Women under 23 T20 cricket – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sun, 25 Jun 2023 16:11:01 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Women under 23 T20 cricket – Divaina https://divaina.lk 32 32 අවු. 23න් පහළ කාන්තා දිස්ත්‍රික් ශූරතාවලියේ ජය ගාල්ලට https://divaina.lk/%e0%b6%85%e0%b7%80%e0%b7%94-23%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%85%e0%b7%80%e0%b7%94-23%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/#respond Sun, 25 Jun 2023 23:52:00 +0000 https://divaina.lk/?p=153148 දිස්ත්‍රික්ක 25 කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද අන්තර් දිස්ත්‍රික් කාන්තා වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාලු දිස්ත්‍රික් කණ්ඩායම සමත්විය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගාල්ල කණ්ඩායම හමුවේ ලකුණු 18 කින් පරාජයට පත්වූයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමය.

කාසියේ වාසියත් සමඟම පළමුව පන්දුවට පහර දුන් ගාලු කණ්ඩායම පන්දුවාර 18.2 කදී ලකුණු 92 කට සීමා කිරීමට ගම්පහ පන්දු යවන්නියෝ සමත් වුවත් පන්දු වාර 20 අවසානයේ ගම්පහ පිලේ පිතිකාරිණියන්ට කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 74ක් පමණි.

මෙම අවසන් මහ තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න සහ කාන්තා ක්‍රිකට් අංශ සංවර්ධන සහ මෙහෙයුම් උපදේශක ලුතිනන් කර්නල් මනුජ කාර්යප්පෙරුම සහ කාන්තා ක්‍රිකට් උපදේශිකා සුසන්තිකා ජයසිංහ යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

ලකුණු පුවරුව

ගාලු කණ්ඩායම පන්දු වාර 18.2කදී සියල්ල දැවී 92යි – (නෙතාගි ඉසුරංජලී 30, සුමුදු නිසංසලා 10, හිරුණි හංසිකා 08, සුලේෂා සත්සරණි 07, හසිනි විජේසිංහ 22/2, නිපුනි නවෝද්‍යා 14/2, කවිශ්කා කෂ්මිකා 22/2යි)

ගම්පහ පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ට 74යි – (සඳලි වීරසිංහ 16, නෙත්මි ගුණරත්න 11, නිමේෂා තරුණි 08, කාව්‍යා පෙරේරා නොදැවී 09, ශෂිනි ගිම්හානි 14/3, ලක්ෂි අභිමානි 10/2)

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b7%80%e0%b7%94-23%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%84%e0%b7%85-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a/feed/ 0
අන්තර් දිස්ත්‍රික් කාන්තා අවුරුදු 23න් පහළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය https://divaina.lk/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/#respond Tue, 09 May 2023 23:49:00 +0000 https://divaina.lk/?p=143971 ගාල්ලට අඛණ්ඩව තෙවැනි ජයත්

අන්තර් දිස්ත්‍රික් කාන්තා අවුරුදු 23න් පහළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ගාල්ල කාන්තා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඩයලොග් ආසියාටා අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන මෙම තරගාවලියේ අනෙක් තරග ජය ගැනීමට අනුරාධපුර, මොණරාගල, ගම්පහ, යාපනය, කිලිනොච්චි, රත්නපුර, මන්නාරම සහ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් සමත් විය.

ගාල්ල කණ්ඩායම හා රත්නපුර දිස්ත්‍රික් කාන්තා පිල අතර තරගයේදී ගාල්ල කණ්ඩායම කඩුලු 10 කින් ජය ගෙන තෙවැනි ජයග්‍රහණයට හිමිකම් කීය. රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම ලකුණු 32කට දැවී ගිය අතර ගාල්ල කණ්ඩායම 6 වැනි පන්දුවාරයේදී කිසිවෙක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.

]]>
https://divaina.lk/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad/feed/ 0