The Voice Teen රියැලිටියේ අවසාන ගැටුම මේ ඉරිදා…

175

The Voice Teen ජාත්‍යන්තර වශයෙන් පෙරළිකාරීව තාරුණ්‍යයේ හඬ පෞර්ෂයන් ගණනාවක්ම බිහි කරපු රියැලිටි සන්නාමයකි. “The Voice Teen” Blind
Audition, Battle Round, Knock out, Live Rounds සහ Semi Final ලෙස අදියර 5කින් මාස 05ක් පුරාවට දිගහැරුණු The Voice Teen
Sri Lanka හි අවසාන ගැටුම මෙම සති අන්තයේදී එනම් ජූලි මස 03 වන ඉරිදා රාත්‍රී 7.30 සිට සිරස ටීවී තුළින් සජීවීව විකාශය වීමට නියමිතය..

කවදත් ලාංකීය ප්‍රේක්ෂකයන් හට නව්‍යකරණීය වූ අත්දැකීම් සමීප කරන සිරස ටීවී මෙම සන්නාමය පෙරදැරි කරගෙන The Voice Teen
Sri Lanka වැඩසටහන රූපවාහිනි තිරය මතට මුලින්ම රැගෙන ආවේ 2019 වර්ෂයේදීය. එහිදී ලද සාර්ථකත්වය නිසාම මෙහි දෙවනි දිගහැරුම මේ වසරේ ජනවාරි මාසයේ සිට සිරස ටීවී තුළින් ප්‍රේක්ෂකයන් හට දැක බලා ගැනීමට හැකි විය. ගෙවුණු සතිඅන්තයේදී අති උද්වේගකාරී ස්වරූපයෙන් Voice Teen Sri Lanka Semi
Final වටය පැවති අතර එහිදී සංඛගේ කණ්ඩායමෙන් පැමිණි නවෝද්‍ය පෙරේරාත්, ලහිරුගේ කණ්ඩායමෙන් කටුනේරියේ සිට පැමිණි සසිඳු රවීනුත්, රයිනිගේ කණ්ඩායමෙන් දියතලාවේ සිට පැමිණි රසාල් තේමින්දත්, අභිශේකාගේ කණ්ඩායමෙන් බණ්ඩාරවෙල සිට පැමිණි ප්‍රනිර්ශා ත්‍යාගරාජාත් අවසාන මහා තරගයේදී තරග වදිනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment