Trending වෙන සෙල්ලම් සමඟින් The Voice Sri Lanka යළිත්

114

කවදත් වෙනස් අත්දැකීම් සමීප කරන සිරස TV තුළින් සති අග සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30 ට Voice Sri Lanka හි දෙවැනි අදියරෙහි ආස්වාදය ලාංකීය ප්‍රේක්ෂකයන්ට රසවිඳීමට හැකිවනු ඇත.

”The Voice”ප්‍රසිද්ධ නෙදර්ලන්ත ජාතික වැඩසටහන් නිෂ්පාදකයකු වන ජෝන් ද මෝල්ගේ සංකල්පයකි. ජාත්‍යන්තරය තුළ පෙරළිකාර ගායන තරු රැසක් බිහිකළ ”The Voice” සන්නාමය ආශ්‍රයෙන් සිරස TV, The Voice Sri Lanka සහ The Voice Teens Sri Lanka හඳුන්වා දෙන ලදී. එහි තිබූ නැවුම් හා තරගකාරී බව නිසාම අනෙකුත් සියලු තරගකාරී රියැලිටි වැඩසටහන් අභිබවමින් අතිමහත් ප්‍රේක්ෂකාදරයක් මෙම වැඩසටහන් ද්විත්වය දිනා ගන්නා ලදී.

Trending වෙන සෙල්ලම් සමඟින් The Voice Sri Lanka යළිත්

නව පරපුරේ මෙන්ම පැරණි පරපුරේ ගීත රැසක් මේ අදියර සඳහා ඉදිරිපත් වන තරගකරුවන් විසින් ගායනා කරනු ඇත. ප්‍රවීණ ගායන ශිල්පීන් වන භාතිය සන්තුෂ්” ශෂිකා නිසංසලා” කසුන් කල්හාර සහ උමාරියා සිංහවංශ මෙහි පුහුණුකරුවන් ලෙස කටයුතු කරයි. වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ජනප්‍රිය රංගන ශිල්පී සුමිරාන් ධනංජය ගුණසේකර විසිනි. Blind Auditions, Battles, Knockouts, Super Knockouts, Live Shows, Quarter Finals, Semi Final සහ Final ලෙසින් මාස හයක් පුරාවට වැඩසටහන් 56 ක් The Voice Sri Lanka දෙවැනි අදියරේදී දිගහැරෙනු ඇත. පෙර අදියරයන් සේම මෙම අදියරේදීත් සියලුම වැඩසටහන් දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය වන Stein Studios තුළදී පටිගත කෙරෙන්නේ අසමසම තාක්ෂණයකින් මෙන්ම වෘත්තීමය වශයෙන් දැවැන්ත නිෂ්පාදක කණ්ඩායමකගේ සුසංයෝගයෙනි.

ලාංකීය හඬ ජාත්‍යන්තරය ඉදිරියේ අබිසෙස් ගන්වන රියැලිටි ගමනේ ආශ්චර්ය මඟනොහැර විඳගන්න” ඔබත් සෑම සති අන්තයකම රාත්‍රී 8.30 සිට සිරස ඔඪ නරඹන්න.

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment