USAID සහ Pizza Hut එක්ව තරුණ වෘත්තිය පුහුණු ලාභින්ට ප්‍රථම කාර්මික පුහුණු මුළුතැන්ගේ විවෘත කරයි

54

ශීඝ්‍රයෙන් වර්ධනයවන ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ නව අවස්ථා තරුණ තරුණියන්ට හිමිකර දෙමින් ශ්‍රී ලංකාව කුලියාපිටිය තාක්ෂණික විද්‍යාලයේදී පසුගිය 14 වනදා සිය ප්‍රථම වෘත්තීය පුහුණු මුළුතැන්ගේ විවෘත කළේය. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමරිකානු එක්සත් ජනපද නියෝජ්‍යායතනය (USAID) මෙම වැඩසටහන සඳහා යහ පරිචයන්ට අනුකූලව විෂයපථය සැකසීමටත්, වෘත්තීය අධීක්ෂකවරුන් සහ තක්සේරුකරුවන් හට අවශ්‍ය පුහුණුව ලබා දීමටත් කටයුතු කරයි.

Yumæ Brands පදනමේ ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක ප්‍රදානයකින් දියත් කෙරෙන මෙම වෘත්තීය පුහුණු මුළුතැන්ගේ වැඩසටහන An Equal Slice for Everyone තේමාව යටතේ ක්‍රියාත්මක වේ. එය, USAID ආයතනයේ තරුණ නිපුණතා සංවර්ධන සහ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියවන YouLead, මෙරට Pizza Hut ජාලයේ හිමිකාරිත්වය දරන Gamma Pizzakraft Lanka සමාගම සහ Sevalanka පදනම එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ පළමු පියවරයි.

Yumæ Brands පදනමේ අරමුදලින් ‘An Equal Slice for Everyone වැඩසටහන දිවයින පුරා පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියට සහ දෙපාර්තමේන්තුවට අයත් තාක්ෂණික අධ්‍යාපන සහ පුහුණු මධ්‍යස්ථාන 28 ක වෘත්තීය පුහුණු මුළුතැන්ගේ නිර්මාණය කිරීමට කටයුතු කෙරේ. මෙම වැඩසටහන යටතේ ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ වෘත්තීය ගමන්මගක් හිමිකර ගැනීම සඳහා මෙවලම් සහ ක්‍රමවේද සම්බන්ධව වාර්ෂිකව තරුණ-තරුණියන් 2,100 ක් පුහුණු කිරීමට කටයුතු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment