අවන්ති කොළඹගේ
සංචාරකයින් භෞතික වෙළඳසැල් තුළ වැඩි වශයෙන් ඩෙබිට් කාඩ් භාවිතා කිරීම කාඩ්පත් මඟින් සිදුකල වියදම් වැඩි වීමට හේතු වී ඇත. දේශීය පාරිභෝගිකයින්ගේ හර වියදම් 45% කින් වර්ධනය වූ අතර දේශසීමා හර වියදම් 30% කින් පමණ වර්ධනය විය.
2023 වසරේ නිවාඩු සමය තුළ, දේශීය කාඩ්පත් හිමියන් සිදුකල වියදම් 35% කට වඩා වැඩිවීම සඳහා සම්බන්ධතා රහිත ගෙවීම් (contactless payment) වල වර්ධනය බලපා ඇත.
2024 අවසාන නිවාඩු සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරක සහ, දේශීය පාරිභෝගික අංශයන්හි Visa debit කාඩ් භාවිතය කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබෙන බව ඩිජිටල් ගෙවීම් පිළිබඳව ගෝලීය ප්‍රමුඛයා වන Visa (NYSE:V), නොබෝදා නිවේදනය කළේය. Visa සමාගමේ Consulting & Analytics (VCA), Visa’s advisory arm, විසින් මෙම කාලය තුළ පාරිභෝගිකයින්ගේ වියදම් රටා පිළිබඳ නිකුත් කළ වාර්තාවකට අනුව මේ පිළිබඳව පෙන්වා දෙයි.
2023 සහ 2024 වසර අවසාන වියදම් විශ්ලේෂණය කිරීමේදී දේශසීමා හරහා භෞතික වෙළඳසැල් තුළ ඩෙබිට් කාඩ් මඟින් සිදුකළ ගනුදෙනුවල 40% ක වැඩිවීමක් දක්නට ලැබේ. එය පසුගිය වසරට වඩා 50% කට ආසන්න වැඩිවීමක් පෙන්නුම් කරයි. පසුගිය වසරට සාපේක්ෂව දේශීය පාරිභෝගිකයින් කාඩ්පත් මගින් සිදුකළ වියදම් 35% කට වඩා වැඩි වීමක් පෙන්නුම් කරනුයේ ඔවුන් online හරහා (55%) සහ භෞතික වෙළෙඳසැල් තුළ (40% ට වඩා වැඩි) වැඩි වශයෙන් debit කාඩ් භාවිතා කිරීම නිසා වේ.මේ පිළිබඳව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Visa දේශීය කළමනාකාරිනී අවන්ති කොළඹගේ මෙනවිය පවසා සිටියේ, “පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් සහ අපගේ වටිනා ජාත්‍යන්තර සංචාරකයින් debit කාඩ් භාවිතා කිරීම කැපීපෙණෙන ඉහළ යෑම පිළිබඳව සතුටු වන බවයි. නිවාඩු සමය සහ සංචාරක අත්දැකීම් බාධාවකින් තොරව අත්විඳීමට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට Visa කාඩ්පත් පහසුවෙන්, සහ ආරක්ෂිතව භාවිතා කිරීමට අවශ්‍ය කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවීම පිළිබඳව ගැන අපි ආඩම්බර වෙමු.