Water level in Maussakale – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 10 Mar 2023 15:51:09 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Water level in Maussakale – Divaina https://divaina.lk 32 32 මධ්‍යම කඳුකරයට වැසි අඩු වීමෙන් මාවුස්සාකැලේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහතට https://divaina.lk/%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%92-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b7%80/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%92-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b7%80/#respond Fri, 10 Mar 2023 23:35:00 +0000 https://divaina.lk/?p=133034 මධ්‍යම කඳුකරයට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉතා ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

මේ වන විට මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිටි අඩි 53 ක් පමණ පහත බැස ඇති බව එම ජලාශය භාර විදුලි ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජල විදුලි බල පද්ධතියට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියෝන් හා විමලසුරේන්ද්‍ර යන විදුලි බලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.

ජලය බැස යාමත් සමග මාවුස්සාකැලේ ජාලාශයට යටවී තිබූ පැරණි මස්කෙළිය නඟරයේ ආගමික ස්ථාන නටඹුන් අතරින් ශ්‍රී කදිරේෂණ හින්දු කෝවිල මේ වන විට සම්පූර්ණයෙන් ගොඩ වී ඇති අයුරු දක්නට ලැබේ.

ජලාශයට යටව තිබූ අනෙකුත් ආගමික ස්ථානවල නටඹුන් අතරින් බෞද්ධ විහාරස්ථානයේ සමාධි පිළිමය, බෝධිගරය හා ඉස්ලාම් දේවස්ථානයේ අඩක් මේ වන විට ජලයෙන් මතුව තිබේ.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e0%b6%ba%e0%b6%b8-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%90%e0%b7%83%e0%b7%92-%e0%b6%85%e0%b6%a9%e0%b7%94-%e0%b7%80/feed/ 0