The Kandos Shop කොළඹ 07 ට

336

දේශීය චොක්ලට් නිෂ්පාදනයේ ජාතික සන්නාමය වන කැන්ඩොස් චොක්ලට් නිෂ්පාදකයන් වන සිලෝන් චොක්ලට් සමාගමේ ‘The Kandos Shop 12 වන අලෙවිසල ඉකුත් 05දාට යෙදුණු සුභ මොහොතින් අංක. 03, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07 යන ලිපිනයේදී විවෘත කරන ලදී. විවෘත කිරීමේ උත්සවයේ පළමු අලෙවි කටයුත්ත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අරවින්ද ද සිල්වා සහ එම මැතිනියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

The Kandos Shop කොළඹ 07 ට


සියලු නවීන පහසුකම් හා සේවාවන්ගෙන් සමන්විත මෙම නව අලෙවිසල පාරිභෝගික ජනතාවට චොක්ලට් රසයේ නැවුම් අත්දැකීම් රාශියක් අත්විඳීමට ද අවස්ථාව සලසා ඇත. නිස්කලංක වටපිටාවක විවේකී සුව අත්විඳිමින් නැවුම් කැන්ඩොස් නිෂ්පාදන රසවිඳීම මෙන්ම Hot Kanvita, Hot Chocolate, ආදී උණුසුම් පානයන් රස බැලීම මෙන්ම චොක්ලට් ආශ්‍රිත තවත් නැවුම් අත්දැකීම් රාශියක් අත්විඳීමේ අවස්ථාව එහිදී උදාකරගත හැක.

The Kandos Shop කොළඹ 07 ට

නොමිලේ වයිෆයි පහසුකම් සහිත විවේකාගාරයකින් ද (Lounge) සමන්විත මෙම අලෙවිසල එම ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් රැකියාවන්හි නිරත රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාලයීය කාර්ය මණ්ඩල, පාසල් දුවා දරුවන්, තාරුණ්‍යයේ සහ සුහද කතාබහ ප්‍රියකරන කැන්ඩොස් පාරිභෝගික ප්‍රජාව වෙත කැන්ඩොස් රසය මෙන්ම චොක්ලට් නිෂ්පාදනයේ සජීවී අත්දැකීම් එසැණින් ලබාදීම පිණිස ආරම්භ කර ඇත.

The Kandos Shop කොළඹ 07 ට

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, අලෙවි අධ්‍යක්‍ෂිකා කරිෂ්මා වෙල්ගම, ප්‍රධාන විධායක නිලධාරී පී. කේ. ඩී. එස්. සමන්ත සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මහත්ම මහත්මීන්, සිලෝන් චොක්ලට් සමාගමේ කළමනාකරුවන්, අලෙවි කාර්ය මණ්ඩලය සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment