Vatican christmas celebration – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 24 Dec 2022 03:47:20 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Vatican christmas celebration – Divaina https://divaina.lk 32 32 වතිකානුවේ නත්තල https://divaina.lk/%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd/ https://divaina.lk/%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd/#respond Sun, 25 Dec 2022 00:00:00 +0000 https://divaina.lk/?p=118028 මිනිසුන් පාපයෙන් ගලවා ගැනීම සඳහා බෙත්ලෙහෙමේ දී සිදු වූ ජේසු බිලිඳන්ගේ උපත.

උතුම් වූ නත්තල බව කිතුනු බැතිමතුන්ගේ නිර්වචනයයි. ලෝකවාසි කිතුනුවන්ගේ ශුද්ධවන්ත දිනය ලෙස නත්තල සමරන්නේ මානව දයාවෙන් පිරි මිනිස් සිත් සාමයෙන් පුරවනු පිණිසය.

කෝටි 60ක ජනගහනයකට හිමිකම් කියන යුරෝපා මහද්වීපයේ අති සුන්දර පරිසරයක පිහිටි ලෝකවාසී කිතුනු බැතිමතුන්ගේ තිඹිරිගෙය වන්නේ රෝමයේ වතිකානුවයි. ලෝකය පුරා විසිරී ඇති බැසිලිකා දේවස්ථාන 1580 වන අතර එයින් කතෝලික බැතිමතුන්ගේ ජීවමාන පුදසුන වන්නේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවයි.

නත්තල් දින සාම්ප්‍රදායික වතාවත්වලට මුල්තැන ලබාදෙමින් දේව මෙහෙයන් ආරම්භ වන්නේ ද මේ බැසිලිකාවේ සිටයි. නත්තල් අසිරිය උදාවන මධ්‍යම රාත්‍රියේ අති උතුම් ශුද්ධෝත්තම පියාණන් වහන්සේ, දිව්‍ය පූජාමය යාගය සිදුකරන අතර සාම්ප්‍රදායිකව පවත්වන පූජාවන් අතර මැදියම් රැයේ දිව්‍ය පූජාව, අලුයම් දිව්‍ය පූජාව සහ නත්තල් උදාවත් සමගම පවත්වනු ලබන දේව වචනයේ දිව්‍ය පූජාව 7 වැනි සියවසේ පටන් සාම්ප්‍රදායිකව අනුගතව ඇත. ශුද්ධ වූ හෙලේනා නම් මුනිවරිය බෙත්ලෙහෙමෙන් රැගෙන ආ බව කියන ගව ඔරුවේ කොටසක් වතිකානුවේ සුවිශේෂි ස්ථානයක් වූ මේරිමේජ් බැසිලිකාව තුළ ඇති කුඩා යැදුම් කුටිය තුළ තැන්පත් කෙරේ. රාත්‍රියේ දිව්‍ය පූජාව සඳහා මෙම බැසිලිකාව සූදානම් වන්නේ මනස්කාන්ත දර්ශනයක් නත්තලට එක්කරමිනි.

වතිකානුවේ නත්තල

ලිබේරියන් ශුද්ධෝත්ම පියතුමාට සහ රෝමයේ ජෝන් නම් ප්‍රභුවරයකුට ක්‍රි.ව. 352 දී පමණ මරියතුමිය දර්ශනය වී වදාළ කරුණක් අරභයා එතුමිය සලකුණු කරන ස්ථානයෙහි දෙව්මැඳුරක් ඉදිකරන ලෙස කළ ඉල්ලීම මත අසාමාන්‍ය හැඩයකින් හෙබි මෙම බැසිලිකාව නිමා වී තිබේ. එහි වැඩ කටයුතු නිමකරන ලද්දේ ක්‍රි.ව. 440 දී පමණ තෙවැනි පීස්සවර් ශුද්ධෝත්තම පියාණන්ගේ කාල පරිච්ඡේදයේය. රාත්‍රී 12 හෝරාවේ දිව්‍ය පූජාව හංගේරියාවේ එළිසබෙත් මුනිවරියගේ මැදිහත්වීමෙන් ආරම්භ වනුයේ 13 වැනි සියවසේදී ය. සම්ප්‍රදානුකූල නත්තල් දින උදෑසන ගව ඔරුවට කෙරෙන ගෞරවයක් ලෙස පෙරහැරක් ද පවත්වා මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන අල්තාරය මත තැන්පත් කිරීම ද බැසිලිකාව තුළ දී දැකිය හැක.

වර්තමානයේ යුරෝපයේ කිතුනු බැතිමතුන් සිදුකරනු ලබන චාරිත්‍රයන් අතර ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයෙන් ලොව පහන් වන සංකේතය වන “හනුක්කා” පහන දැල්වීම මගින් නත්තල් අසිරිය ලොවට මුදාහරී. ජූදා ජාතිකයන්ගේ ආලෝකයේ උතුම් මංගල්‍යය ලෙස පුරා දින හතක් පවත්වන මෙය හඳුන්වන්නේ ආලෝකයේ මංගල්‍යය ලෙසයි. රෝමයේ St peters බැසිලිකාව ඉදිරිපිට දැවැන්ත ගවලෙනක් සහ ඉතාලියේ ඉදින විශාලතම නත්තල් ගස නිර්මාණය වේ. කැරොල් ගීත සහා බැති ගීයෙන් හැඩවෙන වතිකානුවට ලෝකවාසී අති විශාල ජනතාවක් ප්‍රවිශ්ඨ වීමෙන් නත්තල් අසිරියට එකතු වන්නේ අති සුන්දරත්වයකි.

ශුද්ධෝත්ම පාප්වහන්සේ ලෝකවාසී ජනතාව උදෙසා විවිධ භාෂාවලින් සුබපැතුම් පණිවිඩ කියවා අපොස්තුළුවරුන් සහ බැසිලිකාවට රොක්වන ජනයා සමග නත්තලේ සතුට සහ සාමය බෙදාන්නේය.

උතුම් වූ නත්තල් අසිරියෙන් රෝමය බබළවමින් වතිකානුවෙන් ලොවට මුදාහරින්නේ පාපයෙන් ලෝක සත්ත්වයා මුදා සසරින් එතර කරන්නට බෙත්ලෙහෙමෙන් ජනිත වූ අති උතුම් ශුද්ධෝත්තම ක්‍රිස්තු වහන්සේගේ සාමයේ පණිවිඩයයි.

ලලිත් හෙට්ටිආරච්චි – ඉතාලිය

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b6%ad%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%bd/feed/ 0