Wildlife and Forest Resources Conservation Minister Pavithra Wanniarachchi – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 14 Sep 2023 20:14:21 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Wildlife and Forest Resources Conservation Minister Pavithra Wanniarachchi – Divaina https://divaina.lk 32 32 බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීමෙන් වන අලි – මිනිස් ගැටුම් වැළැක්විය හැකියි – වනජීවී හා වන සංරක්ෂණ ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි https://divaina.lk/%e0%b6%b6%e0%b7%84%e0%b7%94%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%b3%e0%b7%80%e0%b7%8f/ https://divaina.lk/%e0%b6%b6%e0%b7%84%e0%b7%94%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%b3%e0%b7%80%e0%b7%8f/#respond Thu, 14 Sep 2023 23:44:00 +0000 https://divaina.lk/?p=168990 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා බහුකාර්ය නිලධාරීන් බඳවා ගැනීම තුළින් අලි මිනිස් ගැටුම් වළක්වා ගැනීම සඳහා පියවර ගත හැකි බව වනජීවී හා වන සංරක්ෂණ ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

දැනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන බහුකාර්ය නිලධාරීන් එම දෙපාර්තමේන්තුවටම ස්ථිර සේවයට බඳවා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා අනුමැතිය ලැබුණු පසු අලින්ගෙන් සිදුවන බලපෑම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා ඔවුන් සම්බන්ධ කළ හැකි බවත් ඇමැතිවරිය තවදුරටත් සඳහන් කළාය.

ඇමතිවරිය ඉහත ප්‍රකාශය කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අලි මිනිස් ගැටුම් වැළැක්වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ගැටලුවලට පිළිතුරු ලබාදෙමිනි.

අලි – මිනිස් ගැටුම් වැළැක්වීමට දැනටමත් යොදවා සිටින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අඛණ්ඩව සේවයේ යෙදෙන අතරම ඉහත බහුකාර්ය නිලධාරීන් බඳවා ගන්නේ නම් අලි ගම්වැදීම වැළැක්වීම සඳහා දිවා රාත්‍රී සෝදිසි මෙහෙයුම්ද සිදු කළ හැකි බව බව මන්ත්‍රීවරු සඳහන් කළහ.

එසේම, පෞද්ගලික ඉඩම් ඇතුළු ස්ථානවල වගාකර ඇති පයිනස් දැව කැපීමට ඇති බාධා පිළිබඳවද මන්ත්‍රීවරු ඇමැතිවරියගේ අවධානයට යොමු කළහ. පෞද්ගලික ඉඩම්වල පයිනස් දැව කැපීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අවධානය යොමුකරන බව ඇමැතිවරිය මෙහිදී සඳහන් කළාය.

රනිල් ධර්මසේන

]]>
https://divaina.lk/%e0%b6%b6%e0%b7%84%e0%b7%94%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b6%b3%e0%b7%80%e0%b7%8f/feed/ 0
දඩයක්කරුවන්ට පවිත්‍රා තොණ්ඩු දායි https://divaina.lk/%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%ad%e0%b7%9c/ https://divaina.lk/%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%ad%e0%b7%9c/#respond Sat, 02 Sep 2023 23:52:00 +0000 https://divaina.lk/?p=166578 කැලෑ ගිනි තබන්නන්ට හා සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට වනජීවී හා වන සම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර ඇත.

ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇය පවසයි.

එසේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දිස්ත්‍රික් මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ග්‍රාමීය මට්ටමින් පිහිටුවා ඇති සිවිල් ආරක්‍ෂක කමිටුවල සහාය ලබා ගනිමින් වනාන්තර ආරක්‍ෂා කිරීමට හා ඒවාට හානි කරන්නන් පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීමට සහාය ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

එසේම අලි වැට ඉදිකර නොමැති ප්‍රදේශවලට එය ඉදිකිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරිය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

2023 වසරේ අගෝස්තු මස 21 වැනිදා වන විට අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලි මරණ 55 ක්ද, මිනිස් මරණ 17 ක්ද සිදුව ඇති බව වාර්තා වේ.

වන අලි නිසා මෙම වසරේ අගෝස්තු මස 20 වැනිදා වන විට දේපොළ හානි 47 ක් සිදුව ඇත. 2022 වසරේදී එම හානි සංඛ්‍යාව 493 කි.

2023 වසරේ මේ දක්වා වන්දි ගෙවීම් වෙනුවෙන් රුපියල් තුන්කෝටි හැත්තෑ තුන්ලක්‍ෂ පනස්හයදහසක මුදලක් (රු.37,356,016) වෙන්කර තිබුණි.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%af%e0%b6%a9%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%80%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%ad%e0%b7%9c/feed/ 0
වනජීවී පුරප්පාඩු 706ක් පුරවන්න තවම කැබිනට් අනුමැතිය නෑ – පවිත්‍රා කියයි https://divaina.lk/%e0%b7%80%e0%b6%b1%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b7%94-706%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%80/ https://divaina.lk/%e0%b7%80%e0%b6%b1%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b7%94-706%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%80/#respond Sat, 26 Aug 2023 23:52:00 +0000 https://divaina.lk/?p=165134 වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 738 ක් ඇතත් ඒවායින් පිරවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ 32 ක් පමණකැයි වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව අඩවි ආරක්‍ෂක තනතුරු 20 ක් සහ වන සත්ත්ව නියාමක තනතුරු 12 ක් සීමිත බඳවා ගැනීමේ පදනම මත බඳවාගැනීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

දැනට වන සත්ත්ව අඩවි ආරක්‍ෂක තනතුරු 164 ක්, වන සත්ත්ව අඩවි සහකාර තනතුරු 123 ක් සහ වන සත්ත්ව නියාමක තනතුරු 451 ක් පුරප්පාඩුව පවතින බවද ඇමැතිවරිය කීවාය. මේ අතර 2022 වසරේදී වනජීවී දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් කෝටි 186 ඉක්මවා ඇතැයිද (රුපියල් මිලියන 1,864) 2023 වසරේ ජුනි මාසය වන විට එම සත්වෝiානවලින් ලැබී ඇති ආදායම රුපියල් කෝටි 161 ක් ඉක්මවා ඇතැයිද (රුපියල් මිලියන 1,612) අමාත්‍යවරිය සඳහන් කළාය. 2023 වසරේ ජූලි 31 වැනිදා වන විට වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ඇති සත්වෝiාන වෙත දේශීය සංචාරකයන් 1,197,254 දෙනකුද විදේශ සංචාරකයන් 71,344 දෙනකු පැමිණ ඇතැයිද පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b6%b1%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b7%94-706%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%80/feed/ 0
නියඟය තිබුණත් වනෝද්‍යාන ජලාශවලට දිගටම වතුර – පවිත්‍රා https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%9f%e0%b6%ba-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%9d%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%9f%e0%b6%ba-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%9d%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1/#respond Sat, 12 Aug 2023 23:50:00 +0000 https://divaina.lk/?p=162322 පවතින නියඟය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල නිර්මාණය කර ඇති ජලාශ සිඳීයෑම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ජල සැපයුම අඛණ්ඩව සිදු කරන බව වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව යටතේ ඇති යාල ඇතුළු වනෝද්‍යානයන්හි ස්වභාවිකව පිහිටා ඇති ජලාශ හැර කෘත්‍රිමව නිර්මාණය කර ඇති ජලාශවලට අවශ්‍ය ජල සැපයුම එම දෙපාර්තමේන්තුව මගින් අඛණ්ඩව ලබාදෙන බවත් ඒ සඳහා බාහිරින් කිසිදු සහයෝගයක් අවශ්‍ය නැතැයිද ඇය පැවසුවාය.

ස්වභාවික ජලාශවලට එලෙස ජලය සැපයුම සිදු නොකරන්නේ ඉන් එම පරිසරයට හානි සිදුවිය හැකි බැවින් යැයිද අමාත්‍යවරිය සඳහන් කරයි. වියළි කලාපය ඇතුළු වනෝද්‍යානවල ජීවත්වන වන සතුන් එම පරිසරයට අනුව හැඩගැසී ඇති නිසා ඔහුන්ගේ වියළි කාලගුණයට ඔරොත්තුදීමේ හැකියාවක්ද පවතින බව සත්ත්ව විද්‍යාඥයන් සඳහන් කර ඇති බව අමාත්‍යවරිය පැවසුවාය. එනිසා එම පරිසරය කෘත්‍රිමව වෙනස් කළ හොත් ඔහුන්ගේ ජීවන රටාවට හානි සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇතැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%9f%e0%b6%ba-%e0%b6%ad%e0%b7%92%e0%b6%b6%e0%b7%94%e0%b6%ab%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%9d%e0%b6%af%e0%b7%8a%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1/feed/ 0
රිළා කරදර ගැන එක පාරට කියන්න බෑ – ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b7%85%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb%e0%b6%af%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b7%85%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb%e0%b6%af%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1/#respond Thu, 10 Aug 2023 23:48:00 +0000 https://divaina.lk/?p=161896 ආහාර භෝග සඳහා හානි කරන වඳුරු, රිළව් ඇතුළු අනෙකුත් සතුන්ගේ ගහනය මේ වනවිට සීග්‍රයෙන් වැඩිවී ඇතත්, එම සත්ත්වයන් සම්බන්ධයෙන් ගනු ලබන විසඳුම් කුමක්දැයි කියා නිසි පිළිතුරක් එකපාරටම ලබාදෙන්න බෑ යැයි වනජීවි හා වන සම්පත් රක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

එම කාරණය පිළිබඳව ජාතික සංවාදයක් අවශ්‍ය බවත්, එම සතුන්ට කුමක් කරන්නේද යන්න වෙනම සාකච්ඡා කළ යුතු බවත් සතුන්ගෙන් ගොවීන් ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමට දිසාපතිවරුන් කටයුතු කළ යුතු බවත් ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) පැවසුවාය.

මෙම සතුන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් හෝ සාර්ථක විසඳුමක් මේ වනතෙක් ලබාදී නැතැයිද කී ඇය, මෙරට රිළව් පිටරට යැවීම පිළිබඳ කිසිම කණ්ඩායමක් සමඟ සිය අමාත්‍යාංශය සාකච්ඡා කර නැති බව ද ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් කිසිදු ඉල්ලීමක් ලැබී නැති බව ද කීවාය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරිය මේ බව සඳහන් කළාය.

අකිත පෙරේරා

]]>
https://divaina.lk/%e0%b6%bb%e0%b7%92%e0%b7%85%e0%b7%8f-%e0%b6%9a%e0%b6%bb%e0%b6%af%e0%b6%bb-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%91%e0%b6%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1/feed/ 0
වනජීවී ගාස්තු සංශෝධනය කාලීන පියවරක් https://divaina.lk/%e0%b7%80%e0%b6%b1%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%9c%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b6%82%e0%b7%81%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f/ https://divaina.lk/%e0%b7%80%e0%b6%b1%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%9c%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b6%82%e0%b7%81%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f/#respond Thu, 08 Jun 2023 23:54:00 +0000 https://divaina.lk/?p=149834 වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ජුනි මස 08 වැනි දින පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව ඇසුරෙනි

අද අපි පසුකරමින් සිටින්නේ රටේ ආර්ථික ප්‍රගමනයට ඒක පුද්ගල දායකත්වය සහ ආයතනික දායකත්වය සැපයීමේ අගය පිළිබඳව බහුල වශයෙන් කතාබහට ලක්කරන එකී දායකත්වය ලබාදීම දිරිගැන්වීමට සෑම දෙනාම පාහේ අවම වශයෙන් ප්‍රකාශිතව හෝ දායකවන කාලවකවානුවක්.

එවන් කාලවකවානුවක වනජීවී සංරක්ෂණ ක්ෂේත්‍රය රටේ ආර්ථික උන්නතිය පිණිස කුමන දායකත්වයක් දරන්නේද යන්නත් එකී දායකත්වය ප්‍රශස්ත මට්ටමකින් ලබාදීම තහවුරු කළහැක්කේ කෙසේද යන්නත් ඒ සඳහා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයත් ඒ යටතේ ක්‍රියාත්මක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් දායක වන්නේ කෙසේද යන්නත් පිළිබඳව ඔබ තමුන්නාන්සේලාවත් මහජනතාවත් දැනුවත් කිරීම මගේ වගකීමක් ලෙස මා දකිනවා.

එම වගකීම අද දින ඉටුකිරීම සඳහා ප්‍රවේශයක් ලබාගැනීම පිණිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිය ක්‍රියාත්මක කිරීම, රක්ෂිත ප්‍රදේශ කළමනාකරණය සහ සංචාරක සේවා සැපයීම යන ප්‍රධාන කාර්යභාරයන් ඉටුකරන බව පළමුවෙන්ම පෙන්වා දීමට මා අදහස් කරනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සංචාරක සේවා සඳහා අයකරන ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රකාශයට පත්කරන ලදුව මෙම සභාව වෙත ඉදිරිපත් කර ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග සඳහා අනුමැතිය අපේක්ෂා කරන්නේ මා විසින් මීට පෙරාතුව සඳහන් කරන ලද වගකීම හා කාර්යභාරය, සාර්ථකවත් ආර්ථිකය වෙත ප්‍රගතිශීලී ලෙසත් ඉටුකිරීම අපේක්ෂාවෙන් බව මා නැවතත් සඳහන් කළ යුතු යැයි මා සිතනවා. මෙම ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය මෙන්ම කාලීන පියවරක් ලෙස දකිමින් මෙම කාර්යයේ ස්වභාවය හා අපේක්ෂාවන් තවදුරටත් ඔබගේ අවධානයට යොමුකිරීම යෝග්‍ය බව මා සිතනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා කීපයක් ජනතාව වෙත සපයනු ලබනවා. ජාතික උද්‍යාන තුළ දිවාකල සංචාරය සඳහා අවස්ථාවන්, කඳවුරු බිම්, සංචාරක නිවාස හා මුහුදු ක්ෂීරපායින් නැරඹීම සඳහා අවස්ථාව ලබාදීම ඒ අතුරින් ප්‍රමුඛ හා ප්‍රචලිත වනවා. මෙම සේවාවන් සැපයීම වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුකූලව ස්වභාවික සම්පත් කළමනාකරණ මූලධර්මයන්ට එකඟව ක්‍රියාත්මක කිරීමට එම ආයතනය අඛණ්ඩව උත්සාහ දරනවා. තවද එකී සංචාරක සේවාවන් ඉහළ ගුණාත්මක තත්ත්වයක් යටතේ පවත්වාගෙන යෑමටත් වැඩිදියුණු කිරීමටත් කටයුතු කරනවා. එමගින් පෙරකී සේවාවන් සපයනු ලබන ස්ථාන එසේ පවත්වාගැනීමට දරා ඇති ආවස්ථික පිරිවැය සඳහා සාධාරණ වටිනාකමක් ලබාදීමට අප උත්සුත වනවා. එමෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සංචාරක සේවා මගින් ආර්ථිකය වෙත අපේක්ෂිත දායකත්වය ඉහළ දැමීම සඳහා එකී සේවාවන්හි ප්‍රමාණාත්මක වර්ධනයක් මෙන්ම ගුණාත්මක වර්ධනයක්ද අවශ්‍ය වනවා. ඒ යටතේ නව උද්‍යාන ප්‍රවේශයන්, කඳවුරු බිම් හා විවිධ ක්‍රියාකාරකම් සංචාරකයන් සඳහා විවෘත කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. තවද මාර්ගගත ක්‍රමවේද යටතේ සංචාරක සේවා සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැනි තාක්ෂණික වැඩිදියුණු කිරීම්ද එකී සේවාවල ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා හඳුන්වා දෙනු ලබමින් සිටිනවා.

එමෙන්ම එකී සේවා විවිධාංගීකරණයකට ලක්කිරීම මගින්ද ආර්ථිකයට ලබාදෙන දායකත්වය වැඩිකිරීමට පැහැදිලි හැකියාවක් පවතිනවා. ඒ යටතේ වෙරළබඩ පාගමන්, ගුහා තරණය, කඳු තරණය වැනි ක්‍රියාකාරකම් හඳුන්වාදීමට ක්‍රියාකරමින් සිටිනවා. එම සියලු ඉලක්කයන් සපුරාගැනීමට එකී සංචාරක සේවා ඇසුරින් මනා සැලසුමකින් යුතු ආයෝජන අත්‍යවශ්‍ය වනවා. ඒ සඳහා ඇති මූල්‍ය හැකියාව වර්ධනය කරගැනීමත් අද දින මෙම ගරු සභාවේ විවාදයට බඳුන් කරන රෙගුලාසි යටතේ ගාස්තු සංශෝධනයට ලක්කරමින් වැඩි ආදායමක් ඉපැයීම මගින් අපේක්ෂා කරනවා.

එකී අරමුණ ඉටුකර ගැනීම සඳහා අද දින විවාදයට බඳුන් කරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග සාදා තිබෙනවා. සංචාරක සේවා සැපයීම වෙනුවෙන් ගාස්තු අයකිරීම සඳහා වන මෙම නියෝග යටතේ සංචාරක සේවා විවිධාංගීකරණයට අවකාශය සලසා තිබෙනවා, කාලවකවානු අනුව වෙනස් වන සංචාරක ආකර්ෂණය කළමනාකරණය කිරීම සඳහා අවාරය, සංචාරක සමය හා සාමාන්‍ය කාලය යනුවෙන් වර්ෂයක් තුළ කාලවකවානු වෙන්කරනු ලැබ තිබෙනවා.

තවද අප වෙසෙන දකුණු ආසියානු කලාපයේ රටවල වැසියන්ට දක්වන විශේෂ අනුග්‍රහයක් ලෙස සාක් රටවල වැසියන්ට අදාළව වෙනම මිල ගණනක්ද නියමකර තිබෙනවා. මෙම කරුණු මාවිසින් ගෙනහැර දක්වන්නේ වනජීවී සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ සංරක්ෂණය සඳහා දායකත්වයක් සපයනු ලබන්නෙකුට මෙන්ම වනජීවී රක්ෂිත නිසා කිසියම් ආකාරයකට ආර්ථික දියුණුවට බාධා පැමිණීමෙන් පීඩාවට පත්වූ අයකුට තම ආර්ථික වර්ධනය සඳහා වනජීවී ක්ෂේත්‍රය තුළින්ම අවස්ථා විවර කරදීම සඳහායි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා සපයනු ලබන කලාපයක් ආසන්නයේ ඒ ආශ්‍රිතව ගොඩනැඟී ස්ථාපිතව ඇති ආර්ථික ක්‍රියාකාරකම් ජාලයට ඔබගේ අවධානය යොමු කරන්නේ නම් එම කලාප ආශ්‍රිතව වනජීවී සම්පත් නිසා ජන ජීවිතයට උදාකර දී ඇති වාසිසහගත තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ඔබට ලැබෙනු ඇති. ඔබ තමුන්නාන්සේලාද දන්නා පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංචාරක සේවා සපයනු ලබන කලාපයන් ආශ්‍රිතව එකී සේවාවන්ට ගැලපිය හැකි විවිධ සැපයුම් හා සේවා සඳහා විවිධ පරිමාණයේ ව්‍යවසහයකයන් රාශියක් බිහිවී තිබෙනවා. සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සැපයීම, ජීප් රථ සේවා සැපයීම වැනි ව්‍යවසහයකත්වයන් ඒ අතුරින් ප්‍රමුඛයි. ඊට අමතරව සංචාරකයන් වෙත තම නිෂ්පාදන අලෙවි කිරීම වැනි අවස්ථාවන් බහුල වශයෙන් ජනතාවට විවෘත වී තිබෙනවා.

පවිත්‍රා වන්නිආරච්චි

]]>
https://divaina.lk/%e0%b7%80%e0%b6%b1%e0%b6%a2%e0%b7%93%e0%b7%80%e0%b7%93-%e0%b6%9c%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94-%e0%b7%83%e0%b6%82%e0%b7%81%e0%b7%9d%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9a%e0%b7%8f/feed/ 0