Valentine

270

මම අවංක පෙම්වතියක් – පූජනී භාග්‍යා

 වැලන්ටයින් ඬේ එහෙමත් නැත්නම් පෙම්වතුන්ගේ දිනය විශේෂ දිනයක් කියලවත් ඒක ගණන් නොගත යුතු දිනයක් කියලවත් මම කවදාවත් හිතලත් නෑ” ඉදිරියේදී දවසක හිතන්නෙත් නෑ. මොකද තමන්ගෙ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක ඒ දිනය විශේෂයක් කරගෙන සමරන එක ඒ අයගෙ කැමැත්තනෙ. හැබැයි මම කවදාවත් මගේ ආදරේ දවසකට සීමාකරල පුද කරන්න කැමති කෙනෙක් නෙමෙයි. ආදරේ කියන්නෙ ඉතින් ආදරේටනෙ. ඔය අතරෙ මම හැමදාමත් වැලන්ටයින් කෙනෙක් නොහොත් අවංක පෙම්වතියක්” ආදරේ කරන කෙනාට හැමදාමත් එකවගේ ආදරය කරන.



 වෙනම දවසක් ඕන නැහැ – ආලෝකා ධනංජනී

 මම නම් එකහෙළාම කියනවා ආදරේ කරන දෙන්නෙකුට වැලන්ටයින් ඬේ කියලා වෙනම දවසක් වෙන්වෙන්න ඕන නැහැ. මොකද දිනයක් වෙන්වුණා කියලා කිසිම පෙම්වතෙකුට තමන්ගෙ පෙම්වතියට හෝ පෙම්වතියකට තමන්ගෙ පෙම්වතාට හෝ තමන්ගෙ හිතේ තියෙන ආදරේ එකවර දීලා ඉවරකරන්න බැහැනෙ.
 ගතවෙන කාලෙත් එක්ක අපි ආදරේ කරනව වගේම ලබන්න ඕන. ඒ නිසා පෙබරවාරි 14 වැනිදා වගේම අනිත් හැම දවසක්මත් විශේෂ කරගත්තොත් දෙදෙනෙක් අතරෙ ඇතිවෙන ආදර සම්බන්ධකම් බොහොම අර්ථවත් වෙලා මේ ලෝකෙ ආදරෙන් පිරේවි.



 හැම දවසක්ම වැලන්ටයින් ඬේ එකක් කරගන්න – ගයාන් ගුණවර්ධන

 ආදරවන්තයන්ගේ දිනය කියලා දිනයක් වෙන්වීම වැරැුද්දක් විදියට මම දකින්නෙ නෑ. මොකද පෙම්වතෙක් පෙම්වතියක් වුණාම පෙබරවාරි 14 වැනිදා විතරක් ආදරෙන් ගතකරලා අනිත් දවස් 364 තුළ තමන්ගෙ ආදරේ ආදරවන්තියට” ආදරවන්තයාට දෙන්නෙ නැත්නම් ඒ අයගෙ ආදරේ තමන්ට ලැබෙන්නෙ නැත්නම් ඒක හරිම තේරුමක් නැති දෙයක්. ඒ නිසා ගෙවෙන හැම දවසක්ම වැලන්ටයින් ඬේ කරගෙන හැමදාමත් තමන්ගෙ ආදරේ එක විදියට පවත්වාගෙන ගියොත් මේක ආදරෙන් පිරුන ලස්සන ලෝකයක් වේවි.



 හිත් රිදෙන්නත් පුළුවන් – ඉසුරු ලොකුහෙට්ටිආරච්චි


 පෙබරවාරි 14 වැනිදා පෙම්වතුන්ගේ දිනය කියලා වෙන්වෙලා තිබීමෙන් ඒ දිනය කැමති උදවිය නොයෙක් ආකාරයෙන් සැමරීමත් ලොකු වැරැුද්දක් කියලා මම හිතන්නෙ නෑ. නමුත් තමන්ට ආදරේ කරන” තමන් ආදරේ කරන පෙම්වතාට හෝ පෙම්වතියට අවුරුද්දෙ තුන්සිය හැටපස් දවසෙම එකවගේ ආදරේ කරන එක තමයි නිවැරදිම දේ. ඒත් හැමෝම වැලන්ටයින් දිනය සමරද්දී” සමරන්නෙ නැතුව හිටියමත් සමහරුන්ගෙ හිත් රිදෙනවනෙ. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඇතිකරගන්නෙ නැතුව වැලන්ටයින් දිනේ ආදරෙන් සමරලා ඒ ආදරය හැමෝම හැමදාම එකවගේ පවත්වාගෙන යෑම තමයි වැදගත්ම දේ.



 ආදරේ එක දවසකට සීමා කරන්න බෑ – දේශානි නෙහාරා

 ආදරේට ආදරේ කරන්න දන්න අයට ඒ වෙනුවෙන් දිනයක් වෙන්වෙලා තියෙන එක ඇත්තටම හොඳයි. ඒත් ඉතින් අද අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නෙ වැලන්ටයින් ඬේ එකේදී විතරක් තෑගිබෝග දීලා සතුටුවෙලා එකදවසින් ඒ හැමදේම අමතක කරලා පැත්තකට වෙන පෙම්වතුන් පෙම්වතියන්.
 ආදරේ සමරන එක ඇත්තටම ආදරණීයයි. ඒ ආදරණීය බව අපි හැමෝගෙම ජීවිත පුරා හැමදාමත් රඳවාගන්න හැම පෙම්වතෙක්ම පෙම්වතියක්ම කැපවෙන්න ඕනෙ එක හිතින්. දිනයක් වෙන්වුණාට ආදරේ එක දවසකට සීමා කරන්න බෑ. හැමදාමත් වැලන්ටයින් වුණාම තමයි අපේ ජීවිත සුන්දර වෙන්නෙ.

 ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment