VTA ආධුනිකයන් බඳවා ගැනීම අරඹයි

386

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ”සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයේ ප‍්‍රබලතම විෂයක් ලෙස සැලකෙන වෘත්තීය අධ්‍යාපනය ගොඩනැංවීමේ ක‍්‍රියාවලිය තුළ, එහි වගකීම නිසි ලෙස ඉටුකරන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම වෘත්තීය අධ්‍යාපන ජාලය හිමි රාජ්‍ය ආයතනය වනුයේ ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියයි.

 නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන මෙම ආයතනය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ නිරන්තර හා නිසි අවධානයට ලක්වෙමින්, නව ක‍්‍රමසම්පාදනයන් වෙත යොමුවෙමින් කොවිඞ් වසංගත තත්ත්වයන් යටතේ වුවද වෘත්තීය අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් ඇති නොවන අයුරින් මාර්ගගත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් සාමාන්‍යකරණීය ලෙස සාර්ථකව කටයුතු සිදුකරනු ලබයි.

ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ආයතනික මෙහෙවර පෙරදැරි කරගනිමින් සාර්ථකත්වය කරා ආයතනය ගෙනයන නායකත්වයේ වගකීම සභාපති /ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස එරංග බස්නායක මහතා විසින් මනා ලෙස ඉටු කරනු ලබයි.

ආයතන ක‍්‍රියා පටිපාටි හා ඒවායේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ශ‍්‍රී ලංකා වෘත්තීය අධිකාරිය නව මාවතකට ගෙනයෑමේ හා ප‍්‍රවර්ධනය කිරීමේ පූර්ව සැලසුම් සහිතව උපසභාපතිවරයා ලෙස මහේෂ් ආරියරත්න මහතා කටයුතු කරන අතර අධිකාරියේ නිල බලය සමඟින් සභාපතිතුමා හා උපසභාපතිතුමා හා එක්ව වෘත්තීය අධ්‍යාපනය නිසි පරිදි සමාජ ගත කිරීම හා රටේ දරුවන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ක‍්‍රමවත්ව ලබාදීමේ ක‍්‍රියාන්විතයට අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මැතිනිය ඇතුළු ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සියලූ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය තම වගකීම නොපිරිහෙළා ඉටු කරනු ලබයි.

දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළ තත්ත්ව හඳුනාගනිමින් ඒ සඳහා වෘත්තීය අධ්‍යාපනයෙන් පිරිපුන් පුහුණු ශ‍්‍රමිකයන් බිහිකිරීමේ ආයතනික මෙහෙවර සාක්ෂාත් කරගැනීමේ අරමුණින් යුතුව අඛණ්ඩ 26 වසරක රාජ්‍ය වගකීම ඉටුකරමින් ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 2021 වර්ෂයේ දෙවෙනි අර්ධ වර්ෂය සඳහා ආධුනිකයන් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත.

අ.පො.ස. උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සමත් විශිෂ්ටයන්ට මෙන්ම වෘත්තීය අධ්‍යාපනය තුළින් ජීවිතය දිනන්ට වෙර දරණ විශිෂ්ටයන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය දිස්ත‍්‍රික්ක 24 ක් පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 215 ක් තුළින් වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍ර 18 ක් හරහා ඔබට වෘත්තීය නිපුණයෙක් වීමේ මහඟු අවස්ථාව උදා වී ඇත.

මේ ලද අවස්ථාව තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කරගනිමින් ජීවිතය දිනන්න ඔබටත් අවස්ථාව උදාවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment