Welikada Remand Prison – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 25 Aug 2022 15:28:32 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Welikada Remand Prison – Divaina https://divaina.lk 32 32 වැලිකඩ රැඳවියාගේ ඇවිදින කඩේ එස්ටීඑෆ් ඇස ගැටේ https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b6%a9-%e0%b6%bb%e0%b7%90%e0%b6%b3%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%b1/ https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b6%a9-%e0%b6%bb%e0%b7%90%e0%b6%b3%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%b1/#respond Thu, 25 Aug 2022 23:52:00 +0000 https://divaina.lk/?p=93514 වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, බැටරි දෙකක් සහ බැටරි ආරෝපණ දෙකක් (චාජර්) රැගෙන යෑමට උත්සාහ දැරූ රැඳවියකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

වැලිකඩ බන්ධනාගාර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් රැඳවියන් පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි මෙම දුරකථන, චාජර සහ බැටරි සොයාගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර රැඳවියා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජේලර් ප්‍රදීප් රණසිංහ වෙත භාර දී ඇත. සැකකරු වැල්ලම්පිටියේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයෙකි. වැලිකඩ බන්ධනාගාර කඳවුරේ පොලිස් සැරයන් (6083) වික්‍රමසිංහ මහතා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

කැස්බෑව – ජයසිංහ

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%9a%e0%b6%a9-%e0%b6%bb%e0%b7%90%e0%b6%b3%e0%b7%80%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%b1/feed/ 0