X-Press Pearl – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Tue, 29 Aug 2023 19:05:08 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg X-Press Pearl – Divaina https://divaina.lk 32 32 එක්ස්ප්‍රස් පර්ල් අතුරු වන්දිය ගන්න රජය එකඟතාව පළ කරයි https://divaina.lk/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94/ https://divaina.lk/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94/#respond Tue, 29 Aug 2023 23:44:00 +0000 https://divaina.lk/?p=165703 එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු වන්දිය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය සිය එකඟතාව පළකර තිබේ.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම්දීම් නෞකාවේ රක්ෂණ සමාගමට සහ නීතිඥ සමාගමට ලිඛිතව යොමු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය ඉදිරිපත් කර අතුරු වන්දි වාර්තාවලට අනුව මෙම අතුරු වන්දිය ලබා ගැනීමට නියමිතය.

අතුරු වන්දිය ලෙස ඩොලර් ලක්ෂ 890 ක් සහ රුපියල් මිලියන 16 ක් සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය විසින් ඉල්ලා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම අතුරු වන්දි ගෙවීමට නෞකා සමාගමේ රක්ෂණ සමාගම සහ නීතිඥ සමාගම මීට පෙර සිය කැමැත්ත පළකර තිබුණි.

පසුගියදා සිංගප්පූරුවේ පැවැති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළව දෙපාර්ශ්වය මෙම එකඟතාවලට යොමු විය.

සමන් ගමගේ

]]>
https://divaina.lk/%e0%b6%91%e0%b6%9a%e0%b7%8a%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%83%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%8a-%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94/feed/ 0
තව දින 7කට පසු නැවට නඩු බෑ https://divaina.lk/%e0%b6%ad%e0%b7%80-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-7%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b6%a9%e0%b7%94-%e0%b6%b6%e0%b7%91/ https://divaina.lk/%e0%b6%ad%e0%b7%80-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-7%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b6%a9%e0%b7%94-%e0%b6%b6%e0%b7%91/#respond Sat, 13 May 2023 23:51:00 +0000 https://divaina.lk/?p=144864 එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේදී ගිනිගෙන විනාශ වී සිදු වූ පාරිසරික හානියට වන්දි ඉල්ලා පැවරිය යුතු නඩුව ගොනු කිරීමට අද සිට (14 දා) තවත් ඉතිරිව ඇත්තේ හරියට ම දින 07 ක කාලයක් පමණි.

2021 මැයි 20 වැනිදා පටන් නෞකාව ගිනි ගෙන විනාශයට පත් වූ අතර කරන ලද සමීක්‍ෂණවලින් පසු ඩොලර් මිලියන 6.4 ක් වන්දි වශයෙන් අදාළ සිංගප්පූරු රක්‍ෂණ සමාගමෙන් අයකර ගත යුතු බවට මේ පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද කමිටුව මගින් නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාවේ වන්දි නීතියට අනුව වසර 2 ක් තුළ වන්දි නඩුවක් ගොනුකළ යුතුව ඇති නමුත් ශ්‍රී ලංකා රජය මේ දක්වා වන්දි නඩුව ගොනු කර නැතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේදී මෙම නඩුව ගොනු කිරීම වඩාත් ප්‍රතිඵලදායක විය හැකිව තිබූ නමුත්, අදාළ නඩුව සිංගප්පූරුවේ දී ගොනු කිරීමට ගත් තීන්දුව පිළිබඳව දැඩි කනස්සල්ල ප්‍රකාශ කළ අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ සිංගප්පූවේ දී නඩුව ගොනු කරන්නට ඉල්ලා සිටිය ද එය කල්ගොස් ඇති බවට දැන ගන්නට ඇති බවයි. කෙසේ හෝ නඩුව ගොනු කරන්නට තවත් ඇත්තේ දින 7 ක කාලයක් පමණක් බැවින් එය බරපතළ තත්ත්වයක් බව ද ඔහු කීවේය.

ජගත් කණහැරආරච්චි

]]>
https://divaina.lk/%e0%b6%ad%e0%b7%80-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-7%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b4%e0%b7%83%e0%b7%94-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b6%a9%e0%b7%94-%e0%b6%b6%e0%b7%91/feed/ 0
X-press pearl ඩොලර් බිලියන 6.4 ක වන්දිය යටයයිද..? https://divaina.lk/x-press-pearl-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-6-4-%e0%b6%9a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba/ https://divaina.lk/x-press-pearl-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-6-4-%e0%b6%9a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba/#respond Thu, 27 Apr 2023 23:50:00 +0000 https://divaina.lk/?p=141627 X-Press Pearl රසායනික බහාලුම් සහිත නෞකාව 2021.05.19 දින ලංකාවට අයත් මුහුදු තීරයේදී, ගිනි ගැනීමකට ලක් වන අතර එම නැව ගිනිබත් වීමෙන්, සමුද්‍ර පරිසරයට සහ ශ්‍රී ලංකාවට අයත් වෙරළ තීරයට බරපතළ ලෙස හානි සිදුවූ බව දැන් නොදන්නා කෙනෙක් නැති තරම්ය. එම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් කැස්බෑවන් ඇතුළු සමුද්‍ර ජීවීන් විශාල වශයෙන් මියගොස්, වෙරළ තීරයට ගොඩ ගැසූ අතර, දැවී ගිය රසායනික ද්‍රව්‍ය නිසා මුහුදු ජලයට හා සමුද්‍ර ජීවීන්ගේ වාසස්ථාන, කොරල්පර, වෙරළ තීරය පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවිය. කලපුවලට හා මුහුදු ජලයට ද සිදු වූ හානිය මේ යැයි තක්සේරු කිරීමට නොහැකි වුවද, ඒ සඳහා ඩොලර් බිලියන 6.4 වන්දි මුදලක් ලබා ගැනීම සඳහා තක්සේරුවක් ඉදිරිපත් වී තිබේ. නැවක් ගිනිබත් වී සමුද්‍රයට සිදුවූ හානියට අදාළව නඩුව එම සිදුවීමේ සිට වසර දෙකක් ඇතුළත ගොනු කළ යුතු අතර 2023.05.19 වන විට එම වසර දෙක සම්පූර්ණ වේ. රටක් ලෙස සමුද්‍රයට සිදුවූ මෙම අපරාධයට නැව අයත් සමාගමට එරෙහිව වන්දි ඉල්ලා නඩු නොදමන්නේ ඇයි ද යන ප්‍රශ්නය අපට ඇත.

එම නැව අයත් සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකා රජය හිතාමතා පමා කරමින් සිටින අතරම විජයදාස රාජපක්ෂ මහතා විසින් මේ වන විට ඒ සම්බන්ධයෙන් බරපතළ ප්‍රකාශයක් ද සිදුකර ඇත. ඒ රටට හිමිවීමට තිබෙන වන්දි මුදල් ලබා ගෙන ඒම සඳහා වූ, අධිකරණ ක්‍රියාමාර්ගවලට යෑම වැළැක්වීම උදෙසා නැව අයිති සමාගම විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රභල දේශපාලඥයෙකුට ඩොලර් මිලියන 250 ලබාදී ඇති බව ඔහු එම බරපතළ ප්‍රකාශය මගින් කියයි.

එම ප්‍රකාශය අනුව නැව ගිනි ගැනීමෙන් සිදු වූ හානියට අදාළව වන්දි මුදල් ලබා ගැනීම සඳහා වන අධිකරණ ක්‍රියාමාර්ගය ප්‍රමාදවීමට හේතුව අපට වඩාත් පැහැදිලිය. රටේ පරිසර සම්පත විනාශ වී ඇති නමුත් දැනට සිදුවී ඇති විනාශයට අදාළ වන්දි මුදල ගැනීමට රජය මැදිහත් විය යුතු අතර, ඩොලර් මිලියන 250 ලබාගත් දේශපාලඥයා විජයදාස රාජපක්ෂ විසින් හෝ රජය විසින් ජනතාවට හෙළි කළ යුතුය. නමුත් ඇමැතිවරයා විසින් දැන් නම් ප්‍රකාශ කරන පුද්ගලයා අප හරිහැටි දන්නා හඳුනන පුද්ගලයකු නොවේ. එසේම, ඇමැතිවරයා විසින් අනාවරණය කර ඇති එම පුද්ගලයා පමණක් නොව, ඔහු පවසන ගිණුම් අංකය හා බැංකුව යනාදිය සත්‍ය ඒවා නොවන බව මේ ගැන පරීක්ෂණය කරන රහස් පොලිසිය පවසයි.

2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ ආඥා පනතට අනුව, ශ්‍රී ලංකා මුහුදු තීරයට සිදුවන යම් හානියක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට හෝ සමාගම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් රජයට ඇති අතර, එම පනතේ 50 වගන්ති අනුව නීතිපතිවරයාට හෝ නීතිපතිවරයා විසින් බලය පවරන ලද වෙනත් අයෙකුට හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇත.

X-press pearl ඩොලර් බිලියන 6.4 ක වන්දිය යටයයිද..?

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදුවූ මෙම විනාශය සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිංගප්පූරුවට යෑම අනවශ්‍ය මෙන්ම අවාසිදායක කාර්යභාරයක් වන අතර, රජය විසින් එලෙස යෑමට තීරණය කරන්නේ ඇයිද යන්න සැක උපදවන්නකි. මෙම සිද්ධියට අදාළව යම් දේශපාලන පාර්ශ්වයක් විසින් මුදල් යටි මඩි ගසාගෙන, මෙම අධිකරණ ක්‍රියාමාර්ගය නිදැල්ලේ යෑමට ඉඩහැර, රටට හිමිවිය යුතු වන්දි මුදල අහිමි කිරීමට සැරසෙන බවට මේ අනුව අපට සැකයක් ඇත. එම නිසා තවත් බොහොම කෙටි කාලයක් තුළ අදාළ සමාගමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ගය මෙරට තුළ දී ගත යුතු අතර, ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත අදාළ තොරතුරු හා කරුණු රැස් කිරීම් කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා අවශ්‍ය සියලු වාර්තා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, වරාය හා නාවික අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් සැපයිය යුතුය.

එක්සත් ජාතීන්ගේ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ එකඟතාවට අනුව United Nations Convention on the Law of the Sea (UNCLOS) සියලුම රටවල් තම අයිති සාගර කලාප ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටී. ඒ අනුව සිංගප්පූරු රාජ්‍ය සහ මෙම සමුද්‍ර දූෂණයට මුල් වූ සමාගම මෙහි වගකීම භාරගත යුතු අතර, ශ්‍රී ලංකාවේ මුහුදු තීරය හා වෙරළ තීරය එසේ නොමැති නම් සමුද්‍ර පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කළ යුතුය. International Maritime Organization (IMO) Conventions සංවිධානය ජාත්‍යන්තර නාවික කටයුතු සම්බන්ධ විශේෂ සංවිධානයක් වන අතර, ඔවුන් විසින් සමුද්‍ර දූෂණ වැළැක්වීම උදෙසා විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුර මගින් ශ්‍රී ලංකාවට සිදු වූ සමුද්‍ර දූෂණය සම්බන්ධව මෙම ආයතනයෙන් රටක් ලෙස අපට යම්කිසි මැදිහත් වීමක් ලබා ගත හැකි වේ. ඒ සඳහා රජය ඔවුන් දැනුවත් කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් උදව් ඉල්ලා සිටිය යුතුය.

ශ්‍රී ලංකාව ලෙස අප ජාත්‍යන්තර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ එකඟතාව නොහොත් Convention on Biological Diversity (CBD) එකඟ වී ඇති අතර සමුද්‍ර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම උදෙසා සිදුවී ඇති හානිය සම්බන්ධව ක්‍ඊෘ මැදිහත් කරගත හැකිය. X-press pearl නෞකාව ගිනිගැනීම නිසා සමුද්‍ර පරිසරයට සිදු වූ හානිය සම්බන්ධව එම ආයතනය මැදිහත් කර ගනිමින්, යම් වාර්තාවක් ලබාගතහොත් අධිකරණ ක්‍රියාමාර්ග ජයග්‍රහණය කිරීම සඳහා එය ද වාසියක් වනු ඇත.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් X-press pearl ගිනි ගැනීම නිසා ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවූ හානියට යම්කිසි ආකාරයේ සාධාරණයක් ඉටුකර ගැනීමට අපට අවස්ථා ගණනාවක් ඇති අතර, යම් හෙයකින් එය මඟහැරී ගියහොත් එය එසේ සිදු වන්නේ ජාතික හෝ ජාත්‍යන්තර නීතියේ අඩුපාඩුවක් නිසා නොව, මේ සඳහා මැදිහත් වන දේශපාලඥයන් විසින් හා නිලධාරීන් විසින් මෙම සිද්ධිය යට ගසා පෞද්ගලිකව මුදල් ලබාගැනීම වැනි ක්‍රියාවක් හේතුවෙන් ය.

● පරිසරවේදී – රවීන්ද්‍ර කාරියවසම්

]]>
https://divaina.lk/x-press-pearl-%e0%b6%a9%e0%b7%9c%e0%b6%bd%e0%b6%bb%e0%b7%8a-%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-6-4-%e0%b6%9a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba/feed/ 0
නඩු නොදැම්මොත් වන්දියත් ඉවරයි! තව දින 26 යි… https://divaina.lk/%e0%b6%b1%e0%b6%a9%e0%b7%94-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%b1%e0%b6%a9%e0%b7%94-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a/#respond Sat, 22 Apr 2023 23:51:00 +0000 https://divaina.lk/?p=140639 එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පරිසර දූෂණකාරක නිසා සමුද්‍රජීවී සම්පත දූෂණය වෙලා
අනතුරේ වන්දිය ගසාකෑමක්ද?
නඩුව යට ගහන්න ඩොලර් මිලියන 250 අල්ලසක්?

2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණ, මැයි 25 වන දින පුපුරා ගිය හා ජූනි මස 02 වන දින ශ්‍රී ලංකා මුහුදේ නාවික සැතපුම් නවයක් දුරින් ගිලී ගිය X-Press Feeders නම් සිංගප්පූරු සමාගමකට අයත් X-Press Pearl නෞකාව සිදුකළ අනතුර ලෝකයේ විශාලතම රසායනික නෞකා අනතුර වේ. ඉන්සිදුවී ඇති පරිසරය හා සමුද්‍ර හානිය ඉතා ඉහළය. මෙමගින් ශ්‍රී ලංකාවට සිදුවූ හානියට පසුගිය කාලය තුළ විවිධ දේශපාලනඥයින් හා පරිසරවේදීන් විවිධ මත අදහස් පළ කළද තවමත් වන්දි අයකරගැනීමට නිසි ක්‍රමවේදයක් සලසා නොමැති බව පෙනීයයි. මෙම නෞකාවෙන් සිදුවූ පාරිසරික අනතුරට පසුගිය කාලය තුළ විවිධ දේශපාලනඥයින් විසින් ලැබෙන වන්දි මුදල් ගැන මහා ඉහළින් පාරම්බෑවේද මෙරට මුහුණ පා ඇති ආර්ථික ගැටලුවලට මේ හරහා ලැබෙන වන්දි මුදලින් සහනයක් ලබාගත හැකිබවද පෙන්වාදෙමිනි. එහෙත් තවත් දින 26 ක් ඇතුලත නඩු නොදැම්මොත් ඉන් සිදුවූ හානියට වන්දිය ලබාගැනීම අනතුරක බව පරිසරය යුක්ති කේන්ද්‍රය නිවේදනය කර සිටී.

● නඩුව යට ගහන්න ඩොලර් මිලියන 250 අල්ලසක්

ලෝකයේ මෑත කාලීනව සිදුවූ බිහිසුණුම සමුද්‍ර පරිසර විනාශය ලෙස කියැවෙන ශ්‍රී ලංකා සමුද්‍ර කලාපයේ කොළඹට නුදුරින් සිදුවූ එක්ස්ප්්‍ර පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධ සිද්ධියට අදාල නඩුව ගොනු කිරීම වැලැක්වීම, ප්‍රමාද කිරීම හෝ බාධා කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 250 ක අල්ලසක් හුවමාරු වූ බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා හෙළිකරයි. පසුගිය දිනක ජාතික රූපවාහිනියේ සජීවී වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ තමන් මෙම කරුණු හෙළිකරන්නේ පළමු වරට බවද පවසමිනි. නීතිපති දෙපාර්තමේන්තුව හා මීපා ආයතනය අතර දිගින් දිගටම සිදුවූ කඹ ඇදීම හේතුවෙන් ඇතිවී තිබූ තත්ත්වය නිසා තමන්ට අදාල නොවුනත් මෙම නඩු කටයුත්තට මැදිහත්වීමට සිදුවූ බව ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. තමන් විසින් මැදිහත්වෙමින් ඉල්ලූ විශේෂඥ වාර්තාද දිගින් දිගටම ප්‍රමාද වූ බව ඇමැතිවරයා හෙළිකළේ අදාල නැව් සමාගමේ රක්‍ෂණ ආයතනය විසින් මෙම නඩුව වළක්වා ගැනීමට මෙරට යම් පුද්ගලයකුගේ ලන්ඩන් ගිණුමක් වෙත ඩොලර් මිලියන 250 ක මුදලක් අල්ලසක් ලෙස බැර කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය. ඔහු විසින් එම තොරතුරු දැනගත් අවස්ථාවේදීම සිද්ධිය ගැන පොලිස්පතිවරයාට දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා සත්‍යතාවය පිළිබද සර්ව සම්පූර්ණ වාර්තාවක් කැඳවීමට කටයුතු කළ යුතුබවද ඇමැතිවරයා පවසා ඇත.

● අනතුරේ වන්දිය ගසාකෑමක්ද?

X-Press Pearl නෞකා අනතුරේ වන්දිය ගසාකෑමට උවමනා නිසා තමන් අදාළ කමිටුවලට එක්කර නොගන්නා බව නීතිඥ ආචාර්ය ඩෑන් මාලිග ගුණසේකර මහතා පසුගියදා සඳහන් කර ඇත. මෙම නාවුක නීති ක්‍ෂේත්‍රය සම්බන්ධව ආචාර්ය උපාධියක් සහිත මෙරට සිටින එකම පුද්ගලයා ඔහු බවද ඔහු පෙන්වා දෙයි. මෙම නඩුව ලංකාවේ නොමැතිව සිංගප්පූවේ පවරන්න සැලසුම් කරන්නේ නඩුව පරදවා ලංකාවට වන්දි නැති කිරීම සඳහා බවද ඔහු චෝදනා නගන්නේය. මෙම සිද්ධි දාමය පිටිපස නීතිපති දෙපාර්තමේන්තුව සිටින බවත් එම ක්‍රියාවලිය ගිය ආකාරය මුල සිටම සැකසහිත බවද ඔහු පෙන්වා දෙයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි. තවද 2021 වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේ ගිනිබත්ව මුහුදේ ගිළුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වුවමනාවෙන්ම යමකු විසින් කුමන්ත්‍රණ සහගතව ගිල්ලුවේද යන සැකය තමන්ට මෙන්ම නාවික ක්‍ෂේත්‍රයේ අත්දැකීම් ඇති බොහෝ දෙනකු මේ වනවිට මතුව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

● සමුද්‍ර හානිය

එම නෞකාවේ තිබූ බහාලුම් 1486 ක් අතුරින් 81 ක පරිසරයට ඉතා අහිතකර අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය තිබුණු අතර, බහාලුම් 349 ක තිබූ මෙට්‍රික් ටොන් 9700 ක්වූ epoxy resin ද, මෙට්‍රික් ටොන් 6700 ක විවිධ වර්ගවල ප්ලාස්ටික් පබළු හා නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25 ක්, ලිතියම් බැටරි, ඊයම්, මොලිබ්ඩික් අම්ලය ඇතුළුව පරිසරයට හානි කළ හැකි බොහෝ ද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ ගිනි

ගනිමින්, විශේෂයෙන්ම මීගමුව අවට මුහුදු තීරයේත්, ලංකාව වටා කි.මී.750 ක මුහුදු වැඩි ප්‍රදේශයකුත්, ඉන්දියන් සාගරයේ පිහිටා ඇති වෙනත් රාජ්‍යයන්ද මුහුදු හා වෙරළ සම්පත් ද අප්‍රිකාවේ සෝමාලියාව දක්වාද සුමුද්‍ර දූෂණය සිදුකරන ලදී. එමගින් ඇසට දකින්නට ලැබුණු බහාලුම් කිහිපයක් හා සරක්කුව අවට මුහුදු තීරය ප්ලාස්ටික් පබළු වලින් වැසී යන සේ දූෂණය වූවත්, නැව නිසා සිදුවූ මුළු දූෂණයෙන් 90% ට වැඩි ප්‍රමාණයක් මුහුදු ජලයේ සඟවා ගෙන තිබුණි. මෙට්‍රික් ටොන්. 80,000 කට ආසන්න භාණ්ඩ වලින් නැවත එකතුකොට ගෙන ඇත්තේ මෙ.ටොන් 1,762 ක් පමණි.

මේ නිසා 2021 ජූනි 30 වන දින වනවිට කැස්බෑවුන් 417 ක්, තල්මසුන් අටදෙනෙක්, ඩොල්පින් මසුන් 48 දෙනෙක් හා සමුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් මරණයට පත්ව තිබිණි. අවාසනාවකට මෙම මරණයන් පිළිබඳව පැහැදිලි වාර්තාවක් ජනතාවට මේ දක්වා ලබාදීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය කටයුතු කර නොමැත. තවද මෙම ප්ලාස්ටික් හා ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් හා රසායනික ද්‍රව්‍ය ආහාර දාමයන් හරහා මුහුදු ජීවීන්ගේ ශරීරතුළ තැන්පත්වීම හේතුවෙන් සිදුවන සත්ත්ව මරණ පිළිබඳව කිසිදු මරණ පරීක්‍ෂණයක් මේ දක්වා සිදුව නොමැති අතර මේ පර්යේෂණ සඳහා රජය විසින් කිසිදු මුදලක් ලබාදී නොමැත. විද්‍යාඥයන් දහස් ගණනක් ලංකාවේ බිහිවී ඇතත් මේ පිළිබඳව කල පර්යේෂණ වාර්තා ඇත්තේ 2-3 ක් පමණි. තවද ලංකාවේ පර්යේෂණාගාර වලට සිදුකළ නොහැකි පරීක්‍ෂණ සඳහා අවශ්‍ය විද්වත් සහය ලබාගත් බවක්ද දකින්නට නොමැත.

පරිසර යුක්ති කේන්ද්‍රය මෙම ප්ලාස්ටික් පබළුවලට සම්බන්ධවී ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයනයක් IPEN(International Pollutants Elimination Network) ආයතනය හා එක්ව සිදුකරන ලද පර්යේෂණයේ ප්‍රතිඵලයන් X-Prees pearl: A”new kind of oil spill”, වාර්තාව හරහා 2022 පෙබරවාරි මාසයේදී එළිදැක්වූ අතර සතුන්ගේ අන්තරාසර්ග පද්ධතියට හානිකරන විස රසායනිකයක් වන බීස්ෆීනෝල් සහ පිළිකා කාරකයක් වන ඇරොමැටික හයිඩ්‍රොකාබන් විශාල වශයෙන් ප්ලාස්ටික් පබළු හා බැඳී රට වටා වෙරළ තීරය දූෂණය කරන බව පෙන්වා දුනි. අවාසනාවකට මේ වාර්තාව එවකට අධිකරණ ඇමැති ධුරයේ කටයුතු කල අලි සබ්රි මහතා වෙත හා සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය ඇතුළු රජයේ ආයතන වෙත ලබාදුන්නට ඔවුන් විසින් කිසිදු ප්‍රතිචාරයක් ලබානොදුනි. එම පරීක්‍ෂණයේ ප්‍රතිඵලවලින් පෙන්වා දුන් පරිදි මෙම වෙරළ තීරය ප්ලාස්ටික් පබළු ඉවත් කිරීම සඳහා යොදා ගත් පමුණුගම ප්‍රදේශයේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ රුධිරයේ ඇති හානිකර රසායනික ද්‍රව්‍ය පිළිබඳව රජය මැදිහත්ව පරීක්‍ෂණයක් සිදුකළ යුතු වුවත්, අද දක්වාත් එවැනි පරීක්‍ෂණයක් සිදුව නැත.

● නව පර්යේෂනයක්

මේ අතරතුර පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විසින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා ඇතුලු පර්යේෂණ කණ්ඩායම සමඟ එක්ව 2021 ඔක්තෝබර් මස සිට දෙසැම්බර් දක්වා මහඔය මෝය කටේ සිට බෙන්තොට දක්වා වූ ස්ථාන 11 ක්ද, ගිලී ගොස් තිබුණු X-Press Pearl නෞකාව වටාද, ජල සාම්පල සහ ජෛව සාම්පල් ලබාගෙන සිදුකරන ලද පර්යේෂණ වාර්තාව ප්‍රථම වරට එළි දක්වන අතර, එම පර්යේෂණ ප්‍රතිඵලවලට අනුව අවට මුහුදේ ඉතාමත් ඉහළ නයිට්ට්‍රේට් ප්‍රමාණයක් ඇති බව පෙනී ගොස් ඇත. ඊට අමතරව ක්ලෝරෆිල් ප්‍රමාණය ඉතාමත් බහුල බවත්, නැව ආසන්නයේ ක්ලෝරෆිල් ප්‍රමාණය බෙන්තොටට සාපේක්‍ෂව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව පෙනී ගොස් ඇත. ඊට හේතුව නැවේ දූෂණය හේතුවෙන් පිටවූ නයිට්‍රේට් හා පොස්පේට් නිසා වර්ධනය වී ඇති අධික ඇල්ගී ප්‍රමාණය නිසා බව සඳහන් කළ හැකිය. මීට අමතරව ක්‍ෂුද්‍ර ප්ලවාංගවල අධික වර්ධනයක්ද නැව අවට පවතින බව පෙනී ගියේය.

තවද දික්ඕවිට හා සරක්කුව අවට හානිකර ජෛවටොක්සීන් වර්ග දක්නට ලැබුණි. එමෙන්ම නැව අවට ඔයිල් හා ග්‍රීස් විශාල වශයෙන් දක්නට ලැබුණු අතර, ඊයම්, සින්ක්, කොපර් සහ නිකල් යන බැර ලෝහයන් ඉහළ ප්‍රමාණවලින් මෙම ජෛව සාම්පල්වල දක්නට ලැබුණි. එම බැර ලෝහයන් බෙල්ලන්, ඉස්සන්, හාල්මැස්සන් හා හුරුල්ලන්ගේ මිනිස් පරිභෝජනයට අනුමත මට්ටම ඉක්මවා දක්නට ලැබුණු අතර ඉස්සන්ගේ දක්නට ලැබුණු ඊයම් ප්‍රමාණය 4.23මට ට-1 විය. මෙම සාම්පල්වල අන්තරාසර්ග පද්ධතියට හානිකරන රසායනිකයක් වන ට්‍රයිබියුටිලින් රසායනිකය ඉහළ ප්‍රතිශතයකින් දක්නට ලැබුණු අතර, නැව අවට මෙම රසායනිකය ඉතා ඉහළ ප්‍රමාණවලින් දක්නට ලැබිණි. එයට හේතුව ගිලී ගිය නැවෙන් එම රසායනිකය නිකුත්වීම බව ඉතා පැහැදිලිය.

Perna virides (green mussels) තුළ මෙම රසායනිකය ඉතාමත් ඉහළ මට්ටමකින් දක්නට ලැබුණු අතර, එම සතුන්ගේ 68±5.9 ng kg-1 සිට 278±7.1ng kg-1 දක්වා දක්නට ලැබිණි. මුහුදු බෙල්ලන්, ඉස්සන්, හාල්මැස්සන් හා හුරුල්ලන්ගේ මෙම රසායනිකය ඉතා ඉහළ ප්‍රමාණවලින් දක්නට ලැබිණි. මෙම රසායනිකයේ ඉතාමත් සුලු ප්‍රමාණයක් වූවද බෙහෙවින් හානිකරය. මෙම නැව ගිලී යාම නිසා ඇතිවූ පරිසර දූෂණය අවට මුහුදු තීරයේ ජීවත්වන මත්ස්‍යයින් ආහාරයට ගන්නා ධීවර ජනතාවට, ඉතාමත් හානිකර බව පර්යේෂණ වාර්තාව මගින් ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි.

● හානි තක්සේරුව හා වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය

සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය (MEPA) මෙම නැව හේතුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා කමිටුවක් නැව ගිලී යාමත් සමඟ පත්කළ අතර, අධිකරණ අමාත්‍යාංශය ඒ සඳහා කමිටු 05 ක්ද පත්කරන ලදී. අද දක්වා මේ කිසිදු තීරණයක් මහජනතාව වෙත ඉදිරිපත් කොට නැති අතර, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අධිකරණ අමාත්‍යංශය වෙත 2022/11/14 දින ඉදිරිපත් කළ තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව කළ ඉල්ලීමට අනුව 2022/11/21 වන දින එම අමාත්‍යංශය දන්වා එවා ඇත්තේ කිසිදු තොරතුරක් එම අමාත්‍යාංශය සතුව නොමැති බවයි. මේ අතර සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය වෙත 2021/11/14 දින කමිටු වාර්තාව ඉල්ලා යවන ලද ඉල්ලීමට මේ දක්වා පිළිතුරු ලබාදී නොමැත.

මේ අතර 2022/12/19 වන දින ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරන ලද ලිපියට 2023 ජනවාරි මස 16 වන දින පිළිතුරු ලබාදී ඇති අතර, මේ දක්වා අවස්ථා 03 කදී ධීවර රැකියාව තාවකාලිකව අහිමිවූ පුද්ගලයන් සඳහා වන්දි ලබාදීම පිණිස පළමු අදියරේදී ඩොලර් මිලියන 1ක්ද, දෙවන අදියරේදී ඩොලර් මිලියන 1.75 ක්ද, තුන්වන අදියරේදී රුපියල් මිලියන 911 ක්ද ලබාදී ඇති බව දැනගන්නට ලැබී ඇත.

ඔවුන් හා පැවැත්වූ සාකච්ඡාවේදී දැනගත් කරුණු අනුව ධීවරයින්ට සිදුවූ අලාභය වෙනුවෙන් ඩොලර් මිලියන 71 ට ආසන්න ප්‍රමාණයක් ඉල්ලා ඇති බවත්, ලැබී ඇත්තේ රු.මිලියන 1,477 කට එනම් ඩොලර් මිලියන 4.5 කට ආසන්න මුදලක් පමණක් බවත් දැනගන්නට ලැබී ඇත. තවද රටට මෙතරම් ඩොලර් අර්බුදයක් තිබියදී අවසාන අදියරයේ එම වන්දි මුදල රුපියල් වලින් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන ඇති බවද දැනගන්නට ලැබුණි.

මේ අතර 2022 ජනවාරි මාසයෙන් පසුව කිසිම වන්දි මුදලක් ලබාදීමට P&I රක්‍ෂණ සමාගම කටයුතු නොකළ බවත්, ඊට හේතුව මෙම නැව ශ්‍රී ලංකා මුහුදෙන් ඉවත් කරගෙන යාමට ලංකා රජය නිසි පහසුකම් ලබානොදෙන බවට චෝදනා කරමින් බවත් දැනගන්නට ඇත.

● Polluter pays මූලධර්මය හා සිංගප්පූරුවේදී නීතිමය කටයුතු

මෙහිදී වන්දි ලබාදීමේ ප්‍රවේශය වන්නේ දූෂකයා විසින් ගෙවිය යුතුය යන මූලධර්මය යටතේ එනම් Polluter pays principle යටතේ බැවින් දූෂකයාගේ රක්‍ෂණකරු ලෙස, P&I රක්‍ෂණ සමාගමට එලෙස ශ්‍රී ලංකා රජය සමඟ වන්දිය කේවල් කරන්නට ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව ඉඩ දෙන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුකාරීය.

පරිසර හානිය වෙනුවෙන් මේ වනවිට ඉල්ලා ඇති ඩොලර් බිලියන 6.4 ක මුදල X-Press Pearl නෞකාව මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට, වෙරළට හා ජන ජීවිතයට, සංචාරක ව්‍යාපාරයට, ධීවරයන්ට මෙන්ම වායුගෝලයට සිදුකළ හානි වෙනුවෙන් සිදුකළ ඉල්ලීමක් වේ. මෙම වන්දිය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති නීති පද්ධතිය ප්‍රමාණවත් වන බව පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) වෙත ලැබී ඇති නීති උපදෙස් වලින් පෙනී යන අතර, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය (MEPA) හා ශ්‍රී ලංකාවේ විද්වතුන්ද ඉහත මතයම ප්‍රකාශ කළත්, ලංකාවේ නීතිය තුළින් මෙම X-Press Pearl නෞකාව විසින් සිදුකළ හානියට වන්දි ලබාගැනීමට කටයුතු නොකරමින්, මේ වනවිට කැබිනට් මණ්ඩලය හරහා අධිකරණ අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව මෙහි අවිනිශ්චිතභාවයක් ඇතිකරමින් සිංගප්පූරුවේදී නීතිමය කටයුතු සිදුකිරීමේ තීරණයක් ගෙන ඇත. එලෙස සිංගප්පූරුවේ මෙම නඩු කටයුතු කළ යුතු බවට, ශ්‍රී ලංකා රජයට උපදෙස් දෙන ඔස්ට්‍රේලියාවේ නීති සමගම උපදෙස් දී ඇති බවත්, සිංගප්පූරුවේ නීති සමාගමක් මෙ නඩු කටයුත්ත සිදුකිරීමට කටයුතු කරමින් සිටින බවත් දැනගන්නට ඇත. එලෙස සිංගප්පූරුවේ නඩු කටයුතු සිදුකිරීමට කටයුතු කරමින් සිටින බවත් දැනගන්නට ඇත. එලෙස සිංගප්පූරුවේ නඩු කටයුතු කිරීම හිටපු අධිකරණ ඇමැති අලි සබ්රි මහතාත්, වත්මන් අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතාගේත් අනුදැනුමින් සිදුවෙමින් පවතින බවත් දැනගන්නට ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ඔවුන් මේ වන විට ඩොලර් මිලියන 4.5 ක ණයක් ලබාගැනීමටද, කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබී ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) විශ්වාස කරන ආකාරයට මෙම X-Press Pearl නෞකාවේ වන්දිය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිය යටතේ ඇත්තේ වසර 02 ක කාලයක් වන අතර, එම වසර දෙකේ කාලසීමාව මෙම 2023 මැයි මස 19 වන දින අවසන් වන බවත්, ඒ සඳහා තව ඇත්තේ දින 26 ක් පමණක් වන බවත් අවධාරණය කර සිටිමු.

එලෙස ශ්‍රී ලංකා නීතිය තුළ කටයුතු නොකර, මෙම දින වකවානු ඉවත්ව ගියහොත් හෝ ශ්‍රී ලංකාවේ සිදුවූ හානියට සිංගප්පූරුවේ මෙවැනි නඩු කටයුත්තක් සිදුකිරීම නිසා ලංකාවට ලබාගැනීමට ඉඩඇති, ඩොලර් බිලියන 10 කට ආසන්න වන්දි මුදල අයකර ගැනීමේ හැකියාවන් පැහැර හැරියහොත්, එම මුදල් අයකර නොගැනීමේ වරද ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවත්, කැබිනට්ටුවත් දරාගත යුතු වනු ඇත.

රමින්ද ලසන්ත මාවතගේ

]]>
https://divaina.lk/%e0%b6%b1%e0%b6%a9%e0%b7%94-%e0%b6%b1%e0%b7%9c%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%ad%e0%b7%8a/feed/ 0