UNP Party History – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 05 Sep 2022 14:24:23 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg UNP Party History – Divaina https://divaina.lk 32 32 පරාදීනව සිටි දේශයට නිදහස දුන් එක්සත් ජාතික පක්‍ෂය https://divaina.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%af%e0%b7%93%e0%b6%b1%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83/ https://divaina.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%af%e0%b7%93%e0%b6%b1%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83/#respond Mon, 05 Sep 2022 23:40:00 +0000 https://divaina.lk/?p=95857 අද (06 දා) ට යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය නිමිත්තෙනි.

 වර්ෂ 1993 දී එක්සත් ජාතික පක්ෂයට එක් වූ අනුර බණ්ඩාරනායක මහතා 1994 මහා මැතිවරණයේදී එ.ජා.ප. රැස්වීම්වලදී සිදුකළ විශේෂ ප්‍රකාශයක් විය. එය මෙසේය. “මාගේ පියාණන් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ආරම්භ කළ යම් දේශපාලන ක්‍රියාදාමයක් අද ඉතිරිව තිබේ නම් එය එක්සත් ජාතික පක්ෂය පමණි. අද මා සිටින්නේ එතැනයි.”

 අනුර එසේ කීවේ එක්සත් ජාතික පක්ෂය බිහිකළ අතීත පුරෝගාමීන්ගේ දෙවන පරපුර නියෝජනය කරමිනි. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය බිහිකළ අතීත පුරෝගාමීන් සියලු දෙනාම මෙලොවින් සමුගෙන ඇත. අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරන්නේ දෙවන පරපුර නියෝජනය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය.

 එතුමන් පක්ෂයේ වර්තමානය සහ අනාගතය තෙවන පරපුරට භාරදීමට සිය දර්ශනය ක්‍රියාත්මක කරමින් සිටී. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීමට එදා පැවැති පක්ෂ හා සමාන සියලු දේශපාලන හා ජාතික සංවිධාන එකට එකතු වූයේ සියලු වාද භේද පසෙකළාය.

 එක්සත් ජාතික පක්ෂය මෙරට ගොඩනැඟීමට ඉදිරිපත් කළ දර්ශනයේ මූලික පාඨය වූයේ “වැවයි දාගැබයි, ගමයි පන්සලයි” යන සංකල්පයයි. මේ ඔස්සේ රට ගොඩනඟන්නට එදා මෙරට සිටි සියලු සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ජාතිකයන් අප පක්ෂය වටා එක් රොක් වූයේ ඔවුන් එතෙක් දැරූ සියලු මති මතාන්තර පසෙක තබමිනි.

 1931 වසරේදී මෙරට ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් නිතරගයෙන් මැති සබයට පිවිසි ඩී. ඇස්. සේනානායක මහතා ආරම්භ කළ නව ගොවිජනපද ව්‍යාපාරය වතු වැවිලි වගාවන් නිසා කුඩම්මාගේ සැලකිල්ලට ලක්ව සිටි ගොවි ජනතාවට නව ජීව වායුවක් පිඹීමක් වැනි විය. එතුළින් මින්නේරිය, කාගම, බකමූණ, කටියාව වැනි නව ගොවි ජනපද බිහිවූ අතර 1935 සිට 1985 දක්වා ගෙවී ගිය වසර පනහ තුළ මෙරට වී ගොවිතැනට පාත්‍ර වූ ඉඩම් අක්කර ප්‍රමාණය පහළොස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විය.

 ඒ තුළින් ලක්ෂ හතළිහකට ආසන්න ජනතාවකට ලැබුණු සෙත සුළු පටු නොවීය. දෙවනුව ඇරඹී ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය ද, තෙවනුව ඇරඹු මහවැලි සංවර්ධන ව්‍යපාරයද මෙරට ගොවි ජනතාවට ලැබුණු මහා අස්වැසිල්ලක් විය. මෙවැනි යෝධ සංවර්ධන ව්‍යාපාරයන්ගෙන් මෙරට සුඛිත මුදිත කිරීම එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත වැඩපිළිවෙළ විය. මෙම මහා සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමට විශාල ශක්තියක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ ආරම්භය හා විකාශයයි.

 1946 සැප්තැම්බර් 06 වෙනි දින කොළඹ ෆාම් කෝට් මන්දිරයට එක්වූ ලංකා ජාතික සංගමයේ නායකයන් ප්‍රමුඛ සිංහල මහ සභාව, ශ්‍රී ලංකා යෝනක සංගමය, මැලේ ජාතික සංගමය, බර්ගර් පෙරමුණ, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් පෙරමුණ, යුරෝපීය සංගමය, හෙළ හවුලේ ඇතැම් කොටස් එක්වී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්තේ ජාතික අරමුණු රාශියක් ඉදිරියේ තබා ගනිමිනි.

 එහි ප්‍රථම අරමුණ ලංකාවට ජාතික නිදහස ලබා ගැනීමය. මෙහිදී පක්ෂයේ නායකයා ලෙස ඩී.ඇස්. සේනානායක මහතාද, ලේකම් පදවියට එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතාද, සම භාණ්ඩාගාරිකවරු වශයෙන් මුස්ලිම් සිටුවරයකු හා සමාන ශ්‍රීමත් රාසීක් ෆරිඩ් මහතාද ජේ.ආර්. ජයවර්ධන මහතාණන් සමඟ තේරීපත් විය. පක්ෂයේ වර්ණය ලෙස හරිත වර්ණයත් සලකුණ වශයෙන් ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා වූ අලියාත් තෝරා ගත්තේ ඩී. ඇස්. සේනානායක මහතාණන්ගේ රුචිකත්වය අනුවය. එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලු සිංහල නායකයෝ ප්‍රතිපත්තිගරුක බොදුනුවන් විය. සියලු ජාතිකයන්ට හා ආගමික නායකයන්ට වාද බේදවලින් තොරව සෙවන සලසන මහා වෘක්ෂයක් බඳු වූ එක්සත් ජාතික පක්ෂය ජාත්‍යන්තරව

 පිළිගනිමින් නව ලොවක අසිරිය දකින ජාතිකත්වය අගයන පක්ෂයක් බව පක්ෂයේම සිටි ඇතමුන්ට කලකට පසු වටහා ගැනීමට නොහැකි වීම රටේම අභාග්‍යයක් විය.

 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම තුළින් හටගත් මෙරට ජාතික විලෝපනය තවමත් අවසන්ව නොතිබීම එක් උදාහරණයක් පමණි. අද වනවිට රටේ ඉංග්‍රීසි භාෂාවට තිබුණු තැන තවත් වැඩිවී ඉංග්‍රීසි නොදත් සිංහලයන් ජාත්‍යන්තරයේ ද රට තුළද කොන් වී යන තත්ත්වයට පත්විය. පසුගිය සියවසේ 50 දශකය වනතුරු සිංහල පාසල්වල උගත් දරුවන්ට ද ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හා ලිවීමට හැකියාව තිබුණි.

 එය 60 දශකයෙන් පසු ගිලිහී ගියේ සිංහල පමණක් යන ජාතික ප්‍රතිපත්තියක සිටි නිසාය. එක්සත් ජාතික පක්ෂය මෙරට බිහිවූ වාමාංශික පක්ෂ හැරුණු විට අනෙක් සියලුම පක්ෂවල තිඹිරිගෙය විය. එක්සත් ජාතික පක්ෂය බිහිවී වසරක් ගතවීමටත් පෙර සෝල්බරී ආණ්ඩු ක්‍රමය යටතේ පළමු මැතිවරණය 1947 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත විය. මේ අනුව පක්ෂයේ ආරම්භක නායකයන් වූ ඩී. ඇස්. සේනානායක, ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ශ්‍රීමත් ජෝන් කොතලාවල, එච්.ඩබ්ලිව්. අමරසූරිය, ශ්‍රීමත් රසීක් ෆාරීඩ්, ටී.බී. ජයා, ඩඩ්ලි සේනානායක, ඩී.ඒ. රාජපක්ෂ, ඒ. රත්නායක, ඊ.ඒ. නුගවෙල, ඇම්.ඩී. බණ්ඩා, ජේ.ආර්. ජයවර්ධන, ආර්.ජී. සේනානායක ආදී පිරිස ලංකාවේ විවිධ පළාත් නියෝජනය කරමින් ආසනවලට තරග වැදිණි.

 එච්. ඩබ්ලිව්. අමරසූරිය මහතා, ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාත් හැර අන් අය මැති සභයට තේරී පත්විය. මන්ත්‍රී තරගයෙන් ජය ලැබූ ඔවුන් නව රජයේ මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් ලෙස දිව්රුම් දී නව තනතුරුවලින් සිය මෙහෙවර දේශය වෙනුවෙන් මුදා හරින්නට වූයේ විශාල කැපවීමකින්ය. රජය පිහිටුවා මාස පහක් ගතවෙන විට ඉංග්‍රීසි ආණ්ඩුව මගින් ලංකාව නිදහස ලබාදීමට එකඟ වීම නිසා 1948 පෙබරවාරි 04 වෙනිදා ලංකාව නිදහස් නිවහල් සවෛරී රජයක් ලෙස මුළු මහත් රටම පාලනය කිරීමට පියවර ගන්නේ විශාල වගකීමක් ඉටු කිරීමටය. එක්සත් ජාතික පක්ෂය අතීතයේ සිටම ජාතික ආගමික සමගිය අපේක්ෂා කළ පක්ෂයකි. නිදහසින් පසු මේ වනතුරු රට පාලනය කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම කැබනට් මණ්ඩලය නියෝජනය කළ අය හෝ ඔවුන්ගේ දුවා දරුවන්ය. ඇතමුන් එම රජයේ මන්ත්‍රීවරුන්ගේ දූ පුතණුවන්ය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පියා පමණක් නොව මව වූ සිරිමා මැතිණියද 1947 මහා මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසාය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා 1947 මහා මැතිවරණයේදී බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරගකොට ජය ලබා ගත්හ. මේ අප පක්ෂයේ අතීත අභිමානයයි.

 අද අප රට තුළ පවතින්නේද 1948 දී එක්සත් ජාතික පක්ෂය බිහි කරන විට තිබූ දේශපාලනික වාතාවරණයේ වෙනත් පැතිකඩකි. එදා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නිදහස දිනාගැනීමට සියලු දෙනාටම එකතුවීමට සිදුවී තිබුණි. එය ඒ ආකාරයෙන්ම සිදුවිය. මේ රටේ සැබෑ ඉතිහාසය පිළිබඳව කිසිම කියැවීමක් නොමැති හිස් පුද්ගලයන් මේ රටේ වසර 74ක් කාලයක් තුළ සිදු වූ විනාශයක් ගැන නන්දොඩවනු පෙනේ. එය වර්තමානයේ පවතින තත්ත්වය වසන් කිරීමකි.

 අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිදුකළ සියලු අරගලවලදී දේශිය නායකයන් හට මරණ දඬුවම පැමිණවීම, දේපළ රාජසන්තක කිරීම, සිරගත කිරීම හෝ රටින් පිටුවහල් කිරීම ආදී දඬුවම් ලබාදුන්නේ දින කිහිපයක් තුළ සිදුකළ නඩු විභාගයන් මගිනි. ඔවුනට නිදහසට කරුණු කීමටත් කාලයක් නොවිණි. 1848 මාතලේ සංග්‍රාමයේදී එයට සහයෝගය ලබාදුන් ස්වාමින්වහන්සේලාගේ වෙහෙර විහාරස්ථානවල ධාතු කරඬුද සුදු පාලකයන් විසින් වෙන්දේසි කර මුදල් උපයාගත් බව මෙම 74 වසරක ශාපයක් ගැන ලියන කියන අය නොදැන සිටින වග අපට අවබෝධ වේ.

 අද අපේ රට ඇද වැටී ඇති ඛේදනීය තත්ත්වයට පත්වීමට මූලාරම්භය වූයේ එදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තත්ත්වයේ සිටි ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා නොමඟ යැවූ ඇතැම් කොටස්වල මෙහෙයවීමෙන් ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවා වෙනත් මගක ගමන් කිරීමත් සමගය. එයින් සිදුවූයේ එකම ජාතික බලවේගය දෙකඩ වීමකි.

 වර්තමානය වනවිට පක්ෂයට නායකත්වයදීමට පක්ෂයේ තෙවන පරපුරක් ගොඩනැඟී අවසානය. ඔවුන් සියලු දෙනාම පක්ෂයේ නායකයාට සවියක් ලෙස කටයුතු කරයි. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක හා සභාපති වශයෙන් මමද නායකත්වය සඳහා පොරයකට නොවැටී නායකයාණන් හට ශක්තිය ලබාදුන්නේ යුගයේ අවශ්‍යතාවයත් අපගේ යුතුකමත් එය නිසාය.

 මේ වනවිට ආර්ථිකය වසා තිබුණු රුදුරු අඳුරු වළා පහ කිරීමට අවශ්‍ය ශක්තිය පක්ෂයේ නායකයා වූ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව උදාවෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් ලබාදීමට ගිවිසුම් ගතව සිටීම අති විශාල සහනයකි. ජාත්‍යන්තරයේ සහයෝගය ලංකාව දෙසට හැරෙමින් පවතී. එයට තවත් එක් හේතුවක් වනුයේ අද රට පාලනය කරනුයේ දැනට ලෝකයේ සිටින රාජ්‍ය නායකයන් අතර ශ්‍රේෂ්ඨයෙක් වීමය. ඔහුට තිබෙන දේශපාලනික දැනුම, ජාත්‍යන්තර පිළිගැනීම, වැඩ කිරීමට හැකි දක්ෂතාවය, බලය හිමිව තිබුණු කාලවලදී දැක්වූ පාලනයේ කෘතහස්ත භාවය යන මේ සියල්ල එම පිළිගැනීමට හේතුවයි. රාත්‍රියක අඳුරුම මොහොත වනුයේ රාත්‍රී 11ත් 12ත් අතර කාලයයි. එම කාලය ගෙවීමත් සමඟ ක්‍රමයෙන් උදාවනුයේ අළුයම සහ උදෑසනයි. එයින් පසු පූර්ණ සූර්යාලෝකයෙන් ලොවම බබළනු ඇත. අද අප රටක් වශයෙන් ගෙවන්නේ අඳුරුම මොහොතයි. මෙය ඉවසීමෙන් හා වගකීමෙන්ද සැලසුම් සහගතව අර්ථාන්විතවද ගෙවා දැමුහොත් උදා වනුයේ රටක් පුබුදු වන අළුයම සහ උදෑසනය.

 ● වජිර අබේවර්ධන
 සභාපති – එක්සත් ජාතික පක්ෂය

]]>
https://divaina.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8f%e0%b6%af%e0%b7%93%e0%b6%b1%e0%b7%80-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83/feed/ 0
ගමනක පිය සටහන්! https://divaina.lk/%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a/#respond Mon, 05 Sep 2022 23:35:00 +0000 https://divaina.lk/?p=95858 1947 පැවැත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය එ.ජා.ප ය විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කොට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. බි්‍රතාන්‍ය යටත් විජිතවාදය නිසා මුල්බැස තිබූ සමාජ හා සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ එ.ජා.ප. නායකයන් නව සමාජ ක්‍රමයක් ගොඩනැඟීමේ මුල් පියවර ලෙස 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීම සඳහා පුරෝගාමීව කටයුතු කළහ.

 ඩී.එස්. සේනානායක රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ කටයුතු කරන සමයේ දී වියළි කලාපය තුළ ආරම්භ කළ ගොවිජනපද ව්‍යාපාරය ඉතා සාර්ථක අන්දමින් මුල්බැස ගැනීමට සමත්විය. පොළොන්නරු ඓතිහාසික නගරය බිඳවැටීමෙන් පසුව ඉදිකරන ලද ප්‍රථම බහුකාර්ය වාරිමාර්ග හා ඉඩම් යෝජනා ක්‍රමය වශයෙන් ගල් ඔය ව්‍යාපාරය ආරම්භ කළේය. මෙමගින් ශ්‍රී ලංකා සමාජය ඈත අතීතයේ සිට පවත්වාගෙන පැමිණි කෘෂිකාර්මික සමාජ-සංස්කෘතික පරිසරය ආරක්‍ෂාකොට කෘෂිකාර්මික විප්ලවයක් මෙරට ඇති කළහ.

 ශ්‍රී ලංකා සමාජය තුළ ඇති නැති පරතරය තුනී කිරීම සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට නිදහස් අධ්‍යාපනය මෙරට ක්‍රියාත්මක කළ යුතුය යන සටන මල්ඵල ගැන්වීම සඳහා මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ රජය විශේෂ දායකත්වයක් සපයනු ලැබීය. මේ නිසා ගම්බද දුගී දුප්පත් ජනතාවගේ දූ දරුවන්ට අධ්‍යාපන වරප්‍රසාදය අත්පත් කරගෙන සමාජයේ ඉහළට යෑමේ අවස්ථාව උදාවිය.

 1952 දී මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ හදිසි අභාවයෙන් පසු රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ ඩඩ්ලි සේනානයක ය. ගෞරවාන්විත දේශපාලනයක නිරතවූ එතුමා ජනසම්මතවාදයට හිස නැමූ නායකයකු ලෙස ජනතා පැසසුමට ලක්වී සිටියේය. ඩඩ්ලි සේනානායක සියලු වාර්ගික එකමුතුකම පිළිබඳ එ.ජා.පයේ දර්ශනය ඉදිරියට ගෙනයමින් ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම අනුව රට සභා ක්‍රමය හඳුන්වාදීමට පියවර ගනු ලැබීය.

 1953 දී චීන-ලංකා රබර් සහල් ගිවිසුමට එළඹීම මගින් ද්විපාර්ශ්වික ගනුදෙනු ප්‍රවේශයකට ශ්‍රී ලංකාව යොමුකරන ලදී. මේ නිසා රබර් නිෂ්පාදනය සඳහා ලෝක වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ස්ථානයක් අත්පත් කර ගැනීමට සමත් විය. පෝලන්තය, චෙකෝස්ලෝවැකියාව, රුමේනියාව වැනි කොමියුනිස්ට්වාදී රටවල් සමග ද්වීපාර්ශ්වික සබඳතා ඇතිකර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළේය.

 1965 දී ඩඩ්ලි සේනානායක රජය මෙරට ආර්ථිකයේ නව ක්ෂේත්‍රයන් හඳුනාගැනීමේ දී සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකය සමග බද්ධකර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීම වැදගත් වේ. ඒ අනුව 1966 දී සංචාරක කර්මාන්තය රාජ්‍ය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා සංචාරක මණ්ඩලය සහ ලංකා හෝටල් සංස්ථාව පිහිටුවීම දැවැන්ත ආර්ථික ප්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. මෙමගින් රටේ සංස්කෘතිය, සදාචාරාත්මක අංග ආරක්‍ෂා කරගනිමින් ආර්ථිකය දියුණු කරන ආකාරය පෙන්වාදුන් නිසා තරුණ තරුණියන් වෙනුවෙන් ඍජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට පදනම සකස් විණි.

 1953 දී හදිසියේ ඇතිවූ හර්තාලය නිසා ඩඩ්ලි සේනානායකගේ ඉවත්වීමත් සමග අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේ සර් ජෝන් කොතලාවල ය. එ.ජා.ප දර්ශනය ඉදිරියට ගෙනයමින් ගොවි ජනතාව සමෘද්ධිමත් මට්ටමට ගෙන ඒමට නායකත්වය ලබාදුන්නේය. සර් ජෝන් කොතලාවල විසින් ලෝකයේ වෙනත් රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගනු ලැබීය.

 එ.ජා.ප යේ දේශපාලන දර්ශනය තවදුරටත් ශක්තිමත් කිරීමට 1973 දී එ.ජා.ප නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් 1977 වර්ෂයේ දී පවත්වන ලද පාර්ලිමේන්තු මහමැතිවරණයේ දී හයෙන් පහක බලයක් ලබාගෙන රජයක් පිහටුවීමට සමත්විය. ලෝක සමාජයේ දියුණුව ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් මෙරට ආර්ථික විප්ලවයක් ඇති කළහ.

 රාජ්‍ය සුභසාධනය ශක්තිමත් කරමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රම මාදිලිය පුළුල් කිරීම හරහා මහජනතාවට වැඩි සහනයක් ලබාදීමට ජේ. ආර්. ජයවර්ධන කටයුතු කළේය. එම ආර්ථික මොඩලය වූ කලී දකුණු ආසියාවේ නායකයකු විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රථම ආර්ථික හැරවුම් ලක්ෂ්‍යය ලෙස දැක්විය හැකිය.

 ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා මෙරට ගුවන් සහ නාවික ශක්තිය ව්‍යාප්ත කිරීමේ සැලසුම් සම්පාදනය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකියාව ලැබිණි. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී පෞද්ගලික ව්‍යවසායකයන් සංවර්ධන ක්‍රියාවලියට යොමු කිරීම මගින් රැකියා උත්පාදනය සඳහා කටයුතු කළහ. ඇඟලුම් නිෂ්පාදන අපනයනය කිරීම සඳහා නිදහස් වෙළෙඳ කලාප සංකල්පය හැත්තෑ හතේ විප්ලවය මගින් එ.ජා.ප ය හඳුන්වාදුන් විශේෂ ආර්ථික ප්‍රවේශයන් ලෙස දැක්විය හැකිය.

 මහවැලි සංවර්ධන ව්‍යාපාරය කෙටිකලකින් නිමාකොට කෘෂිකර්මාන්තය, විදුලිබලය, පානීය ජල අවශ්‍යතා, මහාමාර්ග, නව නගර ඇතිකිරීම ඇතුළු සමාජ -ආර්ථික සුභසිද්ධිය ඇතුළු ධනාත්මක ආකාරයේ සංවර්ධන කාර්යභාරයන් රැසක් මගින් යෝධ විප්ලවයක් රට තුළ ඇති කළහ.

 බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය ඇතිකිරීම සහ සංස්කෘතික ත්‍රිකෝණය ආරම්භ කිරීමෙන් ජාතික උරුමය ආරක්‍ෂා කිරීමට පියවර ගත්හ.

 පාසල් දරුවන්ට නොමිලයේ නිල ඇඳුම්, පොත්පත්, දිවා ආහාරය ලබාදීම මගින් සුභසාධන ආර්ථික ක්‍රමවේද ශක්තිමත් කළහ. දුප්පත් දෙමව්පියන්ගේ දූදරුවන් හට උසස් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා මහපොළ ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය හඳුන්වාදීම මගින් නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු විය. මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සංවර්ධනය කිරීම ඇතුළුව පළාත් මට්ටමින් නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම නිසා දූදරුවන් වැඩි ප්‍රමාණයකට විශ්වවිද්‍යාල වරම් හිමිවිය.

 තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව පිහිටුවීම මගින් තරුණ තරුණියන්ගේ නිපුණතා සහ දැනුම වර්ධනය කරගැනීම සඳහා පදනම සකස් කරන ලදී. තොරතුරු තාක්ෂණය ආරම්භ කිරීම ශ්‍රී ලංකාව නව හැරවුම් ලක්‍ෂ්‍යයට පරිවර්තනය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. කාන්තා ශ්‍රමය සඳහා ඉහළ සමාජ වටිනාකමක් ලබාදීමේ අරමුණින් මැද පෙරදිග ගෘහ සේවාව ඇතිකිරීම දුරදිග කල්පනා කරමින් සැළසුම් කළ යෝධ ආර්ථික සංවර්ධන කටයුත්තක් ලෙස සැලකිය හැකිය.

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීම මගින් මූලික මිනිස් අයිතිවාසිකම් තවදුරටත් වර්ධනය කිරීම, ජනාධිපති ආණ්ඩුක්‍රමය සහ සමානුපාතික මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කළහ. 1987 දී 13වන සංශෝධනය හඳුන්වාදීමෙන් ඇති කළ පළාත් සභා ක්‍රමය ඔස්සේ වාර්ගික එක්සත්කම ආරක්ෂා කිරීමට නායකත්වය ලබා දුන්හ.

 1988 දී ජනාධිපතිවරයා බවට පත්වූ රණසිංහ ප්‍රේමදාස විසින් ආරම්භ කළ ජනසවිය වැඩසටහන දුගී දුප්පත් ජනතාවගේ ජීවත්වීමේ ප්‍රශ්නයට ලබාදුන් වැදගත් විසඳුමක් ලෙස සැලකිය හැකිය. ගම්උදාව වැඩසටහන ආරම්භ කිරීම මගින් නිවසක් ඉදිකර ගැනීමට පවා වත්පොහොසත් කමක් නැති අසරණ ජනතාවට මහා අස්වැසිල්ලක් ලබාදීමට හේතු විය. ප්‍රේමදාසගේ හදිසි අභාවයෙන් පසුව ජනාධිපතිවරයා සහ එ.ජා.ප යේ නායකයා ලෙස පත්වූයේ ඩී. බී. විජේතුංග ය. පක්ෂයේ දර්ශනය ඉදිරියට ගෙන යමින් රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අවධානය යොමුකළේය.

 2015 දී සම්මුතිවාදී දේශපාලන ප්‍රවේශයකට නායකත්වය ලබා දුන් රනිල් එම සන්ධාන රජයේ අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා එ.ජා.ප ය කටයුතු කළහ. ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා, සුවසැරිය, ළඟම පාසල හොඳම පාසල, නිවාස සංවර්ධනය, සසුනෝදය වැනි ව්‍යාපෘති මගින් සමාජ ආර්ථික දියුණුව සඳහා කටයුතු කළහ. ඇඟලුම් කර්මාන්තය සහ මත්ස්‍ය නිෂ්පාදන සඳහා වූ ජී.එස්.පී. ූ සහනය ලබාගැනීමට කටයුතු කිරීමෙන් ලෝකයේ බොහෝ රාජ්‍යය සහ ජාත්‍යන්තර සංවිධාන සමග මිත්‍ර සබඳතා ශක්තිමත් කළහ. චීනය හා ඉන්දියාව ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර රාජ්‍ය සමග සමබර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම මගින් විදේශ ප්‍රතිපත්තියට ප්‍රමුඛ අවධානය දීමට රනිල්ගේ එ.ජා.ප රජය කටයුතු කළහ.

 ශ්‍රී ලංකා ජනසමාජයේ වාර්ගික එකමුතුකම රටේ ස්ථාවරභාවයට අත්‍යවශ්‍ය කාරණයක් ලෙස එ.ජා.පය පිළිගෙන ඇත. සමාජ-ආර්ථික අර්බුදය හේතුවෙන් රට ඉදිරියට ගෙන යෑම සඳහා සියලු ක්ෂේත්‍රවල ඇති විය යුතු නොබිඳිය හැකි දිගුකාලීන ප්‍රතිපත්තියකට යෑම සඳහා වූ සර්වපාක්ෂික පාලනයක සංවාදය ජනාධිපතිවරයා විසින් මේ වන විට රට හමුවේ ඉදිරිපත් කර තිබේ.

● මහාචාර්ය ප්‍රියන්ත ගුණවර්ධන

]]>
https://divaina.lk/%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1%e0%b6%9a-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b6%a7%e0%b7%84%e0%b6%b1%e0%b7%8a/feed/ 0