The Best Management Practices Company Awards 2023 හිදී මහජන බැංකුව ඇගයීමට පාත්‍ර වේ

87

The Best Management Practices Company Awards 2023 සම්මාන උළෙලේදී මහජන බැංකුව, සිය කළමනාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් නැවත වරක් සම්මානයට පාත්‍ර විය.

මේ සම්මාන ප්‍රදානෝත්සවය මෙරට කීර්තිමත් සමාගම් රැසක ජ්‍යෙෂ්ඨ විධායකයින්ගේ සහභාගීත්වයෙන් පසුගියදා කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැති අතර, එහිදී මහජන බැංකුව තම ගනුදෙනුකරුවන් වෙත පිරිනමන සේවාවන්ගේ හා නවෝත්පාදනවල ගුණාත්මක භාවය වැඩි දියුණු කරගැනීම සඳහා යොදා ගන්නා කළමනාකරණ භාවිතයන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ අධිකාරී කාණ්ඩයේ (Government, Semi-Government and Authorities Category) ජයග්‍රාහකයා ලෙස තේරී පත් විය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘මෙම සම්මානය අප ගනුදෙනුකරුවන්ට සුවිශේෂි සේවාවක් පිරිනමන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ කැපවීම පිළිබඳව හොඳම සාක්ෂියක්. එමෙන්ම මෙම ඇගයීම ලබාගැනීමට හේතුවූ අපගේ හොඳම කළමනාකරණ භාවිතයන්ගේ ප්‍රමිතිය අඛණ්ඩව පවත්වා ගැනීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා’ යනුවෙන් පැවසීය.

මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘ The Best Management Practices Company Awards 2023’ සම්මාන උළෙලේ දී මහජන බැංකුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ අධිකාරී කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර වීම ගැන අපි අතිශයින් ආඩම්බර වෙනවා. මෙම සම්මානය තුළින් අපගේ ඉහළ සේවා ප්‍රමිතීන් සහ ගනුදෙනුකරුවන්ට නව්‍යකරණය සමීප කිරීමට දක්වන අඛණ්ඩ කැපවීම පිළිඹිබු වනවා’ යැයි කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment