World Junior Athletics – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 24 Aug 2021 05:40:38 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg World Junior Athletics – Divaina https://divaina.lk 32 32 ලෝක ශුරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාව කෙන්යාවට https://divaina.lk/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%94%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a8-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%93%e2%80%8d%e0%b7%8a-2/ https://divaina.lk/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%94%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a8-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%93%e2%80%8d%e0%b7%8a-2/#respond Mon, 23 Aug 2021 19:58:00 +0000 https://divaina.lk/?p=14505 දින 05 ක් පුරා කෙන්යාවේ නයිරෝබි අගනුවර පිහිටි මෝයි ජාත්‍යන්තර ක‍්‍රීඩා සංකීර්ණ ක‍්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද ලෝක ශුරතා කනිෂ්ඨ වයස අවුරුදු 20 න් පහළ මලල ක‍්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට සත්කාරක කෙන්යාව සමත් විය.

ලෝක ශුරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාව කෙන්යාවට

සමස්ත ශූරතාව දිනා ගැනීම සඳහා පැමිණි ගමනේදී කෙන්යානු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රන් 08 ක් රිදී 01ක් සහ ලෝකඩ 07 ක් ලෙස පදක්කම් 16 ක් දිනා ගැනීමට සමත් වූහ.

පිරිමි මීටර් 800. මීටර් 1500. මීටර් 10000. මීටර් 3000 බාධක මෙන්ම කාන්තා මීටර් 1500. මීටර් 3000. මීටර් 3000 බාධක යන ඉසව්වන් හි රන් පදක්කම් දිනා ගනිමින් මෙවර ශූරතාවයට හිමිකම් කියන්නට කෙන්යානුවන් ට හැකි වූහ.

ලෝක ශුරතා කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාව කෙන්යාවට

රන් 04 ක් සහ රිදී 01ක් හිමි කර ගනිමින් දෙවැනි ස්ථානය තහවුරු කර ගැනීමට ෆින්ලන්තය සමත් වෙන අතර වාරයේ නයිජීරියාවට තෙවන ස්ථානය (රන් 04 සහ ලෝකඩ 03) හිමි විය.

දකුණු ආසියාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට සමත්වූ ඉන්දියාව රිදී පදක්කම් 02 ක් සහ එක් ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට සමත් වෙමින් 21 වැනි ස්ථානය ග‍්‍රීසිය සමඟ සමව බෙදා ගත්හ.

එමෙන්ම ප‍්‍රසාද ලකුණු පුවරුවේ ශූරතාව තහවුරු කර ගැනීමට ද කෙන්යාව (128) සමත්වූ අතර එකී අනුශූරතාව ඉතියෝපියාව (111) ට හිමි විය. තෙවන ස්ථානය ලකුණු 100 ක් ලබා ගත් ජැමෙයිකාව සතු විය.

මෙවර තරගාවලියට සහභාගි වූ රටවල් 116 අතරේ රටවල් 07 ක් සමගින් සම 54 වැනි  ස්ථානය තහවුරු කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකි විය.ඒ සදහා ශ‍්‍රී ලංකාව හිමි කර ගත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 02 කි. මීටර් 400ඥ4 මිශ‍්‍ර සහාය ධාවන අවසන් තරඟයේ දී හිමි කර ගත් 07 වැනි ස්ථානය හේතුවෙන් මෙම ප‍්‍රසාද ලකුණු ශ‍්‍රී ලංකාව සතු විය.

එකදු පදක්කමකට හෝ හිමිකම් නොකී ඉරානය ලබා ගත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 17 කි.

මෙවර තරඟාවලියේදී පදක්කම් දිනා ගැනීමට රටවල් 35 ක් සමත් විය.ඒ අතර රන් පදක්කම් දිනා ගත් රටවල් සංඛ්‍යාව 18 කි.

නව කනිෂ්ඨ ලෝක වාර්තා 06 කින් ස්වයංපෝෂිත වූ මෙවර තරගවලියේදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ප‍්‍රදර්ශනය කරන ලද දක්ෂතා ඉහළ මට්ටමක පැවතීම කැපී පෙනුණි.

කාන්තා මීටර් 200 (තත්:21.84) සහ මීටර් 100ඥ4 (ජැමෙයිකාව – තත්: 42.94) පිරිමි මීටර් 110 කඩුලූ (තත්:12.72), මීටර් 400 කඩුලූ (තත්: 49.38), මිටිය විසිකිරිම (මීටර් 77.83) සහ මීටර් 100ඥ4 (අප‍්‍රිකාව – තත්: 38.51) යන ඉසව් ආශ‍්‍රිතව මෙවර නව කනිෂ්ඨ ලෝක වාර්තා බිහිවුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%81%e0%b7%94%e0%b6%bb%e0%b6%ad%e0%b7%8f-%e0%b6%9a%e0%b6%b1%e0%b7%92%e0%b7%82%e0%b7%8a%e0%b6%a8-%e0%b6%b8%e0%b6%bd%e0%b6%bd-%e0%b6%9a%e0%b7%93%e2%80%8d%e0%b7%8a-2/feed/ 0