The Voice කිරුළ රමියාට

356

ශ්‍රී ලාංකීය රියැලිටි කලාවේ එකම ජාත්‍යන්තර සන්නාමය වන The Voice හි දෙවැනි අදියරෙහි අවසන් මහා තරගය පසුගිය සෙනසුරාදා (20 වැනිදා) රාත්‍රියේදී අති උත්කර්ෂවත් අන්දමින් දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය වන Stein studios පරිශ්‍රයේදී පැවැත්විණි..

ලංකාවේ විවිධ ප්‍රදේශයන් නියෝජනය කරමින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් අතරින් අවසන් මහා තරඟය සඳහා කෝච් BnSගේ කණ්ඩායමෙන් චින්තක රොෂානුත්, කෝච් සශිකාගේ කණ්ඩායමෙන් ෂෙරෝන් සිල්වාත්, කෝච් කසුන්ගේ කණ්ඩායමෙන් චනුප දේශිතත්, කෝච් උමාරියාගේ කණ්ඩායමෙන් ශෙහාන් රංගන මෙන්ම කෝච් සුපුන්ගේ කණ්ඩායමෙන් රමීෂ සශින්කත් සුදුසුකම් ලැබීය.

ප්‍රේක්ෂක පරමාධිපත්‍යයෙන් ජයග්‍රාහකයා ලෙස තේරී පත්වූයේ අලුත්ගම සිට පැමිණ කෝච් සුපුන්ගේ කණ්ඩායමෙන් හඬ සංග්‍රාමයට පිවිස වෙනස්ම හැඩයක් එයට එක් කළ රමීෂ සශින්ක (රමියා) විසිනි.Comeback stage` හරහා පැමිණි තරගකරුවෙක් අවසාන මහා තරගයෙන් මෙසේ ජයග්‍රහණය කරන ලද්දේ ලෝකයෙන්ම දෙවනි වතාවටය. ජයග්‍රාහි රමියාගේ සම්මුඛ සාකච්ඡාවක් එළැඹෙන දිවයින ඉරිදා සංග්‍රහයේ මීවිත අතිරේකයේ පළවේ.

advertistmentadvertistment
advertistmentadvertistment