young man in Sri Lanka – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Thu, 12 Jan 2023 18:47:33 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg young man in Sri Lanka – Divaina https://divaina.lk 32 32 ලංකාවේ තරුණයෙක් ඉතාලි කතක් මරාදැමූ කතාව සිනමාවට https://divaina.lk/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89%e0%b6%ad%e0%b7%8f%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b6%ad/ https://divaina.lk/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89%e0%b6%ad%e0%b7%8f%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b6%ad/#respond Thu, 12 Jan 2023 23:52:00 +0000 https://divaina.lk/?p=121740 ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණ නිර්මාණකරුවකු වන එවන් ප්‍රනාන්දු තිර රචනය සිදුකර අධ්‍යක්‍ෂණය කරනු ලැබූ කුළුඳුල් සිනමා නිර්මාණය Signora (මහත්මිය) නුදුරේදීම ඉතාලියේ සිනමාශාලා රැසක තිරගතවීමට නියමිතය.

“ශ්‍රී ලාංකික තැණයකු විසින් ඉතාලි කාන්තාවක් ඝාතනය කෙරේ” (2015) මෙම සිරස්තලය යටතේ මෙරට මෙන්ම ඉතාලියේ මාධ්‍යවල ද පුවතක් වාර්තා වූවා ඔබට මතක ඇති නේද? මෙම සත්‍ය සිදුවීම පාදක කරගෙන Signora සිනමා නිර්මාණය සිදුකර ඇති අතර මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකර ඇත්තේ ඉතාලියේදී ය. මෙම නිර්මාණයට ශ්‍රී ලංකාවෙන් මෙන්ම ඉතාලියෙන් නළු නිළියන්, කාර්මික ශිල්පීන් එකතු වී ඇති අතර ඔවුන් සියල්ලන්ම නවකයන් වේ.

ලංකාවේ තරුණයෙක් ඉතාලි කතක් මරාදැමූ කතාව සිනමාවට

මනුවෙල පෝග්ගි, ඉරන්ද වාස්, අස්මා ප්‍රසන්තිකා, ඇග්ටෝනියා මෙලින්දි, එවරෙස්ටා රියෙන්සි, සලුනි විශාරා, මිචෙලා චෙප්පෙයිලි, පුෂ්පරාජා මනිවානන්, චතුරංග ප්‍රනාන්දු රංගනයෙන් ද සුදේශ් නිලුක්ෂාන් සංගීතයෙන් ද ප්‍රැන්සෙස්කෝ ලෝරි සංස්කරණයෙන් ද කෆාස් ප්‍රනාන්දු හා දිනිති ප්‍රීම්ෂාන් සහය අධ්‍යක්‍ෂණයෙන් ද දෙබස් පරිවර්තනයෙන් අනල් පෙරේරා හා රමේෂි ප්‍රනාන්දු ද නර්තන නිර්මාණයෙන් ජේසන් රාජ් ද ගී පද රචනයෙන් එවන් ප්‍රනාන්දු ද, ගායනයෙන් ඇලිස්සියා ඩොන්ඩ්, සුදේශ් නිලුක්ෂාන් හා අස්මා ප්‍රශාන්තිකා ද Signora සිනමා නිර්මාණයට දායක වී ඇත.

එලීනා බෙට්නි, රෙන්සෝ, සරත්, නිල්මිණි, ශිරාන්, ප්‍රිස්ටි, ඩැනියෙලා සනොට්ටි, ඉසුරු සිල්වා, අනුරුද්ධිකා, ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, ටෙරාන් ප්‍රනාන්දු, දුලාජ් ප්‍රනාන්දු හා නිලංක මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා අධ්‍යක්‍ෂ එවන්ට විශාල දායකත්වයක් ලබාදී තිබේ.

]]>
https://divaina.lk/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89%e0%b6%ad%e0%b7%8f%e0%b6%bd%e0%b7%92-%e0%b6%9a%e0%b6%ad/feed/ 0