Wheezing – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 15 Aug 2023 18:53:47 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Wheezing – Divaina https://divaina.lk 32 32 ළමා හතිය වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් https://divaina.lk/%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b7%84%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b7%85%e0%b6%b3%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c/ https://divaina.lk/%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b7%84%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b7%85%e0%b6%b3%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c/#respond Tue, 15 Aug 2023 23:47:00 +0000 https://divaina.lk/?p=162891 ළමා හතිය වැළඳී රෝහල් ගතවන දරුවන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (15දා) පැවසීය.

දරුවන්ගේ පපුවෙන් යම් ශබ්දයක් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් ළඟම සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත රැගෙන යන ලෙස ඒ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

‘ළමා හතිය වැළඳුණු දරුවන් වැඩි වශයෙන් මේ දවස්වල ළමා රෝහලට එනවා. හුඟක්ම ඊට බලපා තිබෙන්නේ දූවිල්ල. තවද ගෙදර සාමාජිකයන් සිගරට් බොනවා නම් ඒ දුම, ළමා හතියට බලපාන්න පුළුවන්.

“ඒ නිසා සතියකට සැරයක් ගෙදර මදුරු දැල් හෝදන්න. පාපිසි, කාපට් සුද්ද කරන්න. සීතල කෑම දෙන්න එපා. මේ ළමා හතිය ජානවලිනුත් එන්න පුළුවන්.

“ළමා හතිය වැළඳුණු දරුවෙකුට අදාළ වෛද්‍යවරයා ඉන්හේලර් එකක් භාවිතා කරන්න දුන්නොත් ඒක පාවිච්චි කරන්න බයවෙන්න එපා. ඒක දුන්නාම ළමා හතිය අඩුවෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

]]>
https://divaina.lk/%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b7%84%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b7%85%e0%b6%b3%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c/feed/ 0