය දූෂණය කිරීමට සූදානම් වූහ. එවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රාමනාදන් නේවාසිකාගාරයේ දෙවැනි මහලට දිවගිය රූපා රත්නසීලී ස්ත්‍රී දූෂක සිසුන් පිරිස තමා ග්‍රහණයට ගැනීමට සූදානම් වෙද්දී බිමට පැන්නාය. රූපා රත්නසීලී සිද්ධිය සම්බන්ධයෙන් නොවිසඳුණු මත කීපයක් තිබේ. ඉන් පළමුවැන්න නම් ඇය දූෂණයට ලක් වූ බවය. ඇය ගොඩනැඟිල්ලෙන් බිමට පැන ඇත්තේ එබැවිනි. දෙවැනි මතයට අනුව ඇය දූෂණයට ලක් නොවුණ ද එම තත්ත්වයට මුහුණදීමට ඇති බිය නිසා බිමට පැන්නාය. කෙසේ වුව ද, බිමට පැනීමෙන් පසු ඇගේ කොන්ද බිඳුණු අතර, ඇයට යළි කවදාවත් දෙපයින් නැගිටීමට නොහැකි විය. එදා සිට ඇය රෝද පුටුවක ජීවත් වූවාය. පසු කාලයේදී කුලියට ඇඳුම් මසා ජීවත් වූ රූපා රත්නසීලී අධික කලකිරීම දරාගත නොහැකිව රෝද පුටුවෙන්ම ගෙවත්තේ ළිඳ වෙත ගොස් එහි පැන දිවි නසා ගත්තා ය. එදා සිට මේ දක්වා ම නවක වධය නිසා විශාල පිරිසක් මරණයට පත්ව ඇත. එසේම සිහිවිකල් වූ පිරිස ද බොහෝ ය.

මෙයට ඇති හොඳම විසඳුම විශ්වවිද්‍යාල පද්ධතියෙන් දේශපාලනය බැහැර කිරීම බවට අදහසක් තිබේ. එය ඉතා හොඳ අදහසක් නමුදු කිසි කලෙකත් ක්‍රියාත්මක කිරීමට බැරි අදහසකි. සරසවියට යන සිසු සිසුවියන් සියලුම දෙනා පාහේ වයස අවුරුදු 18 ඉක්ම වූ අය වෙති. ඔවුනට ඡන්ද බලය ඇති අතර ඔවුහු නිතැතින් ම දේශපාලන ජීවීහු වෙති. මේ නිසා විශ්වවිද්‍යාලයෙන් දේශපාලනය ඉවත් කිරීම පසෙක තබා නවක වධය පිටුදැකීම සඳහා මානුෂික ක්‍රමවේදයක් හඳුන්වාදීම නවක වධයට සම්බන්ධ සියලු පාර්ශ්වවල වගකීම වන්නේය. විශ්වවිද්‍යාලයක් යනු වධකාගාරයක් නොවේ. මේ රටේ විශ්වවිද්‍යාල වධකාගාර බවට පත්වන්නේ 88, 89 භීෂණයේදී පමණි. ඉන් පසු රට තුළ ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයන් හේතුවෙන් විශ්වවිද්‍යාල විටින් විට තාවකාලික අරගල භූමි බවට පත්වුවද, වධකාගාර බවට පත් වූයේ නැත. විශ්වවිද්‍යාල කිසි ලෙසකින්වත් වධකාගාර නොවිය යුතු බව අපගේ විශ්වාසයයි. මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ විශ්වාසය ද එයම ය.

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%80%e0%b6%9a-%e0%b7%80%e0%b6%b0-%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%98%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%84-%e0%b7%80%e0%b6%b0%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c/feed/ 0