YES investment plan – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 17 Aug 2023 17:43:57 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg YES investment plan – Divaina https://divaina.lk 32 32 ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් මහජන බැංකුව YES ආයෝජන සැලසුම හඳුන්වා දෙයි https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b6%b1/#respond Thu, 17 Aug 2023 23:49:00 +0000 https://divaina.lk/?p=163311 අගෝස්තු මස 12 වැනි දිනට යෙදුන ජාත්‍යන්තර තරුණ දිනය නිමිත්තෙන් මහජන බැංකුව, ‘හරිත බැංකුකරණය සමඟ ඉදිරියට’ යන තේමාව ඔස්සේ හඳුන්වා දී ඇති YES ඩිජිටල් හරිත ඉතුරුම් ගිණුම තුළින් ප්‍රතිලාභ

රැසක් පිරිනමයි. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී පසුගියදා පැවැත්විණි.

එමෙන්ම මහජන බැංකුවේ YES Executive Premier Plan ආයෝජන සැලසුම හඳුන්වා දීම ද මෙදින සිදුකෙරුණු අතර, එම සැලසුම් ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මාවන් අතපත්තු සහ වත්මන් ටෙස්ට් ක්‍රිකට් උපනායක ධනංජය ද සිල්වා මහත්වරුන් වෙත එම සැලසුම් පිරිනැමීම මෙහිදි සිදුකෙරිණි. මීට අමතරව තිරසර ව්‍යාපෘති සඳහාම සුවිශේෂයෙන් ඉදිරිපත් කෙරෙන මහජන බැංකුවේ Green Power ණය යෝජනා ක්‍රමයද හඳුන්වා දෙන ලදි.

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් මහජන බැංකුව YES ආයෝජන සැලසුම හඳුන්වා දෙයි

වගකිය යුතු මූල්‍ය ආයතනයක් වශයෙන් බැංකුකරණය සහ පාරසරික තිරසරභාවය ඒකාබද්ධ කරමින් මෙම වැඩසටහන දියත් කරන ලද අතර, මේ අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවාව) රොහාන් පතිරගේ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ මහත්මිය ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වුහ.

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%99%e0%b6%b1/feed/ 0