World Cup Hockey – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 26 Jan 2023 19:28:07 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg World Cup Hockey – Divaina https://divaina.lk 32 32 ලෝක කුසලාන හොකී අවසන් පූර්ව වටය ඔස්‌ට්‍රේලියාව, බෙල්ජියම, ජර්මනිය සහ නෙදර්ලන්තය සටනේ https://divaina.lk/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%9a%e0%b7%93-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb/ https://divaina.lk/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%9a%e0%b7%93-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb/#respond Thu, 26 Jan 2023 23:46:00 +0000 https://divaina.lk/?p=124706 ඉන්දියාවේ බුබනේශ්වර් නුවර පිහිටි කාලිංගා ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් දැන් ක්‍රියාත්මක 15 වැනි ලෝක කුසලාන පිරිමි හොකී තරගාවලියේ අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට ඔස්‌ට්‍රේලියාව, බෙල්ජියම, ජර්මනිය සහ නෙදර්ලන්තය සමත් විය.

ඒ අනුව ක්‍රියාත්මක කෙරෙන අවසන් පූර්ව වටයේ පළමු තරගය ඔස්‌ට්‍රේලියාව සහ ජර්මනිය අතර ද දෙවන අවසන් පූර්ව තරගය බෙල්ජියම සහ නෙදර්ලන්තය අතර ද අද (27දා) සවස පැවැත්වේ.

රටවල් 16 ක සහභාගිත්වයෙන් ඉකුත් 13 දින ආරම්භ කරන ලද මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් තීරණය කෙරෙන අවසාන මහා තරගය ඉරිදා (29දා) පැවැත්වේ.

මෙවර අර්ධ අවසාන පූර්ව වටයේ දී නවසීලන්තය ගෝල් 02 – 00 කින් පරදා බෙල්ජියම ද දකුණු කොරියාව ගෝල් 05 – 01 කින් පරදා නෙදර්ලන්තය ද එංගලන්තය ගෝල් 06 – 05 කින් පරදා ජර්මනිය ද ස්පාඤ්ඤය ගෝල් 04 – 03 කින් පරදා ඔස්ටේ්‍රලියාව ද ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් විය. ඉන්දියාවේ බුබනේශ්වර් නුවර පිහිටි කාලිංගා ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් තරගාවලිය ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%83%e0%b6%bd%e0%b7%8f%e0%b6%b1-%e0%b7%84%e0%b7%9c%e0%b6%9a%e0%b7%93-%e0%b6%85%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%96%e0%b6%bb/feed/ 0