Waether Forecast – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 01 Sep 2023 20:16:03 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Waether Forecast – Divaina https://divaina.lk 32 32 නව තාක්ෂණය නැතිවම කාලගුණය අනාවැකි කියලා https://divaina.lk/%e0%b6%b1%e0%b7%80-%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%94%e0%b6%ab/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%80-%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%94%e0%b6%ab/#respond Sat, 02 Sep 2023 23:44:00 +0000 https://divaina.lk/?p=166594 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනාවැකි පවසන්නේ නවීන තාක්ෂණික රේඩාර් පහසුකම් නොමැතිව බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

කාලගුණ අනාවැකිකරණයේ දී ඩොප්ලර් රේඩාර් පද්ධතියක දැඩි අවශ්‍යතාවක් පැවතිය ද වර්ෂ 15කට ආසන්න කාලයක සිට එම පද්ධතිය නොමැතිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ විද්‍යා අනාවැකි හා පුරෝකථන ලබා දී ඇති බවද එම විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

ඩොප්ලර් රේඩාර් පද්ධති පුත්තලම හා පොතුවිල් කාලගුණ මධ්‍යස්ථාන භූමියේ ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 513.78ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි. එම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වී (2017-2021) වසර හයක් ගතවී ඇතත් රේඩාර් පද්ධතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නැත. උපකරණවල මිල ගණන් ඉහළයෑම නිසා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. 2022 වර්ෂයේ මැයි මාසයේ දී ජයිකා ආයතනය විසින් රේඩාර් පද්ධති 02ක් වෙනුවට එක් පද්ධතියක් පමණක් ස්ථාපනය කිරීමට එකඟතාව පළකොට ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සඳහන් කළ ද එය නිල වශයෙන් දන්වා ඇති බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%80-%e0%b6%ad%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%ab%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%b8-%e0%b6%9a%e0%b7%8f%e0%b6%bd%e0%b6%9c%e0%b7%94%e0%b6%ab/feed/ 0