The murder පළමු අදියර නිමවෙයි

134

මහේෂ් කරුණාරත්නගේ කුළුඳුල් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන The murder ටෙලිනාට්‍යයේ රූගතකිරීමේ පළමු අදියර පසුගියදා නිමාවිය. රොමේෂ් කුරේගේ නිෂ්පාදනය කරන ෂර්මිලා දිල්හානී තිර රචනාකර තිබෙන මෙම ටෙලිනාට්‍යයේ පිටිසරබද ගමක සිට අගනුවරට පැමිණි තරුණියක් අභිරහස් ලෙස ඝාතනය වීම සහ එම ඝාතකයන් සොයා යන රහස් පරීක්ෂක නිලධාරීන් පිරිසක් දේශපාලකයන්ගේ බලපෑම් මැද ස්වකීය අරමුණ කරා යන ගමනක කතාව නිරූපණය වේ.

The murder පළමු අදියර නිමවෙයි

ශ්‍රියන්ත මෙන්ඩිස් මෙහි ප්‍රබල දේශපාලකයෙකුගේ චරිතය නිරූපණය කරන අතර දුලීකා මාරපන මෙම අභිරහස් ඝාතනය වසන් කිරීමට උත්සාහ දරන දේශපාලකයන්ට එරෙහි ප්‍රතිවිරෝධී චරිතයක් නිරූපණය කරති. අගනුවර අවට සහ බලන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශවල රූගත කිරීම් කළ මෙම ටෙලිනාට්‍යයේ චානුක ප්‍රබුද්ධ, මාෂි චතුරිකා, රිතූ ආකර්ෂා, ටීනා ෂනෙල්, රජිත හිරාන් ඇතුළු තවත් ජනප්‍රිය ශිල්පීන් රැසක් චරිත නිරූපණය කර ඇත. නිරෝෂන් එදිරිමාන්න සහාය අධ්‍යක්ෂණයෙන්ද වසන්ත පුෂ්පකුමාර ඇඳුම් නිර්මාණයෙනන්ද මනුක ගලගෙදර වේෂ නිරූපණයෙන්ද ලක්ෂාන් පෙරේරා කැමරාකරණයෙන්ද එක්වෙන The murder ටෙලිනාට්‍යය සඳහා වික්ටර් කුරේ නිෂ්පාදන කළමනාකරණයෙන් එක්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment