ULCERATIVE COLITIS රෝගයට පමණ ඉක්මවා ආහාර හො`ද නෑ

796

ප‍්‍රශ්නය – අල්සරේටිව් කොලයිටිස් හෙවත් ග‍්‍රහණි රෝගය ගැන අප අවස්ථා කීපයකදීම සාකච්ඡා කළා….
 
වෛද්‍ය ඒ.ජේ.ඒ. පුෂ්පකුමාර – මේ රෝගයේදී ආහාරවලින් සිදුවිය හැකි බලපෑම ගැනත් අප සාකච්ඡා කළා. මේ රෝගය පිළිබඳව ලොව පුරා කෙරුණු විද්‍යාත්මක සමීක්ෂණවලින් පෙනී යන පරිදි බටහිර ලෝකයේ ජීවත්වන ජනතාවට සහ ලොව වෙනත් ප‍්‍රදේශවල වෙසෙන බටහිරකරණය වූ ජනතාවට මේ රෝගය වැළඳීමට ඇති හැකියාව වැඩි බව හෙළිවී තිබෙනවා. බටහිර ජනතාවට මේ රෝගය වැළඳීමට ප‍්‍රමුඛ හේතුව වන්නේ ඔවුන්ගේ ආහාර රටාව සහ එදිනෙදා ජීවන රටාවයි. විශේෂයෙන් PRECOKED සහ පෙර සකස් කර ශීතකරණ ලද මාංශමය ආහාර වර්ගත්, පිකල් වර්ගත්, ටින් කළ ආහාරත්, ක්ෂණික ආහාරත් බහුල වශයෙන් අනුභව කිරීමට ඔවුන් පුරුදු වි සිටීම එයට හේතුවක් විය හැකියි. සාමාන්‍ය තත්ත්වයේ අල්සරේටිව් කොලයිටිස් රෝගය සම්බන්ධයෙන් ඇමරිකානු ආයතනයක් මගින් කළ සමීක්ෂණයකදී පහත සඳහන් කරුණු හෙළිවී තිබෙනවා.
 
 1. ෆයිබර් හෙවත් තන්තු සහිත ආහාර පමණ ඉක්මවා අනුභව කිරීම.
 

ෆයිබර් දිරවීම දුෂ්කරයි. පමණ ඉක්මවා ෆයිබර් සහිත ආහාර අනුභව කිරීම සුදුසු නැහැ. පලතුරු, එළවළු, කුරුට්ට සහිත ධාන්‍යවලින් කළ ආහාර සහ රට කජු, කජු, ආමන්ඞ්, හේසල් නට් වැනි ආහාර පමණ ඉක්මවා අනුභව කිරීම සුදුසු නැහැ. ආහාර අමුවෙන් කෑම නුසුදුසුයි. ආහාර පිසූ තරමට දිරවීම ලේසියි. ආහාර නොපිස අනුභව කිරීම නිසා වැනසී ගිය ප‍්‍රාථමික මනුෂ්‍ය වර්ග කිහිපයක් ලොව සිටිනවා.
 
 2. කිරි සහ ග්ලූටන් සහිත ආහාර
 
 ආහාර ජීර්ණ පද්ධතියේ වායු වර්ග ඇතිකර බඩ රිදුම් සහ පාචන තත්ත්වයන් මෙන්ම වෙනත් අජීරණ තත්ත්වයන් ඇති කිරීමට මුල්වන ආහාර වර්ග ලෙස මේවා හඳුනාගෙන තිබෙනවා. සමහරුන්ට ග්ලූටන් ආහාර අසාත්මිකයි. තව සමහරුන්ට කිරි ආහාර අසාත්මිකයි. ග්ලූටන් ආහාර මගින් ප‍්‍රදාහ තත්ත්වයක් ඇතිවෙනවා නම් ඒවා මගහැරීම තමයි වඩාත් සුදුසු. කිරි ආහාර අත්‍යවශ්‍යම බව හිතෙනවා නම් සෝයා කිරි වැනි විකල්පයකට යෑම සුදුසුයි.
 
 3. ආහාර ජීර්ණ පද්ධතියට හානි කරන ආහාර
 
 කුළු බඩු, කැෆේන්, මiසාර වැනි දේවලින් බඩවැල තුළ ප‍්‍රදාහ තත්ත්වයක් ඇතිවෙනවා. ඒ නිසා ඒවායින් බැහැරවීම ඉතා සුදුසුයි.

colities2
advertistmentadvertistment
advertistmentadvertistment