WFH සහ සමාජ මාධ්‍ය භාවිත කරන පරිශීලකයින්ට එයාර්ටෙල් වෙතින් නවතම weekly පැකේජ

43

සිය වටිනා පරිශීලකයින්ට සෑමවිටම ඔවුන්ගේ තේරීම අනුව සහ වැඩි වටිනාකමක් සහිත ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල්, ඉගෙනීම් කටයුතු කිරීමට, නිවසේ සිට රාජකාරී (WFH) කිරීමට සහ සමාජ මාධ්‍ය (SM) භාවිත කරන පරිශීලකයින් සඳහා නවතම weekly පැකේජ පරාසයක් හඳුන්වා දී ඇත. එයාර්ටෙල් මෙම නව පැකේජ හඳුන්වාදී ඇත්තේ සිය මාසික පැකේජවලට අමතරව වීම විශේෂත්වයකි. දැනට පවතින අර්බුදය තුළ සිය පරිශීලකයින්ට එයාර්ටෙල් හි සුපිරි 4G ආවරණ ජාලයට අඛණ්ඩ ප්‍රවේශයක් ලබා දීම සහතික කිරීම සඳහා මෙම නව පැකේජ හඳුන්වා දෙන බව එයාර්ටෙල් නිවේදනය කර සිටී.

අන්තර්ජාල ප්‍රවේශය සියලු‍ම ශ්‍රී ලාංකිකයින්ට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති මෙවැනි අවස්ථාවක, සියලුම පරිශීලකයින්ට දැරිය හැකි මිලකට අඛණ්ඩව සුපිරි 4G අත්දැකීමක් ලබා දීම සහතික කිරීම සඳහා එයාර්ටෙල් හි මෙම නව weekly පැකේජ නිර්මාණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment